IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොහා තවමත් ලන්ඩනයේ

යුරෝපයේ විශාලතම සිංහල සහ හින්දු අවුරුදු සැණකෙළිය ලෙසට සැලකෙන ලන්ඩන් නුවර කින්ස්බරි බක්මහ උළෙල 25 වැනි සෙනසුරාදා උදේ10 සිට මධ්‍යම රාත්‍රියේ පවත්වන බව කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියෝ පැවසුහ.

ලන්ඩන් නුවර විශාලතම ගෘහස්ථ රංගපීඨයක් වන හැරෝ ලෙෂර් සෙන්ටර් සහ එයට යාවූ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන කින්ස්බරි බක් මහ උළෙල මෙවරත් සියලුම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික අවුරුදු ක්‍රීඩා සහ චාරිත්‍ර වාරිත්‍ර වර්ණවත් වන බව ද උන්වහන්සේ කියති.

උදේ 10 ට ක්‍රීඩා තරග ආරම්භ වෙයි. ලිස්සන ගස, කොට්ට පොර, බයිසිකල් ධාවන තරග, පොල් ගෑම, කනා මුට්ටි, අලියාට ඇස තැබීම, පොල් අතු විවීම, බනිස් කෑම, විකට ඇඳුම් තරගය, ධාවන තරග ඇතුළු සියලුම සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සඳහා ළමයිනට මෙන්ම වැඩිහිටියන්හට ද සහභාගිවීමේ අවස්තාව ඇති බව සංවිධායකයෝ කියති.

දහවල් 3 සිට සවස 5 දක්වා සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර ඇත.

කින්ස්බරි ශ්‍රී සද්ධතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලේ දරු දැරියන් සමඟ ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුභසාධන පදනමේ නර්තන අංශයේ ශිල්පීන් මෙම සංස්කෘතික සංදර්ශනයට සහභාගි වෙතියි කියති.

නර්තන සහ ගායන අංගයන් පුහුණු කරවීම සඳහා මහාචාර්ය මුදියන්සේ දිසානායක ලන්ඩනයට පැමිණ සිටී. ප්‍රවීන නර්තනාචාර්ය ඒ.පී.අත්තනායක සහ රසිකා අත්තනායක ඔහුට සහාය වෙයි.

ළමා අංශයේ පුහුණුකිරීම් දහම් පාසලේ ගුරුමණ්ඩලයේ සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙයි.

සවස 6 සිට රාත්‍රී 12 දක්වා සංගීත ප්‍රසංගයක් පැවැත්වෙයි.

ශ්‍රී ලාංකික ආහාර පාන සහ සිල්ලර බඩු අලෙවි සල්පිලක් ද සංවිධානය කර ඇත.

දවස පුරාවටම සැණකෙළිය පැවැත්වෙන සියලුම ස්ථානයන්හි මත්පැන් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් බවද බක්මහ සැණකෙළිය සංවිධායකයින් දන්වා ඇත.

මෙවර බක්මහ උළෙල සංවිධානය කිරීම සඳහා ඉමහත් වෙහෙසක් ගෙන කටයුතු කළ සහ අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන බවද පියදස්සී හිමියෝ පැවසුහ.

DSC_6092

 

 



අදහස් (0)

කොහා තවමත් ලන්ඩනයේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2440 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1716 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5067 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3401 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3755 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site