(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද(19 ) සිට වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
ඉහල ජලධාරා ප්‍රදේශ වලට ඇද හැලෙන මහ වැසි හා රාජාංගන ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග එයින් එන දැවැන්ත ජල කද කළාඔය හරහා පැමින වනාතවිල්ලුව ගගේවාඩිය ආසන්නයෙදී මුහුදට වැටිම සිදුවෙයි.
එම ජල කල හේතුවෙන් පුත්තලම සිට වනාතවිල්ලුව හරහා ක්‍රොස්වේ තැලවිලි පාලම මතින් විල්පත්තුව ජාතික වන උද්‍යානය හරහා ගමන් කිරීම සිදුවෙති.
නමුත් ගලා බසිනා දැවැන්ත ජල කද අද වන විට එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවි වනජීවි කාර්යාල භුමිය හා ඒ අසල පිහිටි නාවික හමුදා කදවුර ද මේ වන විට ජලයෙන් යටව ඇති බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරමින් විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගමන් කල සංචාරකයින්, වනජීවි නිළධාරින් හා ආරක්ෂක අංශ සාමාජීකයින්ට එය තාවකාලිකව ජලය ක්‍රමයෙන් බැස යන තුරු ගමනා ගමන කටයුතු නවතා ඇති බව කියයි.
සපත්තු පාලමට උඩින් අඩි 15 කට ආසන්න උසකින් දමා ඇති එල්ලෙන පාලමට ආසන්න වන්නට මේ වන විට ජල කද ගලා යමින් ඇති බව වනජීවි නිළධාරීහු පවසති.
ඒ සමගම කළාඔය පිටාර ගැලිම නිසා එළුවන්කුලිම මාර්ගයෙද ජලය ක්‍රමයෙන් වැඩිවිමක් සිදුව ඇති බව කියයි.
පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි