IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කළුතරදී මහ දවල් මනුෂ්‍ය ඝාතනයක්

(සුමිත් පොතුපිටිය)

කළුතර  බස් නැවතුම්පොල අසලදී අද (18) පස්වරුවේ පිහි පාරවල් තුනක් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙහිදී මියගොස් ඇත්තේ  ජී එච්. තරිදු දර්ෂන නැමති 30 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.

මරණකරු ඝාතනය සිදු කර ඇති තැනැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වන බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය කීය.

දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසු ඝාතනය සිදුකළ තැනැත්තා සඟවාගෙන සිටි උල් පිහියක් රැගෙන පපුව සහ ගෙල ප්‍රදේශයට පිහි පහරවල් තුනක් එල්ල කර ඇතැයි සදහන් වේ.

බරපතළ තුවාල ලබා සිටි ඔහු 1990 සුවසැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ඝාතනය සිදුකළ තැනැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

 



අදහස් (0)

කළුතරදී මහ දවල් මනුෂ්‍ය ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 463 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 845 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 456 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1227 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 696 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3017 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1888 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site