කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජනාශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන යන බව කියන මෘත ශරීර එම්බාම් කිරීමේ ස්ථානයක් ඉවත් කර වෙනත් සුසුදු ස්ථානයකට ගෙය යන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය කළුතර නගර සභාවේ ලේකම්ට දැනුම් දී තිබේ.මෙවැනි ව්‍යාපාර ජන ශුන්‍ය තැන්හි පවත්වාගෙන යා යුතු බවත් අපද්‍රව්‍ය ඉවත් කිරිමේ ක්‍රම අකුරටම පිළීපැදිය යුතු බව රජය කියයි.
සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාට ලැබුණු පැමිණිල්ලක් මධ්‍යඹ පරිසර අධිකාරියේ සභාපතිට යොමු කිරීමෙන් පසු පෙබරවාරි පස් වැනි දා එම ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර මෙම නිර්දේශය ලබා දී ඇත.
මල් ශාලාවේ මෘත ශරීර එම්බාම් කිරීමෙන් පසු ඉවත් කරන ලේ සහ ෆෝමලින් මිශ්‍ර අප ජලය එහි කාමරයක වළක් හාරා ඊට යොමු කර ඇති බවත්, මල්ශාලාව අස ඇති ගොඩනැගිල්ලේ ඇතුළත ෆෝමලීන් වායුව ඉතා අධික ලෙස පැතිරී ඇති බවත් මධ්‍යම පරිසර අධිකරිය කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
ෆෝමලීන් මිශ්‍ර ජලය මුදා හරින ටැංකියෙන් එම අපිරිසිදු ජලය ඒ අසල ළිංවලට මුසුවීමේ ඉඩ කඩ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
ඇතැම් අවස්ථාවල මෘත ශරීර වලින් ඉවත් කරන ලේ සහ ෆෝමලින් මිශ්‍ර අපජලය පොදු කානුවට මුදා හරින බව කියන මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දී ඇත්තේ මල්ශාලාව තුළ ඇති අප ජලය ගලි බවුසර මගින් ඉවත් කර එම වළ වසා දමන ලෙසයි.
මධ්‍ය පරිසර අධිකාරීයේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් විමසීමට කළුතර නගර සභාවේ ලේකම් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළුතර එම්බාම් හල ඉවතට
බෙන්තර මහේෂ් Tuesday, 08 March 2016 09:56 AM
තවත් සමාජයට වින කරන එම්බාම්හල් කීපයක් තියෙනවා කළුතර. හැබැයි මිනිස්සු ඒ එම්බාම්හල් ගෙදර නොයවා හැම ඡන්දේදීම උඩින්ම පාර්ලිමේන්තු යවනවා.(කෞ)
නන්දලාල් ඩී සිල්වා Tuesday, 08 March 2016 11:19 AM
පරිසරය රැක ගැනීම කාගේත් වගකීමක්. මේවා සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුවත් කිරීම අප කාගේත් යුතුකමක්. එවැනි අඩුපාඩු නිවැරදි කිරීම පළාත් පාලන ආයතනවලත්, රජයේත් වැඩක්. (ර)