IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා‘

තම ශරීර සෞඛ්‍ය ගැටළුවක් නොවේයැයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වන සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට ටික වේලාවකට පෙර ‘එසැණ‘ සමග පැවසීය.

අද පස්වරු 1.30ට පමණ සිය මව සහ පියා සමග ඔහු පැලවත්තේ සිය නිවසට පැමිණියේය.

කළු කලිසමක් හා කහ කොටු කමිසයකින් සැරසී සිටි දුමින්ද සිල්වා පැවසුවේ කොළොන්නාව ආසනය භාර ගෙන දේශපාලන වැඩ කරගෙන යන බවයි.

මන්ත්‍රීවරයා මාධ්‍ය සමග සුහදව කතා කළේය.

දුමින්දගේ පියා පැවසුවේ පුතා කියන දේ හැර වෙනත් දෙයක් තමාට කියන්නට නැති බවයි.

දුමින්ද සිල්වා රෝහලෙන් පිටවී යද්දී මාධ්‍ය සමග කතා කළේ නැත.



අදහස් (0)

‘කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා‘

රුවන් Saturday, 27 April 2013 02:17 PM

ඊලග ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනෙන යෝජනාවට මමත් හිතින්ම සහයෝගය දක්වමි... (නු)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 27 April 2013 06:30 PM

ෂා, මරුනේ. අනාගත පරපුරට හොඳ කාලයක් ලැබෙන ලකුණු පෙන්නුම් කරනවා. ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

රාජිත-දෝහා Saturday, 27 April 2013 02:21 PM

මෙහෙම රටක් ගැන හිතේ ඇතිවෙන්නේ දුකක්(නු)

:       0       0

සාමා Sunday, 28 April 2013 09:07 AM

ජය වේවා ! ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ජය වේවා. අද ඉතාම සතුටු දවසක්. නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ ඔබතුමා කෙරෙහි විශ්වාශය තබා ඇති සුවහසක් ජනයාට සේවය කරන්න. අප ඔබ සමගයි ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ඔබතුමාට ජය වේවා.(නදී)

:       0       0

රංජිත් Sunday, 28 April 2013 09:31 AM

බොරුව නිසා අගතියට පත්වන පාර්ශය යායුත්තේ කොහේටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මෙතුජ Sunday, 28 April 2013 09:36 AM

පව් කෙත මේ හෙල මෑර දෙරනෙ යලි නුපදින්නට හෙතු වාසනා වෙවා හෙතු වාසනා......(නදී)

:       0       0

ධනුෂ්ක Saturday, 27 April 2013 02:27 PM

දුමින්දට මතකයි .අපිට අමතකයි තව සති 2 කින් .(නු)

:       0       0

පුෂ්පකුමාර බාලසූරිය. Saturday, 27 April 2013 02:28 PM

කියන්න දෙයක් නැහැ අපි මේ මහා රගමඩලේ නරඹන්නනන් නිසා... (නි)

:       0       0

මදූ Saturday, 27 April 2013 07:13 PM

ආපු අයට අද හොද කෑම එක්ක රු 100 ක් හම්බ වන්න ඇති.(නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 27 April 2013 02:29 PM

‘කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා‘?(නු)

:       0       0

සජිත් Sunday, 28 April 2013 09:51 AM

සමන් වගේ අයත් ලංකාවේ ඉන්න එපැයි (නි)

:       0       0

අජන්ත Saturday, 27 April 2013 02:30 PM

නීතිඥ මහත්තුරු උසාවියට කිව්වා නේද විසබීජ යන නිසා උසාවියට එන්ඩ බැ...කියලා....එතකොට හැබැම ආශ්චර්යයක් නොවැ මේ වෙලා තියෙන්නේ....(නු)

:       0       0

නිමල් Sunday, 28 April 2013 09:52 AM

විධායක මනාප ව්‍යවස්ථාවට ජය වේවා! (නි)

:       0       0

මොහොමඩ් Saturday, 27 April 2013 07:26 PM

හොඳ නාඩගමක් නැටුවේ. මොලය අක්‍රීයයී කිව්වා. දැන් කොහොමද චන්දෙ ඉල්ලන්නේ? රඟපාන්න හොඳ නළුවෙක්. බොලිවුඩ් යවන්න ඕනා.(නදී)

:       0       0

ෂාන් Sunday, 28 April 2013 09:58 AM

ජනාධිපති නීතිඤ වරයෙක් සහ දොස්තරට එලියට යව්ව වෙනවා මේ වැඩෙන්.(නදී)

:       0       0

ගාමිණි Saturday, 27 April 2013 02:38 PM

මොනවා කරන්නද ?(නු)

:       0       0

රවිදු Saturday, 27 April 2013 07:26 PM

අද ම‍ගේ ජීවිතය නව මගකට හැරුනා. මට දෙපාරක් හිතන්න පෙළඹුවා‍‍‍. (නි)

:       0       0

පහීම් Saturday, 27 April 2013 02:39 PM

තමන්ම ගස් බෙඳ ගන්න, ඔලුවට් තමන්ගේ පිස්තිලෙන් ගහ ගන්න, රටේ 40% මොලේ අක්‍රීය කෙනෙක්, මතක නැති කෙනෙක් දේසපාලනය අයේ 'නවත්තපු' තැනින් පටන්ගන්න එක පුදුම වෙන්න ඔනද? (නු)

:       0       0

කොස්වත්ත Saturday, 27 April 2013 02:40 PM

මෙහෙමත් රටකනේ දෙවියනේ අප ඉපදුනේ? (නි)

:       0       0

රත්නායක Saturday, 27 April 2013 07:28 PM

මේ වගේ රටක ඉපදෙන්න අපි කොයිතරම් නම් පව් කරලා ඇද්ද...? (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 27 April 2013 02:40 PM

ප්‍රභාකරන් අපේ සමහර ලොකු ලොක්කන්ට වැඩිය විනයක් තිබුන කෙනෙක්. සමාවෙන්න මම කිව්වේ ඉවසන්න බැරිම තැන. (නි)

:       0       0

BANDULA RATHNAYAKE Saturday, 27 April 2013 07:28 PM

අපේ රටේ නීතිය කොයිතරම් පිරිහිලද කියල මේ සිදුවීමෙන්ම ඔප්පුවෙනවා. (ස)

:       0       0

මොහොමඩ් Saturday, 27 April 2013 02:41 PM

මෙයාලා හරියට ඔලිම්පික් ගිහින් රන් පදක්කමක් ගහල වගේනෙ හසිරෙන්නේ... (ස)

:       0       0

ධර්මසේන Saturday, 27 April 2013 07:29 PM

අවිචාර සමයක් කියන්නේ මේ වගේ කාලයකටද ? (ස)

:       0       0

ගාමිණී Saturday, 27 April 2013 02:41 PM

කෝ හිරුනිකා මොකද සද්දයක් නැත්තේ ? (ස)

:       0       0

ශාන්ත Saturday, 27 April 2013 02:42 PM

පරණ ව්‍යාපාර ඔබතුමා නැවත පටන් අරගෙන ඒවා දියුණු කරන්නම ඕනෑ (නි)

:       0       0

ගුණසේකර Saturday, 27 April 2013 02:43 PM

අපි අපේ දේශපාලකයන් එසේම තියාගෙන අලුත් ජනතාවක් පත් කරගනිමු. මේ ඔක්කොම ගැටලු වලට විසදුම ඒකයි (නි)

:       0       0

අහමඩ් Saturday, 27 April 2013 02:43 PM

ලංකාවේ නීතිය වල්වැදිලා කියලා අපි කියන්නේ මේ නිසා තමයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 28 April 2013 10:24 AM

අනේ මොකද මේ හැමෝම කලබල වෙලා. (නි)

:       0       0

තුෂාර Saturday, 27 April 2013 02:46 PM

මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න පුළුවන්කමක් තියෙනවද?කලකිරෙනවා හැමදේම පිළිබඳව. නංගියෝ, සුදු බබා, ඔන්න ඔයාගේ සුදු අයියා ආවා (නි)

:       0       0

කොස්වත්ත Saturday, 27 April 2013 02:46 PM

දුමින්දගේ මුහුනේ ති‍යෙන ලස්සන නිසා මහජන තාවට විදුලිබිල අමතක වෙලා අනේ මෙහෙමත් වාසනාවක්..(ස)

:       0       0

සුසන්ත Sunday, 28 April 2013 10:29 AM

සල්ලි බලේට ඔක්කොම යටියි.(නදී)

:       0       0

සෑම් Saturday, 27 April 2013 02:46 PM

ලිබියාවේ පෙනුම, කොල්ලුපිටියට එන දවස වැඩි ඈතක නොවෙයි. (නි)

:       0       0

මහිම් Saturday, 27 April 2013 02:49 PM

රටේ හැම නීතියකින්ම හිර කරලා තියෙන්නේ බැරි එකා විතරයි. පුළුවන් එකා කොහොම හරි බේරෙනවා. බැරි එවුන්ට උඩ පැන පැන, එලව එලවා පහර දෙන පොලිසියට වෙන්නේ ඔය වගේ එවුන්ට දෙකට නැමිලා සැලුයුට් ගහන්නයි. ඔන්න අපේ රටේ නීතිය. අනේ හැමෝටම පොදුයි.(නදී)

:       0       0

අනුර Saturday, 27 April 2013 02:51 PM

අප ජාතියට උන විපතක් . මෙහෙම රටක් රවටන්න පුලුවන්ද ? (නදී)

:       0       0

අසන්ත Saturday, 27 April 2013 02:53 PM

අවුරුද්දකට වඩා රෝහල්ගත වෙලා හිටියත් හොදට ඇග හදාගෙන වගේ. මේක අදිකරණයට අපහාසයක් නෙවේද ? අනේ මෙහෙමත් විහිලු.(නදී)

:       0       0

ලීලා Saturday, 27 April 2013 02:55 PM

මෙයාලා හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියලද?(නු)

:       0       0

සමන්ත. Saturday, 27 April 2013 02:55 PM

වෙන කාගෙහරි මොලයක්වත් හයි කරලාද? (නු)

:       0       0

අසංක ජිනදාස Saturday, 27 April 2013 02:57 PM

අපේ රටට උන දෙයක්..!(නු)

:       0       0

රොෂාන් Saturday, 27 April 2013 08:35 PM

ලොව අවාසනාවන්තම ජාතිය , අපි සිංහල ජාතිය (ස)

:       0       0

කුමාරසිරි Sunday, 28 April 2013 10:59 AM

උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෑ (නි)

:       0       0

සමන් ප්‍රදීපා Saturday, 27 April 2013 02:57 PM

කෝ අපේ රටේ නිතිය (නු)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 01 May 2013 07:09 PM

අමතකනම් මොකද කරන්නේ මහත්තයෝ (දී)

:       0       0

රම්‍යා Saturday, 27 April 2013 03:00 PM

ගාමිණී හෙට අනිද්දට හිරුනිකා දුමින්දත් එක්ක එකතු වෙලා දේශපාලනේ කරයි එච්චරයි වෙන්නේ..!(නු)

:       0       0

සමන් Sunday, 28 April 2013 11:01 AM

ඇත්තට ප්‍රභාකරන් රට පාලනය කරානම් හොදයි කියලා හිතෙනවා දැන්.(නදී)

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 11:59 AM

මට නම් අප්පිරියාවයි ඔහුට දැක්කම.. (නි)

:       0       0

අරුණ Saturday, 27 April 2013 03:01 PM

විරාජ් ඔය හරියට හරි ,මටත් කියන්න තියෙන්නේ ඕකමයි.!(නු)

:       0       0

කසුන් Saturday, 27 April 2013 03:02 PM

මෙයාට මොනවත්ම මතක නැහැ කිව්වා නේද? එතකොට නවත්තපු තැන්න් පටන් ගන්නේ කොහොමද?(නු)

:       0       0

දේව් ආනන්ද Saturday, 27 April 2013 08:53 PM

මට නිකම් තේරෙනවා ''රටට මොනවහරි විපතක් වෙන්න යනවා කියල '' (ස)

:       0       0

ඉන්දික Wednesday, 01 May 2013 10:34 AM

අහෝ කොලොන්නාව ! (නි)

:       0       0

සීල Saturday, 27 April 2013 03:03 PM

මෙයාවෙනුවෙන් නීතිඥවරු කිව්ව බොරු ටික..!(නු)

:       0       0

නාමල් Saturday, 27 April 2013 09:04 PM

අනෙකලේ වනේ වාසේ (ස)

:       0       0

සුරංග Sunday, 28 April 2013 11:26 AM

මම ලංකාවේ ආපසු ඉපදීමට ප්‍රාර්ථනා නොකරමි. මම ආපසු ලංකාවේ ප්‍රවෘත්තී නොබලමි. මම ශ්‍රී ලාංකිකයෙක් යැයි ආඩම්බරයෙන් ආපසු කිසිවිටෙක නොකියමි. මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන පසුතැවෙමි (නි)

:       0       0

සමීර Friday, 03 May 2013 08:32 AM

ඊළගට මොනවා වෙයිද ( දී)

:       0       0

නාමල් Sunday, 28 April 2013 11:32 AM

අපේ රටේ ඉන්නේ වැඩිහරියක්ම ඉන්නේ යම්කිසි ජාතියක කට්ටිය නිසා මේ වගේ ඒවා අපේ රටට සාමාන්‍ය දේවල්. (නි)

:       0       0

සනත් Saturday, 27 April 2013 09:20 PM

මේ වගේ රටක ඉපදුන එක මාර දුකකි. (ස)

:       0       0

ලලිත් Sunday, 28 April 2013 11:34 AM

ඔව් ඔව් අනේ එන්න. මේක ශ්‍රී ලංකාවනේ. කාටවත් මොකුත්ම මතක නැහැ. (නි)

:       0       0

කාලිඩ් Saturday, 27 April 2013 03:09 PM

කොළොන්නාවට දෙවි පිහිටයි(නු)

:       0       0

බුද්ධි Saturday, 27 April 2013 03:10 PM

ලක්මෑනියනි සමාවන්න. ලබන ආත්මයේනම් ලංකාවේ ඉපදෙන්න එපා මේවා අහන්න දකින්න,!(නු)

:       0       0

සම්පත් Tuesday, 30 April 2013 09:19 AM

අපිටත් මතක නැහැ. (ස)

:       0       0

ලුම්බිණි Saturday, 27 April 2013 03:17 PM

අපේ රටට කාගේ නම් පිහිටක්ද? (නි)

:       0       0

රජින්ද Saturday, 27 April 2013 03:18 PM

ජය ජය වේවා... ජය ජය වේවා...! උතුම් පුතෙක් සෙවණ ලබා පැලැන්දෙමු විජය ප්‍රභා... සැරදේ.. ජය ජය වේ... (ගහමු මල්ලිලා ඔක්කොම අත් දෙක උස්සලා හොද අත්පුඩියක්... ජය ජය වේ... ජය ජය වේ... (තව හයියෙන්...) (නි)

:       0       0

චන්ද්‍රා ඇමරිකාවේ සිට Saturday, 27 April 2013 09:57 PM

කොලොන්නාවටම යන එක හොදා ......(ස)

:       0       0

නාද් Sunday, 28 April 2013 12:07 PM

අපේ රටේ කරුමයකටද මන්ද ඔය වගේ මිනිස්සු ඉතුරු වෙනවා අහිංසක මිනිස්සු මැරෙනවා.(නදී)

:       0       0

දේව් Sunday, 28 April 2013 08:24 PM

දැන්මම ලේ රත් කරගන්න එපා.තාම එයා ඉන්නේ ඇප පිටනේ.අනික එයා නෙමෙයිලුනෙ වෙඩි තියලා තියෙන්නේ.පරිවාරකයෝ තමයිලු මට මතක විදියට.ඉතින් ඔය අදහස් දාන අයට හිතාගන්න බැරිද අවසානය කුමක්ද කියලා ? (නි)

:       0       0

ගමා Saturday, 27 April 2013 03:22 PM

ඔය එක්කම පෙට්‍රල් මිලත් වෑඩි කළොත් නරකද? (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Saturday, 27 April 2013 03:22 PM

අසනීපයෙන් හිටියත් බොඩිය හොදට හදා ගෙන වගෙයි. (නි)

:       0       0

සිසිර Saturday, 27 April 2013 03:24 PM

ආපහු නැවතුණු තැනින් පටන් ගනීවි එහෙනම්. (නි)

:       0       0

සාලිය Saturday, 27 April 2013 03:25 PM

ඇත්තටම නීතිය අන්ධයිද ඈ? (නි)

:       0       0

අංජන Saturday, 27 April 2013 03:26 PM

මේක තියන කන් වෙන්නේ ඔහොම තමයි.(නදී)

:       0       0

නීල් Saturday, 27 April 2013 03:29 PM

පිරිත් නුල් එහෙමත් බැදලා තියෙන්නේ. ඒවා මැතිරුවේ කටින්ලුද?(නදී)

:       0       0

සුසන්ත. Saturday, 27 April 2013 03:29 PM

දැං මතක නැතිවෙන එක හොදයි නේද?(නු)

:       0       0

සුප්‍රා Saturday, 27 April 2013 03:31 PM

මේ ගයන්නේ මේ යුගය එපා කරවිමේ හංස ගීයද ? (නු)

:       0       0

පාලිත වීරතුංග Saturday, 27 April 2013 10:53 PM

කෝ අර විෂබීජ යනවා කියලා පෙන්නපු තට්ටයය. ඒක නවලෝත තියලද ආවේ. ඔය අපූරුවට කොන්ඩේ තියෙන්නේ.(නදී)

:       0       0

මුරුගන් Saturday, 27 April 2013 03:34 PM

මට දුක මෙතුමා ගැන නොවේ ඇමරිකන් විරෝදියෝ ගැන....(නු)

:       0       0

කුමාර Saturday, 27 April 2013 10:54 PM

මේ ලෝකය මවපු දෙවි දෙවතාවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මින් මතු කිසිම ආත්මෙක මෙවැනි රටක ඉපදිමක් නොලැබෙවා සමාවෙන්න ලක්මැනියනි.(නදී)

:       0       0

ගිල්බර්ට් Sunday, 28 April 2013 12:46 PM

අනේ කාලේ වනේ වාසේ..... (නි)

:       0       0

සරත් Saturday, 27 April 2013 03:35 PM

දොස්තරගේ වාර්තාවේ කියපු විදියට මේක නම් ලොකු හාස්කමක් නැත්නම් ඒ දොස්තර කොන්දොස්තර කෙනෙක්ද දන්නේ නෑ.අපිත් මෙහෙම රටක ඉපදුනනේ වාසනාවට.(නු)

:       0       0

රුවන්. Saturday, 27 April 2013 03:35 PM

මෙයා කොලොන්නාවෙන් චන්දය ඉල්ලුවොත් ඇපත් නැතිවෙයි..! මොකද කොලොන්නාව; බොරෙල්ල; දෙමටගොඩ ඇතුළු ජනතාව භාරතට ගොඩක් ආදරෙයි(නු)

:       0       0

සමන් Sunday, 28 April 2013 12:56 PM

අවාසනාවන්ත අපි කුමක් කරමුද? (නි)

:       0       0

සුප්‍රා Saturday, 27 April 2013 03:35 PM

අපි හරිම අවාසනාවන්ත ජාතියක්. එකම ව්කල්පය වනගත වෙලා බාවන කරන එකයි(නු)

:       0       0

ප්‍රදීපා Saturday, 27 April 2013 03:35 PM

ඔක්කොම නිතිය අහිංසක ජනතාවට. (නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 27 April 2013 03:37 PM

සුභ අනාගතයක්.. ආශ්චර්යය කරා යන ගමනේදී මේවගේ දේවල් වෙනවා..!(නු)

:       0       0

සීල ද සිල්වා Saturday, 27 April 2013 11:04 PM

මේ සිංහල අපේ රටයි , අප මරණා අපේ රටයි . අපෙ හදවත් පෙලෙන රටයි, හැමදාමත් රටම නයයි.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 27 April 2013 03:37 PM

ආනේ සාදූ... සුභ අනාගතයක්..!(නු)

:       0       0

හුමන් Saturday, 27 April 2013 03:41 PM

මයා එනවානේ තව..?(නු)

:       0       0

දමි. Saturday, 27 April 2013 03:41 PM

40%ක් අක්‍රීයයි කිව්වේ බොරැවටද? මොලේ සෛල වැඩකරනවාද ආයෙත්.. අපි නම් අහලා තියෙන්නේ නියුරෝන සෛල විනාශ උනාම නැවත හදන්න බැහැ කියලායි.. මෙයාට මොනවා හරි කරලා එහෙනම් හදලා ඇති නේද?(නු)

:       0       0

දයානන්ද Saturday, 27 April 2013 03:41 PM

මතක නැති කෙනෙක්ට මිනිසුන් ඡන්දය දෙයිද?(නු)

:       0       0

දසනායක Saturday, 27 April 2013 03:41 PM

කොලොන්නාවේ ජනතාවට මෙයාව මතක නැද්ද දන්නෙ නැහැ..!(නු)

:       0       0

මනෝජ් Saturday, 27 April 2013 03:46 PM

එතකොට මේ වෛද්‍යවාර්තා බොරැ ඒවාද? නැත්නම් නීතිඥමහත්තුරු බොරැ කියනවාද?(නු)

:       0       0

උදාර Saturday, 27 April 2013 03:47 PM

හිරුනිකා - මම දිණුවා දුමින්ද - මමත් දිණුවා. සියල්ලෝම සතුටින් විසිර ගිගේය .(නු)

:       0       0

ගයාන් Saturday, 27 April 2013 11:48 PM

ශ්‍රී ලාංකිකයනි , කවදාවත් තමාගේ රටටවත් ජාතියටවත් දොස් නගාගන්න එපා. අද වෙනකොට මගේ රටේ කිසිම දේශපාලකයෙක් තමන්ගේ රට ගැන හිතන්නේ නැහැ .මේක කවදාවත් මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ . අද දවස වනවිට මම මගේ රටේ තියෙන දේශපාලනයට වෛර කරනවා. ජනතාව මුලා කරන සියලුම දෙනාට කවදා හරි දවසක මිනිස්සු ඉදිරියේ මැරෙන්න වෙන්නේ මේවට වන්දි ගෙවලා. මගේ ලංකා මාතාවට තෙරුවන් සරණයි. (නි)

:       0       0

එරංග Tuesday, 30 April 2013 10:10 PM

මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු. මෙම දේශපාලන අධිකාරිය වනසන්න අධිෂ්ඨාන පූජාව තමයි හොඳ. (නි)

:       0       0

දේවා Saturday, 27 April 2013 03:49 PM

මේ ගැන රටෙන් පිට විශාරදයන් මොනවාද කියන්නේ..?(නු)

:       0       0

මහින්ද ඩුබායි Saturday, 27 April 2013 03:49 PM

මේක මාර මැජික් රටක් නේ .....ජය වේවා .!(නු)

:       0       0

සමිත් Saturday, 27 April 2013 03:50 PM

කොළොන්නාවට යළි අපල කාලයක්ද?(නු)

:       0       0

ලලිත් Sunday, 28 April 2013 12:00 AM

ලංකාවේ දේශපාලඥයින්ට දඩුවම් කරන යෝජනාවක් යූ.එන්. එකෙන් ගෙනාවොත් මුලින්ම අත උස්සන්නෙ මම. (නි)

:       0       0

එසල. Saturday, 27 April 2013 03:50 PM

බුදු සරණයි දෙවි පිහිටයි ශ්‍රී ලංකා.(නු)

:       0       0

රොනි Sunday, 28 April 2013 12:14 AM

දැන් දැන් කුඩු වල අඩුපාඩුවක් නැතිවේවි (නදී)

:       0       0

කසුන් Monday, 29 April 2013 03:26 PM

ඔබට මතක නැහැ, මට අමතක නැහැ... (ස)

:       0       0

ජයරත්න Saturday, 27 April 2013 03:53 PM

මෙච්චර කලක් උසාවිය රවටා ඇත. ඒ ගැනත් සොයා බැලීමට කොමිසමක් පත් කල යුතුයි.(නදී)

:       0       0

ජනක Sunday, 28 April 2013 01:58 PM

මතක නැති මනුස්සයා කොහොමද දේශපාලනය කරන්නේ (දී)

:       0       0

රෝහන Saturday, 27 April 2013 03:53 PM

ඊයේ දිනයේ හාස්කමකින් සුවය ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දිර්ඝායුෂ පතමු.(නදී)

:       0       0

උදය Sunday, 28 April 2013 02:07 PM

අහවල් නිෂ්පාදනය ගොඩක් ලාබ වෙයි මම හිතන්නේ (නි)

:       0       0

සෑම් Saturday, 27 April 2013 03:55 PM

අනේ අවාසනාවක මහත අපේ රටට මේ මොකද වෙන්නේ.(නදී)

:       0       0

සනත් Saturday, 27 April 2013 03:55 PM

මොනව අමතක උනත් බොඩි බිල්ඩින් පාර නම් අමතක කරල නෑ වගේ.(නදී)

:       0       0

සම්පත් Sunday, 28 April 2013 01:09 AM

අපි ජාත්‍යන්තරවත් විදවනවානේ. ඒ මදෑ... (නි)

:       0       0

සම්පත් Sunday, 28 April 2013 01:18 AM

එතකොට භාරත මරල තියෙන්නේ අපිද? කව්ද ?(නදී)

:       0       0

පාලිත Saturday, 27 April 2013 04:02 PM

සරත් ෆොන්සේකාත් ඔය වාගෙම් හිරගෙදර ඉන්නකොට මාර ලෙඩ. දැන් ඉසෙන් බසින රෝගයක් නැහැ. අනේ වාසනාවන්. ආරෝග්‍ය පරමා ලාබා. මෙයාව උඩ් දාන්නෙත් මිනිස්සුනේ.(නදී)

:       0       0

ඩිරාම් Saturday, 27 April 2013 04:05 PM

ජිනීවා සාධාරනද?, අසාධාරනද?. මොහොතක් සිතන්න සිහි බුද්ධියෙන්.(නදී)

:       0       0

චින්කත Saturday, 27 April 2013 04:05 PM

මොකද්ද ඔච්චර දුක්වෙන්න උන අපරාදේ? එක ජාතියේ දෙන්නෙක් වෙඩි තියා ගෙන එකෙක් මලා අනෙකා තුවාල ලබා බේරුනා. දුමින්ද මැරිලා භාරත ඉතුරු උනා නම් භාරතට මිනීමරුවා කියල බනි. අපි කැමති නැති උනාට කොහොමත් භාරත ට වඩා දුමින්ද ජනප්‍රියයි. (නදී)

:       0       0

රොහාන් Sunday, 28 April 2013 01:37 AM

හැමෝටම ජයවේවා! සිංහල අපිව නැතිවේවා! (නි)

:       0       0

සමන් Friday, 03 May 2013 11:40 AM

දැන් පරණ දේවල් මතක් වෙලාද ? (දී)

:       0       0

අබ්ඩුල්ලා Sunday, 28 April 2013 01:42 AM

ශරියා නිතිය ජය වෙවා!(නදී)

:       0       0

දෙව්මිණි Sunday, 28 April 2013 03:27 PM

අපිටද වැරදුනේ, මෙයාටද වැරදුනේ කියලා හිතෙනවා. (නි)

:       0       0

දිසානායක Saturday, 27 April 2013 04:14 PM

කොලොන්නාවෙන් ඇරඹන්න ලේසියි. ඇයි වැඩි හරියක් ඉන්නේ අමනුස්සයොනේ.(නදී)

:       0       0

චතූ Sunday, 28 April 2013 02:04 AM

රටේ නිතිය කාටත් පොදුයි. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕනෑ. බොරුවට පැවැත්මක් නැහැ. (නි)

:       0       0

අතුල Sunday, 28 April 2013 02:09 AM

කොළොන්නාවේ ජනතාවට ජයවේවා! අප සැමට තුනුරුවන් සරණ මිස වෙන සරණක් නැත . (නි)

:       0       0

මනෝජ් Saturday, 27 April 2013 04:25 PM

නීතිය ලොකු පොඩි කාටත් පොදුයි කියපු එක දැන් තේරෙනවා (නි)

:       0       0

ප්‍රභා Sunday, 28 April 2013 02:31 AM

සමන්ගේ කතාවෙන් බොහෝ දේ තේරෙනවා (නි)

:       0       0

මනෝජ් Saturday, 27 April 2013 04:27 PM

මේ වගේ රටක් ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති (නි)

:       0       0

දමිත Saturday, 27 April 2013 01:46 PM

ප්‍රභාකරන් කිව්වනේ සිංහල ජාතියට යම් සිදුවීමක් මතක තියෙන්නේ සතියයි කියලා..!(නු)

:       0       0

විරාජ් Saturday, 27 April 2013 01:47 PM

අපි හරිම අවාසනාවන්ත ජාතියක්.....(ස)

:       0       0

දිනේෂ් Saturday, 27 April 2013 04:32 PM

රටේ නීතියට ගිය කලදසාව....! (නි)

:       0       0

ඩේවිඩ් Sunday, 28 April 2013 03:47 PM

මම නම් මේ වගේ රටක යලි නුපදින්න කියලා පතන්නේ 77 මැතිවරණයෙන් පස්සේ ඉඳලා. ඒ තරමටම අප්‍රසන්න වුණා (නි)

:       0       0

පුෂ්පා Sunday, 28 April 2013 03:21 AM

අනේ කූඹියනේ අපටත් රජෙක් ඉන්නේ අපි අසරණයිනේ අහෝ කාටද දුක කියන්නේ... (නි)

:       0       0

උපාලි Saturday, 27 April 2013 01:50 PM

සම්පුර්ණ ඇත්ත. අපිත් දැනගෙන හිටිය කිසිම සෞඛ්‍ය ගැටළුවක් නොතිබුන බව. (ස)

:       0       0

සිරිපාල Sunday, 28 April 2013 03:37 AM

සිරිලංකාවේ මම නැවත නොඉපදේවා! (නි)

:       0       0

සමන් Saturday, 27 April 2013 01:54 PM

ජය වේවා ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ජය වේවා.අද ඉතාම සතුටු දවසක්. අප දැනහිටියා ඔබතුමා නිර්දොශියි කියලා. නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ ඔබතුමා කෙරෙහි විශ්වාශය තබා ඇති සුවහසක් ජනයාට සේවය කරන්න. කවරුත් දැනගන්නට ඕනි දේ තමයි කොලොන්නාවේ සිදුවීමෙන් සැබවින්ම අගතියට පත්වුයේ ගරු දුමින්ද සිල්වා මහතා බව. එතුමන්ට වෙඩි වැදී රෝහල් ගතව වසර ගණනක් ප්‍රතිකාර ලැබීමට සිදුවුවා. දැන් අපගේ වාසනාවට එතුමන්ට සුවය ලැබෙමින් පවතිනවා. අප ඔබ සමගයි ගරු දුමින්ද සිල්වා මැතිදුනි. ඔබතුමාට ජය වේවා.(නු)

:       0       0

මයික් ඩේව් Saturday, 27 April 2013 01:54 PM

මගේ පරම පැතුම එයයි. එමගට මා විසිකරන්න. අපේ ජාතිය නැතිවීයන කාලය නොවේ.(නු)

:       0       0

සුජිත් Monday, 29 April 2013 11:47 AM

1 වෙනි ෆොටෝ එක හොඳ පොටෝ ෂොප් වැඩක්.(නදී)

:       0       0

යොහාන් Saturday, 27 April 2013 01:54 PM

මට සියල්ල මතකයි..! (ස)

:       0       0

චතුල වෙරෝනා Saturday, 27 April 2013 01:54 PM

යන්තම් ඈති රටේ බඩු හිගයක් තිබුන (නු)

:       0       0

අසංක Saturday, 27 April 2013 01:55 PM

40%අක්‍රියයි නේද මොලේ..!(නු)

:       0       0

නාලක Saturday, 27 April 2013 04:56 PM

පව් කොල්ල හිටියයින් බාගයයි..(ස)

:       0       0

චිත්‍රා Sunday, 28 April 2013 04:53 AM

කොළොන්නාව ගම්වාසීන්ට වර්තමානයේදී ඇස් හැරේවා! (නි)

:       0       0

ලංකා Monday, 29 April 2013 04:22 PM

අනේ මන්දා

:       0       0

හෙන්කා Sunday, 28 April 2013 05:05 AM

හැබැයි උඩ දෙවියෝ ඉන්නවා. බලාගෙන. සත්‍ය අනිවාර්යෙන් ජයගන්නවා. (නි)

:       0       0

ශෙනාස් Saturday, 27 April 2013 04:58 PM

අයියෝ සල්ලි ....! (නි)

:       0       0

ඡානක Sunday, 28 April 2013 05:28 AM

මම මේ නීතිය නොදන්නා නිසා අහන්නේ. එතකොට දේශපාලකයන්ට පමණක් මිනී මරල හරි තමන්ට ඕන දෙයක් රටේ කරන්න පුළුවන් කියල නීති සංග්‍රහයේ ලියවී තිබෙනවාද? (නදී)

:       0       0

සාරා Saturday, 27 April 2013 01:58 PM

දකින්නට නොපතන් මෙවැනි මිනිසුන්.(නදී)

:       0       0

තිස්ස Saturday, 27 April 2013 05:06 PM

දොස්තරලා සහ නීතීඥයන් උසාවිය නොමග යවලාවත් ද ? (ස)

:       0       0

ඩයස් Monday, 29 April 2013 04:28 PM

අපේ මෝඩ මිනිස්සුන්ටත් මෙහෙම අය තමයි වීරයෝ. ඒකයි දුක... (නි)

:       0       0

ලලිත් Saturday, 27 April 2013 05:08 PM

ඔයාල ගණන් ගන්න එපා. එයා මැරිලනේ ඉපදුනේ. ඉතින් මොකුත් මතක නැහැ. මේ වෙන කෙනෙක්. අලුත්ම කෙනෙක්. (නි).

:       0       0

මාෂි Sunday, 28 April 2013 05:42 AM

අනේ අපිට දැන්වත් කෙලින් කියන්න, හැමදේම වෙන්නේ කාට ඕනෑ විදියටද කියලා. එහෙනම් අපි මේ ලේ කකියන දේවල් දැක්කත් හිත හදාගන්නවනේ. (නි)

:       0       0

අනුරාධ මහපටුන Saturday, 27 April 2013 05:10 PM

ගිය ආත්මේ ගොඩක් පින් කරලා තියෙනවා. (ස)

:       0       0

සෑම් Saturday, 27 April 2013 01:59 PM

විමල්ගෙන් අහන්න මේකත් විජාතික කුමන්ත්‍රණයක්ද කියලා.(නදී)

:       0       0

රත්න Saturday, 27 April 2013 02:00 PM

එතකොට මෙපමන දවසක් අධිකරනයට බොරු කියුවාට දඬුවම්? (නදී)

:       0       0

අරුණ Saturday, 27 April 2013 05:21 PM

ලංකාවට අඳුරු යුගයක් ද ? (ස)

:       0       0

ආනන්ද Sunday, 28 April 2013 06:13 AM

ඇමෙරිකාවට ජය වේවා! (නි)

:       0       0

සිරි Sunday, 28 April 2013 06:14 AM

ආදර්ශමවත් චරිතයක්! මෙතුමාව ආදර්ශයට අරගෙන මමත් හැදෙන්න ඕනෑ! (නි)

:       0       0

කුමාර Monday, 29 April 2013 12:02 PM

අපි මේකටද චන්දය දුන්නේ.(නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 27 April 2013 02:01 PM

මේක දුමින්ද සිල්වාට ප්‍රසිද්දිය අරන් දෙන්න හිතා මතා කරපු වැඩක්. ඔය මනුස්සයට තිබ්බනේ සද්ද නොකර රෝහලෙන් පිටවෙලා යන්න. ආසියාවේ ආස්චර්ය. කෝ දැන් විසබීජ යන කතා, මතක නැති කතා. (නදී)

:       0       0

ජීවන්ත Saturday, 27 April 2013 02:02 PM

මුලු ලංකාවම විහිලුවකට අරගෙන.(ස)

:       0       0

මංජුල Sunday, 28 April 2013 06:38 AM

මේ වගේ දේවලට අදහස් පළකරන ඔක්කොටම පිස්සු. (නි)

:       0       0

හන්තාන Saturday, 27 April 2013 05:40 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

දම් Saturday, 27 April 2013 05:45 PM

කොටස් වෙළදපොලට හොද කලක් (ස)

:       0       0

අභේරත්න Sunday, 28 April 2013 06:47 AM

දුමින්ද තවත් ලස්සන වෙලා. (නි)

:       0       0

මුස්ථක් Sunday, 28 April 2013 04:36 PM

මරු චිත්‍රපටය. දෙවන කොටස ලගදීම.(නදී)

:       0       0

සදරුවන් Saturday, 27 April 2013 02:03 PM

මේ යන ගමන ගමනට වැඩි දුරක් යන්න බෑ. ශ්‍රී.නි.පාක්ෂිකයෝ කියන්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 27 April 2013 02:03 PM

බලාගෙන ඔයාගේ තුවාල වලට දූවිලි යයි. (නි)

:       0       0

උදය Saturday, 27 April 2013 05:47 PM

දෙන්නෙක් එකම දේ කරද්දී . අනිත් මහත්තයට තැනක් නැතිව යාවි නේද ? (ස)

:       0       0

සරත් Saturday, 27 April 2013 05:47 PM

ඕනෑම අයකුට නරක කාලයක් තියනවා. සමහර විට මෙයා දැන් හොද මනුස්සයෙක් වෙන්න පුළුවන්. තව අවස්ථාවක් දීල බලමු. (ස)

:       0       0

සනත් Saturday, 27 April 2013 02:04 PM

දේශපාලුවන්ට මහජනතාව පයට පාගා සිටින කල රට වැසියන් සතුව ඇති එකම අවිය අධිෂ්ටාන ප්‍රාර්ථනා පූජාව පමණි. ජනතාවනි, අප සම එකමුතු වී තනි තනිව දිනපතා උදය සවස 6.00 ට තමන් අදහන ආගමක් සිහිකර 'මේ රට නසන පාපතරයන්ට ස්වබාව ධර්මයෙන් දඩුවම් දී අපේ රට ආරක්ෂා වන' ලෙසට අදිෂ්ඨාන පාරමිතා පුරන්න. සත්තකින්ම අප සියල්ලෝම එසේ කළහොත් එය ප්‍රතිපල ගෙන දෙනු නිසැකය . ඒ හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැති බැවින් අපි අදම පටන් ගමු. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 29 April 2013 02:22 AM

අපේ රටේ වැරදිකරුවන් නිවැරදි කරන්නත් නිවැරදිකරු වැරදිකරු කරන්නත් සුළු වෙලාවයි යන්නේ. (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 27 April 2013 02:04 PM

මේ අපරාද මහ පොළොව කොහොම උහුලන් ඉන්නවද කියල මටනම් තේරෙන්නේ නැහැ. (ස)

:       0       0

ජගත් Saturday, 27 April 2013 02:04 PM

බලය, බලෙන් පැහැරගත් රටක වෙන මොනවාද බලාපොරොත්තුවිය හැක්කේ? (නදී)

:       0       0

සදරුවන් Saturday, 27 April 2013 02:05 PM

කන්ඩ නැතත් අපිට කමක් නෑ බොන්ඩ දුන්නොතින් ඒ හැටි දුකක් නෑ.(නදී)

:       0       0

වීරසේකරගේ Saturday, 27 April 2013 05:59 PM

උසාවියට බොරු කියලා.(නදී)

:       0       0

වජිර Saturday, 27 April 2013 06:02 PM

අපේ රටේ නීතිය ? (ස)

:       0       0

බෙනට් Saturday, 27 April 2013 06:12 PM

දැන් ඉතින් මුළු ලංකාවටම ලයිට් බිල වැඩිවීම අමතකයි. දැන් ඉතින් මුළු ලංකාවටම වටින්නේ දුමින්ද සිල්වාගේ අනාගතයයි. ඉදිරි කටයුතුයි මිසක් තමන්ගේ දේවල් නෙමෙයි. අනේ මෙහෙම මෝඩයෝ ඉන්න රටක්.(නදී)

:       0       0

ප්‍රේම් Saturday, 27 April 2013 02:10 PM

දේශපාලනය විතරද ? (ස)

:       0       0

සදරුවන් Saturday, 27 April 2013 02:10 PM

ගොඩක් මිනිස්සුන්ට ආත්ම ශක්තියක් නැහැ (නි)

:       0       0

වනසිංහ Saturday, 27 April 2013 02:10 PM

රටට ගිය කලක්..!(නු)

:       0       0

රෝහන Saturday, 27 April 2013 06:18 PM

එක් කෙනෙක් හිංදා කැළණියට වුන දේ මෙයා හින්දා කොලොන්නාවට වෙනවා. මේ ඔක්කොම හින්දා වැඩි කල් යන්න ඉස්සැල්ලා මුළු රටටම ඒ දේ වෙනවා .(නදී)

:       0       0

බටපොල් Sunday, 28 April 2013 07:55 AM

මෙයාලා අධිකරණයට බොරු කියලනේ ඇප අරගෙන තියෙන්නේ ඒකට මොකද කරන්නේ ?(නදී)

:       0       0

සේනක Sunday, 28 April 2013 08:08 AM

ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආපු එක ගැන සතුටුයි. නීතියේ හිලෙන් ගැලවුනත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නැහැ.(නදී)

:       0       0

සාමින්ද Saturday, 27 April 2013 02:15 PM

ඔන්න අපිට අද එලිපිටම නීතියේ සාධාරණ ස්වාධීන බව වැටහුනා! (නු)

:       0       0

උපුල් Saturday, 27 April 2013 06:22 PM

අනේ මේ ඇප අත්සන් කරන්න උසාවි එන්න බැහැ කිවුව කෙනාමද? (නි)

:       0       0

චම්න්ද Sunday, 28 April 2013 08:13 AM

අනේ අපිට ගිය කලක්.(නදී)

:       0       0

සාදි Saturday, 27 April 2013 06:22 PM

අපොයි ! (ස)

:       0       0

දීපාල් Sunday, 28 April 2013 05:03 PM

වුර්තීයභාවය යනු යුක්තිය පෙන්වාදීම නොව වන්චාශීලී ලෙස හුවා දැක්වීමක් ලෙස අර්ථ නිරූපනය වෙනස් වීම මෙම සිද්ධියෙන් ඔප්පු කිරීමට නීතිඥයින් සමත්වී ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 495 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1350 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1277 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 364 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 322 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2319 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25329 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site