IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කෙළින් වැඩ කළ නිසා එළියට දැම්මාලු

අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිව සිටියදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම මත දිගින් දිගටම  පළිගැනීමට ලක්ව අවසානයේ තමා සේවයෙන් පහ කළ බව කියමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් ගැන විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට  පොලිස් අධිකාරී ධුරයේ සිටිය යුතු මෙම නිලධාරියා සේවයෙන් පහ කිරීමට පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට පොලිස් පරීක්ෂක දක්වා තනතුරු පහල දමා ඇතැයි ද එම ආරංචි පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරයා මීට වසර අටකට පමණ පෙර අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිව සිටිය දී බලපත්‍ර රහිත කොට ලොරියක් අත්අඩංගුවට ගත් බවත්, ඊට නඩු පවරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු කියද්දී එම ලොරිය සහ රියදුරු නිදහස් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු උපදෙස් දුන් බවත්, නියෝජ්‍ය පොලිස්පතිගේ නීති විරෝධී නියෝගය ක්‍රියාත්මක නොකර සැකකරු සහ ලොරිය අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්වේ.

එන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් වූ බවත්, ඉන් පසු දිගින් දිගටම තමාට අඩත්තේට්ටම් කළ බවත් කියැවේ.

2009 වසරේ අකුරුස්සේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමකට මෙම නිලධාරියා කිසිදු සම්බන්ධයක් නැතිව යාපනයට ස්ථාන මාරු කර ඇතැයි ද,   පරිපාලන අභියාචනාධිකරණ විනිශ්චය සභාව එය අසාධාරණ ස්ථාන මාරුවක් ලෙස සලකා මාරුව අවලංගු කළ බව ද පොලිස් ආරංචි කියයි.

එසේ තිබිය දී එම චෝදනාවට චෝදනා පත්‍රයක් දී අනතුරුව සේවයෙන් පහ කර තිබේ.

මෙම නිලධාරියා වසර 15ක් පමණ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇති බවත්, ඔහුට උසස්වීම් නොදීම සම්බන්ධයෙන් පරිපාලන අභියාචනාධිකරණ විනිශ්චය සභාවට කළ විමර්ශනයකින් පසු ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් කරන ලෙස නියෝග කර ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.

 



අදහස් (0)

කෙළින් වැඩ කළ නිසා එළියට දැම්මාලු

සමන්ත Friday, 23 December 2016 10:52 AM

කුමක් කරන්නද දැන්.(හේ)

:       0       0

සුසිලා Friday, 23 December 2016 10:53 AM

මෙවැනි දේවල් වලට ඉඩ නොදිය යුතුයි.(හේ)

:       0       0

වික්‍රම් Friday, 23 December 2016 10:53 AM

මේක ලොකු ප්‍රශ්නයක්.(හේ)

:       0       0

ජගත් Friday, 23 December 2016 10:53 AM

නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ලොක්කෝ ඉඩ දෙන්නේ නෑ.(හේ)

:       0       0

මොහමඩ් Friday, 23 December 2016 10:52 AM

මෙහි එන කතානායකයා කියන්නේ ඇත්තද....(හේ)

:       0       0

හුසේන් Friday, 23 December 2016 10:52 AM

මෙහි එන කතානායකයා කියන්නේ ඇත්තද....? කවුරු මොනවා කිව්වත් නැතත්, රටේ නීතිය හා සාමය පිළිබඳ වග කිවයුතු පොලිසියත්, ජරාජීර්ණ වූ දේශපාලනයේ ගමන් මගත් එක්ක ‘‘කල දුටු කල වහ ඉහ ගන්නවා\" කියන එක නම්.. පැහැදිලීයි.(හේ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 06:42 PM

ලොක්ක කියාවි මට මොකුත් මතක නැහැ කියලා (නි)

:       0       0

ජනහිත Thursday, 22 December 2016 09:56 PM

පරිස්සමින්! යර්ස් සර්,නෝ සර් විදිහට වැඩ කරන්න. (නි)

:       0       0

නිමල් Friday, 23 December 2016 02:12 AM

පොලිස් පොඩ්ඩන්ගෙන් මීටපෙරද ලොක්කෝ පළිගත් වාර අනන්තයි. ඔවුන් ගැන බලන්නේ කවදාද? (නි)

:       0       0

කුමාර Friday, 23 December 2016 02:42 AM

ඔහොම වැඩ කළාම කොහොමද පොලිසිය ජනතාවට හරියට සේවය කරන්නේ? තනිකර හොර ගුහානේ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 23 December 2016 03:31 AM

ඉතින් ඔය දූෂිත පොලිස් නිලධාරියාගේ පටි සහ නිල ඇඳුම් ගළවන්නෙ නැද්ද? ගළවන්නෙ කවදාද? තවමත් ඔය දූෂිත නියෝජිත පොලිස්පතිවරයාව ආරක්ෂා කරනවා නම්, ඔය කාර්යය කරන්න පොලිසියේ අසාධාරණකම් වලට ලක්වුණු සාමාන්‍ය ජනතාවට(ජනතා අධිකරණයට) බාරදෙන්න. ඒගොල්ලෝ ලස්සනට කරයි. (නි)

:       0       0

මංජුල Thursday, 22 December 2016 01:13 PM

නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ ...ඉතින් අපට කිනම් කතාද ..(බ)

:       0       0

සරණපාල Thursday, 22 December 2016 01:23 PM

දැන් අර හොර ලොක්කට දඩුවම් දෙන්නේ කවදද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 396 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 975 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 300 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4682 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 970 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site