මීගමු කළපු සංවර්ධනයට වෙන් කළ මුදලින් රුපියල් කෝටි එක හමාරකට අධික මුදල් වැය කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක සමරු පළකයක් ඉදිකරමින් රජයේ මුදල් අවභාවිත කළැයි හෙළි වී ඇති ධීවර සංස්ථාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනකු දැනට දරන තනතුරුවලින් වහාම ඉවත් කරන්නැයි බරපතල දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම එම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
එක් නිලධාරියකු ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන අතර අනෙක් නිලධාරියා දැන් පොහොර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.
මේ නිලධාරීන් දෙදෙනා එම තනතුරේ තබා ගැනීම, මුදල් අවභාවිත කිරීමට අනෙක් නිලධාරීන්ට දෙන අනුබලයක් යැයි ද කොමිසම බලධාරීන්ට දැනුම් දී තිබේ.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළපු සංවර්ධනයට වෙන් කළ මුදල් දේශපාලන වැඩට අරං
වින්සන්ට් Sunday, 22 November 2015 09:31 PM
රාජ්‍ය වත්කම් අවභාවිතයට ඊට වගකිවයුත්තන් තනතුරු වලින් පමණක් ඉවත් කරන්නේ නම් එයද වාසනාවකි. ඊළඟ මහමැතිවරණයකදී ජයග්‍රහණය කරන විරුද්ධ පාර්ශවයකට කැපීපෙනෙන සහයෝගයක් ලබාදීමෙන් නැවත වන්දියකුත් සමඟ දැනට වඩා උසස් තනතුරක් ලැබීමේ මේ දක්වා පවතින තත්ත්වයේ වෙනසක්ද ඇතිවිය යුතුය. (නි)
කිත්සිරි Sunday, 22 November 2015 10:26 PM
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ප්‍රින්ස් Monday, 23 November 2015 09:48 AM
ඔව් නැත්නම් පරීක්ෂණවලට බාධයිනේ (බ)
ගීත් Monday, 23 November 2015 04:05 AM
දහම්, බරපතල දූෂණ වංචා කොමිසමට ඒ බලය තිබෙනවා. දන්නේ නෑ කිව්වා නිසා දැනගන්නයි කිව්වේ.(ම)
දහම් Sunday, 22 November 2015 10:36 AM
දන්නේ නැති නිසා අහන්නේ. නඩු අහලා තීන්දුවක් දෙන්න පෙර මෙහෙම නියෝග දීලා නිලධාරීන් අස්කරන්න පුලුවන්ද? (නි)
ගමගේ Sunday, 22 November 2015 02:35 PM
මොවුන් දෙදෙනා මුදල් අවභාවිතය කර ඇත්නම් තනතුරු වලින් නිදහස් කිරීම නොව මොවුන්ට විරුද්ධව ක්‍රියාකර මුදල් අයකරගත යුතුය. මන්ද මේ අපේ මුදල් බැවිනි. (නි)