IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කළමනාකරණ සහකාර නිලධාරීන් 1000 කට පත්වීම්

කළමනාකරණ සහකාර 111 වන පන්තියේ තරඟ විභාගය සමත් වූවන් අතුරින් 1000 කට වැඩි පිරිසකට පත්වීම් ලිපි අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රදානය කරන ලදි.

රට සීඝ්‍ර දියුණුවක් කරා ගෙනයාමට අවශ්‍ය ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරි වසර කිහිපයේ සකස් කිරීමට තමන් පියවර ගන්නා බව මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිතුමා සමඟ ද සාකච්ඡා කර මෙම න්‍යාය පත්‍රය සකස් කරන බව කී අග්‍රාමාත්‍යවරයා එහි අරමුණ 2030 - 2032 වන විට මේ රට වැඩි ආදායම් ආර්ථිකයක් ඇති රටක් බවට පත්කිරීම බව ද පැවසීය.

ප්‍රධාන පක්‍ෂ දෙක එක්වී ඇතිකළ ජාතික ආණ්ඩුව මගින් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඇතිකරන බවද කී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා  කවුරුන් බලයට ආවත් වෙනස් නොවන ප්‍රතිපත්තියක් ඇති එංගලන්තය, ඉන්දියාව වැනි රටවල තත්ත්වයට එක් පිම්මකින් ළංවීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙන බව ද සඳහන් කළේය.

GLA_1394 GLA_1408 GLA_1464



අදහස් (0)

කළමනාකරණ සහකාර නිලධාරීන් 1000 කට පත්වීම්

සමන්ත Saturday, 14 January 2017 01:43 AM

යන්න බැරිවුණ අයගෙ ඊර්ෂ්‍යාවට කියන කතාත් මෙතන තියෙයි. මොනවා කරන්නද ඉතින්. (නි)

:       0       0

හිමාල් Saturday, 14 January 2017 05:45 AM

රජයේ පාසල්,රජයේ රෝහල්, රජයේ කාර්යාල, මේ ඔක්කොම නරකයිලු, ඒත් රජයේ ‍රැකියා කිව්වම දුවලා එන්නේ ගන්න, ඒකත් තමන්ට නම් විතරයි. කොහොමත් රජයේ සේවකයින්ට කාර්යක්ෂමතා කඩයිම් තියෙනවා.පුහුණුවීම් තියෙනවා. ඒත් හැමෝම එක විදිහේ නෑනේ. (අ)

:       0       0

කමල් Saturday, 14 January 2017 05:53 AM

තිස්ස නියම ගණන මහින්ද බාරගන්නකොට තිබ්බේ 600000 ගානයි . මහින්ද යනකොට 14000000දක්වා වැඩි කර ඇත . රජය සේවයේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම තමයි කලයුත්තේ . (අ)

:       0       0

ආසිරි Friday, 13 January 2017 10:42 AM

මෙයාලගෙන් වැඩක් කරගන්න ගියාම තමා අමාරු. (අ)

:       0       0

අමල් Friday, 13 January 2017 12:19 PM

අාසිරි කියලා තියන දේ නම් සහතික ඇත්ත (හේ)

:       0       0

සරසි Friday, 13 January 2017 01:48 PM

1000 ක් නෙවෙයි හරියට වැඩකරන 10ක් පත්වීම් දීලා පටන් ගත්තා නම් හරි. මේ බහුතරයක් නොමිලේ උසස් අධ්‍යාපනය ලබලා ආණ්ඩුවේ රැකියාවල් අරගෙන මහජනයාට පාට් දාලා අයිස් ගහමින් පෙන්ෂන් එක අරන් ගෙදර නොගියොත් පුදුමයි. (හේ)

:       0       0

තිස්ස Saturday, 14 January 2017 10:49 AM

ජීවිතයම මහජන මුදලින් යෙපෙන ශරීර හොරු (අ)

:       0       0

ආරච්චි Friday, 13 January 2017 05:33 PM

කරුණාකරලා මේ අයට කාර්යාල කළමනාකරණය ගැන හොඳ පුහුණුවක් දෙන්න. එසේම ඒ පුහුණුවෙන් පසුව පරීක්ෂණයක් තියලා වාචික හා ප්‍රායෝගික පරීක්ෂණයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. සමත්වෙන අයට වැටුප් වර්ධක ලබාදිය යුතුයි. (නි)

:       0       0

තිස්ස Friday, 13 January 2017 06:06 PM

රාජ්‍ය සේවය රටට දැන් බරකි. මහින්ද රට බාරගන්නකොට හිටියේ 900000 කි. මහින්ද යනකොට 1500000 දක්වා රටට ඔරොත්තු නොදෙන මට්ටමට වැඩිකරලා ගියේ. දැන් ආයෙත් රැකියා දෙන්න පටන් අරගෙන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 912 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 143 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 336 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 475 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2167 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4228 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site