වසර තිහක ශෝකාන්ත නාටකය අවසන් කොට සුඛාන්ත නාටකය රඟ දක්වන යුගය එළඹී ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප‍්‍රසංග කලා රඟහල විවෘත කරමින් පැවැසීය. නොමෑඞ් පිටියේ ඉදිකළ මේ කලාගාරය චීන රජයේ තෑග්ගකි. පොළොන්නරු පූජා නගරයේ නෙළුම් පොකුණේ හැඩය ගන්නා මේ කලාගාරය ඉදිකිරීමට වැයවූ මුදල රුපියල් කෝටි 300කි. රටේ ජනතාවගේ භෞතික සම්පත් ගොඩ නගනවා සේම ප‍්‍රඥාවන්ත ජනකොටසක් බිහිකළ යුතුයි. ඒ සඳහා මේ රඟහල උපකාරි වේවි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළොම්පුර කලා නෙළුම පිපේ
ප්‍රදීප් පතිරණ Thursday, 15 December 2011 10:00 PM
අදට ටවර් රගහල විවෘත වෙලා අවුරුදු 100ක්. පොල් කොටන් යුගයෙන් - නවීන තාක්ෂණයට භෞතික සම්පත් වෙනස් වෙනව වගේම ජනතාවගේ රසඥතාවයත් වැඩිදියුනු කළ යුතුයි. අද නාට්‍ය හැදෙන්නේ ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙන නෙවෙයි. සම්මාන උලළලවල් ඉලක්ක කරගෙන.
ඉෂාන් දුම්න්ද Thursday, 15 December 2011 10:09 PM
ඇත්තටම ගොඩක් හොද වැඩක් අසිරිමත් ලංකාවක්
තාරක මාපලගම Thursday, 15 December 2011 10:13 PM
සිහනයක්ව තිබූ මෙවැනි කලාගාරයක් ලබා ගැනීම දැන් සැබෑවක් වෙලා. බොහොම ස්තූතියි චීනයට. ඔබලා හැමදාම අපේ හොදම මිතුරන්
ජයී Thursday, 15 December 2011 10:26 PM
ඉතාමත් අළංකාර ලෙස නිර්මාණය කර ඇති නෙලුම් පොකුණට දියුණු රටවල ඇති ලක්ෂණ රඟහල් සමග වුවද තරඟ කළ හැකියි. නෙලුම් පොකුණ උසස් නිර්මාණයක් යනු මගේ හැඟුමය. මගේ සුභපැතුම්.
රුවන් Friday, 16 December 2011 12:33 AM
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිණිය සියතින් නිර්මාණය කළ දළ සැලැස්ම අද යෝධ ස්මාරකයක් බවට පත් වෙනවා
මජීඩ් Friday, 16 December 2011 01:01 AM
මා එංගලන්තයේ මජීඩ්, ඔබයි නියම මිනිසා. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි
අජිත් Friday, 16 December 2011 01:55 AM
හොද ක්‍රියාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමනි. දීර්ඝායුෂ ලැබේවා. මගෙන් සුබ පැතුම්
දොන් මහවත්තගේ සිසිර Friday, 16 December 2011 02:21 AM
මෙම කලාගාරය අපේ රටට ඉතාමත් ආඩම්බරයක්. දිනෙන් දින ලංකාව ලෝකයේම පලමු වැනි ස්ථානයට පත්වේවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාමත් සතුටු වෙනවා. ජයවේවා අපේ රටට
ජේ. හේරත් Friday, 16 December 2011 07:04 AM
කලාකරුවන් වෙනුවෙන් කළ ලොකු මෙහෙවරක්
අමිල Friday, 16 December 2011 07:45 AM
ගොඩක් ආඩම්බර වෙනවා මම ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳව පළමුවෙන්ම... මොකද වසර තිහක් පුරාවටම ශ්‍රී ලංකාව ගිලගෙන තිබුන ඒ මහා සාපකාරී යුද්ධයෙන් අඳුර වෙලාගෙන තිබුන මගේ රට නිදහස් වෙලා අද... ආඩම්බර වෙන්න පුළුවන් තවත් මෙවැනි නිර්මාණ බිහිවෙන්න මේ රටේ... අතිගරු ජනාධිපතිතුමාට තවත් මෙවන් විෂ්ම කර්ම කිරීමට හැකියාව ලැබේවා...
ප්‍රදීප් Friday, 16 December 2011 08:11 AM
ඉතා හොද කාර්්‍යයක්. ලංකාව දිනෙන් දින දියුණු වේවා කියා පතනවා. අපට ඉතා ආඩම්බරයි
නිවන්ත Friday, 16 December 2011 09:11 AM
හරිම සතුටුයි. ජනාධිපතිතුමාට සුබ පතනවා. චීනයටත් ගොඩාක් ස්තූතියි අපේ රටට මේ වගේ තෑග්ගක් දීම පිළිබදව
කුමුදු වාස් ගුණසේකර Friday, 16 December 2011 09:15 AM
විශිෂ්ඨ නිර්මාණයකි. රජයට මගේ සුබ පැතුම්. කලාකරුවාණෙනි දැන් ඔබේ කාලයයි
ගමය Friday, 16 December 2011 09:47 AM
නම නම් ගැලපෙන්නේ නැහැ.
තිලිනි Friday, 16 December 2011 10:03 AM
පිටරට විතරක් දැකල තියන මේවගේ ගොඩනැගිලි ලංකාවෙත් හදන එක ගොඩක් හොදයි.
සරා Friday, 16 December 2011 10:26 AM
මේ ලංකාවද කියලත් හිතෙනවා. ගොඩක් හොදයි. ලාංකිකයකු වීම ආඩම්බරයක්..
කුමාර Friday, 16 December 2011 11:36 AM
නම්වලින් අපිට වැඩක් නෑ. රට හදනවනම් අපි කැමතියි.
දිමුතු Friday, 16 December 2011 12:12 PM
ගොඩක් හොද වැඩක්.. හිරිම ලස්සනයි නෙළුම් පොකුණ
දමිත් සඳරුවන් Friday, 16 December 2011 12:47 PM
කලා කරුවන් වෙනුවෙන් කල විශිෂ්ඨ මෙහෙවරක්. කාලාන්තරයක් පුරා ජාත්‍යන්තරය සමඟ තරග වැදීමට අඩුපාඩුවක්ව තිබූ මෙවන් කලාගාරයක් වෙනුවෙකන් චීන ජනරජයට අපගේ කෘතඥතාවය පල කරමු.....
රංග Friday, 16 December 2011 01:32 PM
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිණිය නිර්මාණය කළ යෝධ ස්මාරකය
haru Friday, 16 December 2011 03:53 PM
මේක ඉතාම හොද වැඩක්
ට්‍රිෂාන් Friday, 16 December 2011 06:35 PM
කුමාර කිව්ව වගේ නම් ගම් වලින් වැඩක් නෑ. මෙහෙයවීමයි වැදගත්. මහින්ද, රනිල්, චන්ද්‍රිකා කවුරු හෝ වේවා මේ ලෝකය ඉදිරියේ නගා සිටුවන්නේ මගේ මාතෘ භූමියයි. මේ මගේ අම්මා... මගේ ලක් පොළොව