IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කැළුම් පාලිත මහීරත්න සමග සංවාදයක්

2016-11-21-ent-89

පසුගියදා එළිදුටු අයවැය යෝජනා හරහා මෙරට විකාශනය කෙරෙන විදෙස් ටෙලි නාට්‍ය කොටසක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 90,000 සිට රුපියල් ලක්ෂ 03 දක්වා වැඩි කරන්නට යෝජනා කර තිබිණි. මෙම කරුණ සිදුකරන ලෙස මීට කලකට ඉහත සිටම මෙරට ප්‍රකට ටෙලි හා සිනමා නිර්මාණවේදියෙකු වන කැළුම් පාලිත මහීරත්න මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර, ඔහු නියෝජනය කළ එක්සත් ලංකා කලාකරුවන්ගේ සංසදය හරහා ඒ වෙනුවෙන් විශාල හඬක් නැගිණි.

කෙසේ වෙතත් මෙවර අයවැයට එම යෝජනාව ඇතුළත් වුවද,තමන් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍ර‘යේ උන්නතිය හා කලාකරුවන්ගේ සුභසාධනය සිදුකරදෙන ලෙස පසුගිය මැතිවරණ සමයේ ඉල්ලා සිටි ඉල්ලීම්වලට මෙතෙක් බලධාරීන්ගේ ප්‍රතිචාරයක් නොලැබීම තුළ දේශපාලන වේදිකාවෙන් ඉවත් වන බව ඔවුහු පවසා සිටිති.

මේ සියලු කරුණු ගැන මේ වනවිට සියත ටී.වී. අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන කැළුම් පාලිත මහීරත්න මහතා සමග අප කළ සංවාදයකි මේ.

 

අයවැය යෝජනා හරහා විදෙස් ටෙලිනාට්‍ය කොටසකට අයකරන මුදල ඉහළ නැංවීම තුළ අපේක්ෂිත අරමුණ ඉටු වුණාද?

2016-11-21-ent-90ඔව්. මේක අපි අවුරුදු ගණනාවක් තිස්සේ සටන් කළ දෙයක්. මේ සඳහා වෘත්තීයමය කණ්ඩායම් කීපයක් සටන් කළා. ඒ හැමෝගෙම උත්සාහය සාර්ථකවීමක් ලෙස තමයි මේ තත්ත්වය උදාවෙන්නේ. මේක අපි බලාපොරොත්තු වූ 100% උත්තරය නොවුණත්, සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලෙස හැඳින්විය හැකියි.

මේක අයවැයයෝජනාවක් ලෙස තිබෙන නිසා මම දන්නෙ නැහැ කොහොම ක්‍රියාත්මක වේවිද කියලා. මොකද පසුගිය කාලයේ සමහර‍ අයවැය යෝජනාවල ඉතිරි වුණේ "කථානායකතුමනි" කියන කොටස පමණයිනේ. නමුත් මේ යෝජනාවට එසේ නොවේවා කියා පතනවා.

විදෙස් ටෙලිනාට්‍ය කොටසකට මේ වනවිට රුපියල් 90,000 ක මුදලවත් නොගෙවන තත්ත්වයක් තමයි අද වනවිට තිබෙන්නේ. මොකද එම පනතේ තිබුණු සිදුරක් නිසා, එතනින් පැනගොස් තමයි මුදල් නොගෙවා බොහෝ විදෙස් ටෙලිනාට්‍ය මෙරට තුළ පෙන්වන්නේ.

එම පනතේ තිබුණා සම්මාන හිමි වූ විශිෂ්ට විදෙස් ටෙලිනාට්‍යය එම බද්දෙන් නිදහස් කියලා. මේ මාෆියාව සිදු කළේ ඉන්දියන් හෝ කොරියන් කුමන හෝ සම්මාන උලෙළකින් සම්මානයක් හිමිකරගත් ටෙලිනාට්‍යයක් අරගෙන, ඒ සම්මාන සහතිකය පෙන්වලා බද්ද ඉවත් කරගැනීම. මෙන්න මේ සිඳුර මෙවර අයවැය යෝජනාවෙන් ඉවත් කළ යුතුයි. එවැනි හිලක් තිබුණොත් එයින් රිංගන්න අපේ අය හරි දක්ෂයි. එවැනි දුර්වලතා මගහරවාගෙන මේ යෝජනාව ක්‍රියාත්මක කළොත් එය අපේ ටෙලිනාට්‍ය කලාවට සිදුකරන ලොකු ප්‍රතිකර්මයක් වේවි.

 

කවුද මේ කටයුත්ත නියාමනය කරන්නේ?

එතන ගැටලුවක් තියෙනවා. මේ වෘත්තිය ඇතුළේ විතරයි වෘත්තීය ගනුදෙනුවක් කරගන්න බැරි. කලාකරුවෝ කියන කොටස ඉන්නේ දේශපාලන වේදිකාවේ ලස්සනට තියන බෝනික්කෝ ටිකකට විතරනේ. දේශපාලඥයන්ගේ කටයුත්ත අවසන් වුණාම ඒ කලාකරුවන්ගේ වැඩත් ඉන් ඉවරයි.

හැමදාම කලාකරුවන්ට සිද්ධ වුණේ කඩේයාමේ කටයුත්තට දායකවීමට විතරයි. ඊටපස්සේ කලාකරුවා වටින්නේ නැහැ.

ඡන්ද දිනන්න කලාකරුවා ඕනි. කලාකරුවන්ට කියලා වෙනම ස්ටේජ්එකකුත් ගහනවා. අපිත් හරි ආඩම්බරයෙන් ඒ වේදිකාවේ වාඩිවෙලා ඉන්නවා. හැබැයි ඡන්දෙන් පස්සෙ අපි නිකම් සොච්චම් කාසි බවට පත්වෙනවා. ඒ නිසා මට තේරෙන්නේ නැහැ මේකට කලාකරුවන්ට කොච්චරදුරට මැදිහත්වෙන්න පුළුවන්ද කියලා. මොකද එහෙම නියාමනයක් කරලා නැහැ. නීත්‍යනුකූල ආයතනයක් හැදිලත් නැහැ. තිබෙන්නේ අපි අපි විසින් හදාගත් ආයතන. ඒවාට කොතරම්දුරට රජයට බලපෑම් කළ හැකිද යන්න ප්‍රශ්නයක්. ඊට වඩා බොහෝ ශක්තිමත් සිවිල් සංවිධාන තිබෙනවා. මේ ප්‍රශ්නයේදී අපි හරි අසරණයි.

 

ඔබ සම්බන්ධ වී සිටි එක්සත් ලංකා කලාකරුවන්ගේ සංවිධානය පසුගිය මැතිවරණ දෙකේදීම මේ ජනාධිපතිවරයා හා ආණ්ඩුව පත්කර ගන්න විශාල ලෙස දේශපාලන වේදිකාවල පෙනී සිටියා. මැතිවරණයෙන් පසු ඔබ සංවිධානයෙන් කරපු දෙයක් නෑනේ?

එජාපයට කලාකරුවන් 10 දෙනෙක් හොයාගන්න අපහසු තත්ත්වයක තමයි අපි අපේ සංවිධානය හරහා කලාකරුවන් 5,000 ක් SLICC ආයතනයට ගෙනල්ලා අති විශාල දේශපාලන රැලියක් තිබ්බේ. ඒක ඒ වෙලාවේ තිබුණු අවශතාවක්. නමුත් එය මේ බලධාරීන් තේරුම්ගත්තේ නැද්ද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් තිබෙනවා.

මට නම් අවශ්‍ය වුණේ ඒ අවස්ථාවේ තිබුණු විෂමකාරී දේශපාලන සංස්කෘතිය ඉවත් කිරීමේ උත්සාහය පමණයි. ඉන් එහාට ආයතනයක සභාපති වෙන්න හෝ වෙනත් තනතුරක් ලබාගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් අසරණ කලාකරුවන් රැසක් මේ තුළ සිටියා. ඔවුන් දැන් යළිත් අසරණයි. ඒ අයට අපි තමයි උත්තර බඳින්න ඕන. නමුත් දැන් අපටත් උත්තරයක් නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණාට පස්සෙ අපේ සංවිධානවලට ඔහුට ළංවෙන්න බැරි විදියේ වළල්ලක් ඇති වෙනවා. එවිට මෙතෙක් කල් ඔහුත් එක්ක ගනුදෙනු කළ අපට, අලුතින් හැදුණු වළල්ල ඉඩ දෙන්නේ නැහැ, ඔහු සමග සාකච්ඡාවක්වත් කරන්න. අද වෙද්දි අපට අගමැති හමුවෙන්න එපොයිමන්ට් එකක් ගන්නත් බැහැ.

අපි එපොයිමන්ට් එකක් ගන්න කතා කළහම එතැනින් එහාට අපේ පණිවුඩය යන්නේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. අද අපට වෙලා තියෙන්නේ ඈතින් බලා ඉඳලා සතුටු වෙන්න විතරයි. මේක එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. හැබැයි මේ මොනවා වුණත් නැවත ඡන්දයක් එනකොට කලාකරුවා අර උගුලෙම පැටළෙනවා. එහෙම වෙන්නෙ කලාකරුවෝ අසරණ නිසයි. මිනිස්සු අසරණ වුණාම තුත්තිරිගහේ හරි එල්ලිලා ගොඩඑන්න බලන්නේ. ඉහළට ළංවෙලා කුට්ටි කඩාගන්න හා ඉහළ පෙළේ බලධාරීන්ගේ සහායෙන් තම ව්‍යාපාර ගොඩනගාගත් කලකරුවන් හැර බහුතර කලාකරුවන් බොහෝ අසරණ අයයි.

ඔවුන් ඊළඟ වතාවෙත් බලාපොරොත්තුවක් තබාගන්නවා ඊළඟට එන කෙනාට උදව් කරලා තමන්ගේ ඉල්ලීම් දිනාගන්න. මේක කොතරම් දුරට මේ අණ්ඩුව යටතේ සිදුවේවිද නැද්ද මම දන්නේ නැහැ. නමුත් මේක ඉතා පවුකාර තත්ත්වයක්. කලාකරුවා මේ තත්ත්වයට කිසිසේත් පත්විය යුතු සහ පත් කළ යුතු නැහැ.

ඒ වගේම අපි මෙහිදී සාකච්ඡා කළ යුතු කරුණක් වන්නේ කලාකරුවන්කොයිතරම් දුරට එකමුතුද කියන කාරණයයි. දැන් අයවැය යෝජනාවලට විදේශ ටෙලි නාට්‍ය කොටසකට ගෙවන ගාණ වැඩිකිරීමේ යෝජනාව ගෙන ආවට ඒකට අයිතිවාසිකම් කියන්න දැන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. “අපි තමයි මුදල් ඇමතිට කිව්වෙ මෙහෙම කරන්න* යනුවෙන් කියන පිරිසක් ඉන්නවා.

මුදල් ඇමතිවරයාට යමක් කිව් සැණින් එය අයවැය යෝජනාවලට දානවද? එතකොට ජනමාධ්‍ය ඇමතිවරයා කවුද කියන ගැටලුව එනවා. අපි මේ ප්‍රශ්න කතා කළේ ජනමාධ්‍ය ඇමතිවරයා සමගයි. මොකද යමක් කරන ක්‍රමවේදයක් තියෙනවා. මුදල් ඇමතිවරයාට කෙළින්ම ගිහින් වෙනත් ක්ෂේත්‍රයක ගැටලුවක් ඉදිරිපත් කිරීම බරපතළ ගැටලුවක්. මම දන්නෙ නැහැ එහෙම ක්‍රමවේදයක් තියෙනවා කියලා. අද අපේ රටේ එකමුතුව ලබාගත් දෙයක්වත් බෙදාගෙන ගන්න කැමති නැති තත්ත්වයකටයි පත්වෙලා ඉන්නේ.

 

ඔබ වත්මන් අගමැතිවරයා පත්වුණු මුල්කාලයේ "අද" සමග කළ සාකච්ඡාවේදී පැවසුවා ඔහු කලාවේ වර්ධනය වෙනුවෙන් පෙනී සිටින හා හරවත් කලාවකට කැමති අයෙක් කියා. නමුත් මේතාක් කලාවේ වර්ධනයට වෙච්ච දෙයක් නැහැ නේද?

අගමැතිවරයා සම්බන්ධව මගේ තිබෙන නිර්ණායකය තවමත් එහෙමමයි. එහි කිසිම වෙනසක් නැහැ. මෙවර අයවැයෙන් අපි ඉල්ලා සිටි කලා පාසල ඉදිකිරීමට මිලියන 50 ක් වෙන් කිරීමේ යෝජනාවක් ගෙනත් තිබෙනවා.

 

එයත් මුදල් ඇමතිවරයා හරහා තමන් ගෙන ආ යෝජනාවක් යැයි යමෙකුට පැවසිය හැකියි නේද?

ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා නොදැන අයවැය ලේඛනයක් සකස් කරන්නේ නැහැනේ. කොහොම වුණත් අග්‍රාමාත්‍යවරයාට සිද්ධවෙලා තිබෙනවා රටේලොකු ප්‍රශ්න ගොඩක් විසඳන්න.ඒ වගේම අපේ ප්‍රශ්න අගමැතිවරයාට කියාගන්න බැරි ගැටලුවක් තිබෙනවා. අපේ ගැටලු කෙළින්ම අගමැතිවරයාට කියාගන්න අවස්ථාව ලැබුණොත් ඊට උත්තරයක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ.

සුදර්ශිය සසකාවා ආයතනයට ගන්න ගියාම මම අග්‍රාමාත්‍ය ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතාට කතා කරලා කිව්වා මේක අර්බුදකාරී තත්ත්වයක් නිසා අගමැතිවරයා දැනුවත් කරන්න කියලා. ඊට සතියකට පමණ පසු අගමැතිවරයා නියෝග කර තිබුණා ජනමාධ්‍ය ඇමතිවරයාට මේ පිළිබඳ සොයාබලා වාර්තාවක් සපයන්න කියලා. මට කියන්නේ නැහැ මම කිව්ව නිසා ඒ ගැටලුව විසඳුණා කියලා. හැබැයි කලාකරුවන්ගේ ප්‍රශ්න අගමැතිවරයාට කියාගන්න අවස්ථාවක් නොමැතිකමයි දැන් තිබෙන ප්‍රශ්නය. ඒකට උත්තරය කවදා ලැබේවිද දන්නේ නැහැ.කොහොම නමුත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන මම බරපතළ කලකිරීමක තමයි ඉන්නේ.

 

මෙරට ටෙලිනාට්‍ය සම්බන්ධව තිබෙන ගැටලු අතර විදෙස් ටෙලි නාට්‍ය ගෙන්වීම කියන කාරණය හැරුණු විට තවත් අතිවිශාල ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒකට විසඳුම් තබා ඒ ගැන කතා කිරීමක් හෝ තාම සිදුවෙලා නැහැ නේද?

මම පැහැදිලිව කියන දෙයක් තමයි අපි වෘත්තීය සමිතියක් වෙන්න ඕන කියන දේ. අපට පාරට බහින්න පුළුවන් වෙන්න ඕනි. එහෙම කිව්වම අපේ අය කියාවි කලාකරුවා පාරට බහින්න ඕන නැහැ අපට තත්ත්වයක් තියෙනවා කියලා. මේ වගේ විවිධ මතිමතාන්තර මේ ක්ෂේත්‍රයේ තිබෙනවා.කොහොම වුණත් මේ රටේ කිසිම කෙනෙක් සාමකාමීව කතා කරලාකිසිම දෙයක් දිනාගෙන නැහැ. දිනාගත්ත හැමදෙයක්ම ලැබුණෙ වෘත්තීය සමිති හරහායි. ඒ නිසා මේ සටනට අපටත් ඉදිරි කාලයේදී යන්න සිද්ධ වෙනවාමයි.මහින්ද රාජපක්ෂ මහතා එක්ක මේ රටේ ප්‍රබලම කලාකරුවෝ සියලුම දෙනා සිටියා. නමුත් කලාවට සිද්ධ වුණ දෙයක් නැහැ. ඒ වෙනුවට ඔහු ළඟදි කලාකරුවන් තම තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත්තා විතරයි. පාර්ලිමේන්තුවේ නළු නිළියන් කොච්චර සිටියත් කලාකරුවන්ගේ ගැටලුව ගැන කතා කළේ අනුර කුමාර දිසානායක හා නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් පමණයි. ඉතිහාසයේ පළමුවරට පාර්ලිමේන්තු විවාදයක් ඔවුන් අපි වෙනුවෙන් ලබා ගත්තා.

රජයත් දන්නවා කලාකරුවන් එකිනෙකා අසමගියි කියලා. අපේ මතවාද රැසක් තියෙන නිසා දේශපාලඥ‘යො අපිව පාවිච්චි කරනවා. මේක අපට දිනන්න හම්බවෙන සටනක් නෙවෙයි. ඒ නිසා මම පෞද්ගලිකව මේ දේශපාලන සටනෙන් ඉවත් වෙලා ඉන්නේ. මම හිතනවා මං මේ දේශපාලන සටනෙන් පරාදයි කියලා. ඒ අනුව තවදුරටත් මම දේශපාලනය කරන්නේ නැහැ. හැබැයි කලාව සම්බන්ධව එළියට එන්න ඕන වුණොත් ඒවෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරනවා.

 

ඒ කියන්නේ ඔබ නැවත දේශපාලන වේදිකාවල දකින්න ලැබෙන්නේ නැද්ද?

දේශපාලඥයන්ට කඩේ යන ආකාරයක් දකින්න ලැබෙන්නේ නැහැ. වෘත්තීය කලාකරුවන් වෙනුවෙන් යමක් කතා කරන්න වුණොත් එදාට පෙනී සිටිනවා.

මම මේ රජය වෙනුවෙන් පෙනී සිටියාට ඉන් කලාකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත්නම්, එතනදි ආණ්ඩුවට බැණ බැණ ඉන්නේ නැතිව පැත්තකට වීමයි සිදුකළ යුත්තේ. එහෙම නැති කලාකරුවෝ ඉන්නවා. එක්තරා ටෙලි නාට්‍ය නිළියක් පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව දිනවන්න වැඩ කළා. නමුත් දැන් මම දකිනවා ඇය ෆේස්බුක් හරහා උදේ හවස යහපාලන ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතා සමග හිටපු බොහෝ කලාකරුවන් මේ ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා. එක නම්බුයි අර බැණ අඬගහනවට වඩා. මම දේශපාලනවේදිකාවෙන් ඉවත් වුණත් ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් පෞද්ගලිකව ගෙනයන සටනේ දිගටම රැඳී සිටිනවා. එය දේශපාලනික නැහැ. ඒ වගේම අපි ඉල්ලන ඉල්ලීම් දිනාගන්න තරම් අපි ශක්තිමත් නැහැ. අග්‍රාමාත්‍යවරයා හමුවිමට අවස්ථාවක් ගන්න බැරිනම් අපි කොහොමද එතනින් එහාට දෙයක් ගැන කතා කරන්නේ.

අගමැතිවරයාට යළි කලාකරුවන් ඊළඟ මැතිවරණයට ඕන වෙනවා. එතකොට මේ අය කොහේද කියලා බැලුවම එවිට කාරණය ගොඩක් ප්‍රමාද වැඩි වේවි.

 

නිරෝෂාන් ප්‍රේමරත්න

 

2016-11-21-ent-91



අදහස් (0)

කැළුම් පාලිත මහීරත්න සමග සංවාදයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1511 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 151 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 49 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 111 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 60 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site