(නිමල කොඩිතුවක්කු)
රජය පළාත් අතර සංචරණ සීමා පැන වුවත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා දුර බැහැර සිට පැමිණෙන මගින් සදහා පමණක් විශේෂ දුම්රිය පහක් හෙට(17) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව උදෑසන 5.00ට මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් උදෑසන 4. 45 ට මහව සිට කොළඹ කොටුව දක්වාත්, උදෑසන 5.50 ට හලාවත සිට කොළඹ කොටුව දක්වාත්, උදෑසන 7.00ට බෝලවත්ත සහ පුත්තලම අතරත් උදෑසන 4:30 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා මෙම විශේෂ දුම්රිය යොදවා ඇතැයි සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
කොළඹ කොටුවෙන් පස්වරු 5.45ට මහනුවර දක්වාත්, කොළඹ කොටුවෙන් පස්වරු 6.00ට මහව දක්වාත්, කොළඹ කොටුවෙන් පස්වරු 5:18 ට හලාවත දක්වාත්, පුත්තලම සහ බෝලවත්ත අතර පස්වරු 4.00 ටත්, මරදාන සිට බෙලිඅත්ත දක්වා පස්වරු 4.40 ටත් එම දුම්රියන් යළි ගමන් කිරීමට නියමිතය.
මෙම දුම්රියන් කිසිදු උපස්ථානයක නතර නොකරන අතර දුම්රිය ස්ථානවල පමණක් නවත්වන බව ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
එම දුම්රියවල ගමන් ගන්නා පුද්ගලයින් තම අනන්‍යතාවය (රාජකාරි ඇඳුනුම් පතහා අයතන ප්‍රධානියාගේ සහතිකය )තහවුරු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය. මෙම දුම්රියන් වලට අමතරව එක් එක් පළාත තුල පමණක් සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව දුම්රිය ධාවනය කිරීම සඳහා අවසර ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව බස්නාහිර පලාත තුල කොළඹ කොටුව සිට අඹේපුස්ස, මරදාන සිට අලුත්ගම, කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ගමන් වාර හැට දෙකක් ධාවනය වන බව ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන අතර කොළඹ කොටුව සිට අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, සහ ගම්පහ අතර ඒවා ධාවනය වේ.
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය කොළඹ කොටුවේ සිට අලුත්ගම, කලුතර, පානදුර, ගල්කිස්ස, රත්මලාන, මොරටුව දක්වා ධාවනය කෙරේ.පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වාත් කැළණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, පාදුක්ක, කොස්ගම සහ වග දක්වා දුම්රිය ධාවනය වන බව ඔහු සඳහන් වැඩිදුරටත් කළේය.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹට හෙට විශේෂ දුම්රිය පහක්