IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොළඹ ඩෙංගු සියයට 20 ක් වැඩිවේ

වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි. මේ කාලයේදී කොළඹින් ඩෙංගු මරණ හතරක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආසාදිත සංඛ්‍යාව 1200 ඉක්මවා තිබේ. වෛද්‍ය කාරියවසම් මහතා පවසන්නේ මේ රෝගීන් අතරින් සියයට 55 ක් පාසල් සිසුන් බවයි. ඔවුන්ට පාසලේදී ඩෙංගු වෛරසය ඇතුළු වන්නට ඇතැයි ද වෛද්‍ය මතය වී තිබේ.

ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ පාසල් සෝදිසි කිරීමේදී ඩෙංගු කීටයන් සිටි පාසල් 51 ක් සොයාගත් බවත් ඒවාට අවසන් නියෝගය නිකුත් කළ බවත් කොළඹ මහා නගර සභාව කියයි. මේ පාසල් අතර ජනප්‍රිය පාසල් හතක් ද ඇත.



අදහස් (0)

කොළඹ ඩෙංගු සියයට 20 ක් වැඩිවේ

නන්දලාල් Friday, 31 May 2013 10:18 AM

ඩෙංගු වලට බෙහෙතක් අපේ දේශීය වෛද්‍ය වරියක් සොයා ගත්ත නේද ? ඒවාට තැන දුන්නොත් කොමිස්කාරයන්ට තට්ටු වෙන නිසාද මෙහෙම මිනිස්සු මැරෙන්න ඉඩ හරින්නේ.(ස)

:       0       0

චාමිකා Friday, 31 May 2013 10:28 AM

අර ගෙනාපු බී ටී අයි බැක්ටීරියාව කල් ඉකුත් වෙන්න ඇරියා පරිසරය පිරිසිදුව තබාගැනීමට ජනතාව උනන්දු කිරීමක් කියලා. පස්සේ කිවුවා පලිබෝධනාශක අංශයේ අවසර ලැබුනේ නැහැ කියලා.ඊට පස්සේ කිවුවා ගුවනින් ඉසින්න කෘෂි අමාත්‍යංශයේ අවසර ලැබුනේ නැහැ කියලා. 3 න් 2 බලය පාවිච්චිකරලා මේ මනුස්සයෝ ටිකගේ පණත් බේරලා දෙන්නකෝ. පින් සිද්ධ වෙනවනේ. (නි)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 10:49 AM

ගස් බැඳීම ඩෙංගු වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි (දී)

:       0       0

රණා Friday, 31 May 2013 11:02 AM

පිට පළාත් වලින් පැමිණ ප්‍රධාන නගරය ආශ්‍රිතව කුඩා බිම්කඩක නිවසක් තනා පදිංචිවන සංඛ්‍යාව අසූව දශකයේසිට ඉතා අධිකවීමනිසා ඩෙංගු වසංගතයක් ලෙස ලංකාවේ මුල්බැස ගත්තා. සමස්ථයක්ලෙස ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂක හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුදු ඉතා පහත්. අප අප දෙසම බැලිය යුතුයි මීට විසඳුමක් සඳහා.(ස)

:       0       0

උපාලි Friday, 31 May 2013 11:41 AM

මගේ අදහස දැන් ඩෙංගු වලින් මැරෙන්න ඕනෑ නැහැ. ගස්ලබු ගසේ බෙහෙත හොදම බෙහෙතක්. නමුත් බොහෝ දොස්තරලා ඒක ප්‍රචාරය කරන්නේ නැහැ. ඒත් සමහරු නිර්දේශ කරනවා. ළගදි ලෙඩවෙලා හිටපු අපේ අවුරුදු නමයක පුතෙක් බේරගත්තෙත් මේ ප්‍රතිකාරයෙන් (නි)

:       0       0

උදය Friday, 31 May 2013 12:14 PM

අපේ රටේ හැමදේම අලුත් පිට ලොකුවට පටන් ගන්නවා, පහු වෙද්දී කොහු වෙනවා. ඩෙංගු කාලයක් අඩු වෙලා තිබුනනේ. ටිකක් කල් ඇරලා අර රට ගැන ආදරයක් නැති අය පරණ තත්වයට එනවා. කුඩු ව්‍යාපාරයත් ඔහොමයි. අල්ලස් දුෂණත් ඔහොමයි. ලංකාවේ ඉන්න හොරු අඩු කලොත් ඩෙංගු නිකම්ම අඩුවෙයි. මම මේ ආණ්ඩුවට දොස් කියනවා නෙමෙයි, රටේ ඉන්න පිලිකා ගැන කතා කරන්නේ. (නි)

:       0       0

චාමිකා Friday, 31 May 2013 12:31 PM

බේත් හොයාගත්තා කියලා පත්තරේ දානවා. ඒත් තවම ඩෙංගු නිසා මිනිස්සු මැරෙනවා.ඩෙංගු වලින් මිනිස්සු මැරෙන එක නවත්තන්න කියලා ගිනිතියාගන්න කෙනෙක් පහල වුණේ නැහැනේ. කැමති කෙනෙක් මට දොස් කියන්න. ඒත් මට නම් හරක් මැරෙන එකට වැඩිය ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ කාරණයක් ඩෙංගු වලින් මිනිස්සු මැරෙන එක කියන්නේ. (නි)

:       0       0

ශීලා Thursday, 30 May 2013 11:10 PM

අර කොහෙන්ද ගෙනාපු ක්ෂුද්‍ර සතා කෝ? (නි)

:       0       0

මනෝහරන් Thursday, 30 May 2013 11:22 PM

නැත්තටම නැතිනම් ඒත් ආශ්චර්යය... වැඩිපුර තියෙනවා නම් ඒත් ආශ්චර්යය... (නි)

:       0       0

ශාන්ත Friday, 31 May 2013 12:19 AM

වෙනම ඩෙංගු ඇමතිවරයෙක් පත්කරමුද? (නි)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 03:53 AM

කොහෙද අර ගස් බැඳිල්ල කරගෙන යන්න දුන්නයි. දැන් ඉතින් කනවෝ කනවෝ කියමු. ඔය දුටු ගැමුණු කට්ටිය පහල වෙලා ඉන්නේ ජාතියේ පෙර පිනෙන්. ඒ උත්තමයින්ගෙන් වැඩක් ගන්න අපිට මොලයක් නැති හැටි. (දී)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 04:16 AM

ඩෙංගු වැඩිවීමට යම් හේතුවක් තිබේද? (නි)

:       0       0

රන්ජුල රෝම Friday, 31 May 2013 05:00 AM

මෙතැන අදහස් දමන චතුල වෙරෝනා නියම කොල්ලෙකි. රිස්වාන් සෞදි නියම ලාංකිකයෙකි. සදරුවන් නියම බෞද්ධයෙකි . අපි හැමෝම ලාංකිකයන් වෙමු. බුදු සරණයි! (නි)

:       0       0

පෙරේරා Friday, 31 May 2013 07:02 AM

අපි ඔක්කොම ලාංකිකයෝ තමයි. හැබැයි අපිට තවම ඩෙංගු ගැන මොකුත් කරගන්ඩ බැරි හැඩයි (නි)

:       0       0

දිලාන් Friday, 31 May 2013 02:48 PM

මේකේ වගකීම සම්පුර්නයෙන්ම විපක්ෂය බාර ගත යුතුයි. ඒ ගොල්ල තමා ඩෙංගුවාට අත්දුටු පිලියමක් වුණ ගස් බැඳීමේ ක්‍රමය නැවැත්තුවේ. දැන් පේනවා නේද පල විපාක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 662 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 914 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2008 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4290 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2243 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 839 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site