IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොළඹදි අන්තරේටත් කඳුළු ගෑස්

උසාවි නියෝග බාර නොගෙන නුගේගොඩින් පටන්ගෙන තුම්මුල්ල දක්වාත් එතැනින් කොල්ලුපිටිය දක්වාත් ගමන් කළ විශ්ව විද්‍යාල සිසුන් විසිරුවා හැරීමට පොලිසිය කොල්ලුපිටියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

IMG_3787 IMG_3807 IMG_3855 IMG_3978 IMG_4009 IMG_4148



අදහස් (0)

කොළඹදි අන්තරේටත් කඳුළු ගෑස්

ප්‍රියාත් Thursday, 01 September 2016 10:54 AM

මෙයාලට නම් හොඳ පාඩමක් උගන්වන්නේ නැතුව හරියන්නෙ නැහැ (නි)

:       0       0

දුටුගමුව Wednesday, 31 August 2016 03:26 PM

මෙතැන ඉන්න ගොඩක් අය වෛද්‍ය සිසුන් නෙමෙයි පේන හැටියට.පෙරටුගාමීන්ට ඕන විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ඇතිකරන්ඩ මිසක් ඉගෙනීමක් නෙමේ. (අ)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 31 August 2016 03:40 PM

විකි , ඔබ වගේ සැප වාහන වල යන අය මෙය ඉවසුවේ නැති වුණාට, රටේ නිදහස් අධ්‍යාපන යේ අගය දන්නා අපි හැමදාම සිසුන් සමග.(අ)

:       0       0

රත්නසිරි Wednesday, 31 August 2016 03:59 PM

තව එකෙක් ඉගෙන ගන්නවට ඇති ඉරිසියාව. (බ)

:       0       0

ජනක Thursday, 01 September 2016 05:46 AM

මහජනයාගෙන් කපන ටැක්ස් වලින් යැපෙන රජයේ සරසවි සිසුන්ට කිසිම සාදාචාරාත්මක අයිතියක් නැහැ මහජනයාට කරදරයක් වන ලෙස හැසිරීමට. මම දුක්වෙනවා මගේ කපන මුදල් මේ වගේ පිස්සන්ට යොදවන එකට. (නි)

:       0       0

විපුල Wednesday, 31 August 2016 04:10 PM

අනේ මේ ළමයි මේ ආණ්ඩුවට ඡන්දෙත් දීල මෙහෙම දෙයක් වෙයි කියල මේ ළමයින්ගේ දෙමවුපියන් වත් හිතන්නේ නැතුව ඇති (බ)

:       0       0

සුදත් Thursday, 01 September 2016 05:53 AM

පොඩ්ඩක් හිතන්න. මෙහෙ මුදල් ගෙවලා යම් ප්‍රමිතියකට උපාධියක් ගත්තොත් මේ රටෙන් පිටරට උපාධි වලට යන යන ඩොලර් සහ අනෙකුත් විදේශීය මුදල් අඩුවෙනවා. හොඳට බලන්න ස්වාධීන විදියට කිසිම දවසක පිටරට උපාධි ආයතන වලට සල්ලි ගෙවලා උපාධි ගන්න එපා කියල උද්ඝෝෂණ කරලා තියනවද මේ අය? (නි)

:       0       0

දර්ශන Thursday, 01 September 2016 05:54 AM

මේ රටේ දොස්තරලා මදිවෙලා මිනිස්සු මැරෙනවද? ඕක සේවාවක්නේ. රටේ අාදායමට කෙළින්ම බලපෑමක් නැහැ. එ්ක නිසා සල්ලි ගෙවලා පිටරට ගිහිල්ලා දොස්තරලා හදන්න ඕනෑ නැහැ. ඔය අවුල තියෙන්නේ දෙමාපියන්ට (නි)

:       0       0

විද්‍යා Wednesday, 31 August 2016 04:42 PM

අනේ මන්දා මේ ප්‍රශ්න කවදා විසඳෙයිද කියලා (නි)

:       0       0

ගයාන් Thursday, 01 September 2016 06:00 AM

කැම්පස් යන්නේ මෙහෙම අයද? මේ අය දන්නේ නැද්ද ලෝකයේ හැම රටකම පාහේ පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙන බව. රජයට පමණක් හැම ළමයටම උගන්වන්න බැහැ. එම රටවල් විදේශ විනිමය කෝටි ගණන් හම්බකරනවා. අනේ අපේ උගතුන් යැයි කියාගන්නා මෙහෙම පිරිසක්? (නි)

:       0       0

අශෝක Wednesday, 31 August 2016 05:08 PM

සම්පත් පතිරණ, ඔබ නිවැරදියි (නි)

:       0       0

රවි Thursday, 01 September 2016 06:14 AM

අපි හිතමු කෝටිපති පුතෙක් ඒ 3ක් අරන් ලංකාවේ පළවෙනියට විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ පාස්වුණා කියලා. එයා වෛද්‍ය උපාධිය කරන්න සයිටම් තෝරාගනීවිද? පැහැදිලිවම නැහැ. එයා තෝරාගන්නේ කොළඹ කැම්පස් එක. සයිටම් හැදුවේ, සාපේක්ෂ දක්ෂතාවය අඩු, ඒත් සල්ලිකාර තාත්තලාගේ දරුවන් වෛද්‍යවරු කරන්න මිස පිටරටට ඇදිලා යන සල්ලි නතර කරන්න නොවේ. (නි)

:       0       0

සාමා Wednesday, 31 August 2016 05:08 PM

විශ්ව විද්‍යාලවල ගිහිල්ලා උද්ඝෝෂණය නොකළොත් කට්ට කන ජීවිතයට හරි මදි වගේම මේ ගහන වතුරට ළඟදීම ජලබද්දක් එකතුවෙයි වගේ (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 31 August 2016 05:23 PM

සම්පත් පතිරණ, ඔබගේ අදහස සත්‍ය වුණාට රටේ බත් කන සමහර උදවියට තේරුම් ගන්න ටිකක් අමාරුයි. (නි)

:       0       0

නිමල් Thursday, 01 September 2016 06:56 AM

සටන් කළයුත්තේ අනෙකාගේ ඉගෙනීමට තියෙන අයිතිය නැතිකරන්නද? (නි)

:       0       0

යෝනක Thursday, 01 September 2016 07:06 AM

මෙයාලා නිසා අපේ රටටත් ලැජ්ජයි (නි)

:       0       0

රවීන්ද්‍ර Thursday, 01 September 2016 12:16 PM

උසස් අධ්‍යාපනය පුද්ගලික අයිතියක් විය යුතුමයි. අධ්‍යාපනයේ නිදහස එකක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ තව එකක්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 31 August 2016 06:21 PM

ඉගෙනගන්න කියල විශ්වවිද්‍යාලවලට ගිහින් මේවාද කරන්නේ?නොමිලේ උගන්නනකොට සමහරුන්ට එකේ වටිනාකමක් නැතිබවයි පෙනෙන්නේ.(රේ)

:       0       0

සේනක-බළංගොඩ Wednesday, 31 August 2016 07:03 PM

මෙි කියන අන්තර් විශ්වවිද්‍යයාල බල මණ්ඩලය විශ්වවිද්‍යල වලින් අයින් කරන්න ඕනේ.මෙි සංවිධානය තමයි රටෙි අධ්‍යාපන ය නැති කරන්නේ.අහිංසක දුප්පත් දෙමව්පියන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ දිවි දෙවැනිකොටගෙන.මුං ඒ අහිංසක ළමයින්ගෙ අධ්‍යාපනයත් විනාශ කරලාදානවා.(රේ)

:       0       0

ප්‍රියන්කර Thursday, 01 September 2016 07:32 AM

මේකේ කමෙන්ට් කරන විද්වතුන්ට නොතේරන දේ නම්, ලංකාවේ කී දෙනෙක්ට පුළුවන්ද ලක්ෂ 120ක් ගෙවලා උපාධියක් ගන්න කියන එක.. තව දෙයක් තමයි සයිටම් එකේ උගන්නන්නෙ එ්කෙන් පාස් අවුට් වුන අයවත් රුසියාවෙන් ඇවිල්ලාවත් නෙවෙයිනෙ.. රාජ්‍ය විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ව වැඩි පඩි දීලා අරගෙන තියෙන්නෙ..(බ)

:       0       0

නදී Wednesday, 31 August 2016 07:41 PM

අන්තර් විශ්ව විද්‍යයාල බල මණ්ඩලය තහනම් කරන්න. එවිට ළමයි ඉක්මනින් ඉගෙනීම ඉවරකරලා රටට සේවයක් කරයි. දේශපාලනය අවශ්‍ය අය දේශපාලනයට එයි. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 01 September 2016 12:54 PM

හොඳ වැඩේ. නියමයි (නි)

:       0       0

ගයාන් Thursday, 01 September 2016 07:40 AM

රැකියා දශලක්ෂයක් දෙන අද කාලේ නිකන් දෙන දෙයින් ඉගෙනගෙන එළියට ගිහින් ජොබ් එකක් කරන්න පින නැති මහපාරේ කාලකන්නි වෙන බත් කන හරක්....(බ)

:       0       0

බමුණුසේන Thursday, 01 September 2016 12:52 PM

එදා අරගල කළේ නැත්නම් අද තියෙන නිදහස් අධ්‍යාපනය අපට නැතිලු. ඔයාල නිදහස් අධ්‍යාපනයට කරපු අරගල මොකක්ද? හා කියන්න බලන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 01 September 2016 01:06 PM

විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් ගිහින් නැති උදවිය තමයි විශ්ව විද්‍යාලයකට ගිය අයට රැකියා සපයන්නේ. කොටින්ම දොස්තරලට රැකියා සපයන්නේ විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් ගිහින් නැති රටේ ලොකු බිස්නස්කාරයින්. හොඳට හොයලා බලලා කතා කරන්න ජයන්ත (නි)

:       0       0

ටිකිරි Wednesday, 31 August 2016 08:12 PM

මේ රටේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න පිරිස නේද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 31 August 2016 08:12 PM

වෙනත් රටවලට නම් උගත් තරුණයෝ මහා සම්පතක්. අපේ රටට කරුමයක් වෙලා (නි)

:       0       0

දිලංක Wednesday, 31 August 2016 08:32 PM

පළමු වසර සිට විශ්ව විද්‍යාල දක්වා සියලු නිදහස් අධ්‍යාපනය වහා නවතනු! නිදහස් සෞඛ්‍ය සේවය වහා අත්හිටවනු! (නි)

:       0       0

අරවින්ද Wednesday, 31 August 2016 10:14 PM

සිරිත් පරිදි කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් විඳ සභාතොමෝ ක්‍රෝධයෙන් විසිර ගියෝය. (නි)

:       0       0

දේව් Wednesday, 31 August 2016 10:27 PM

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ශාපයක් වූ දේශපාලන අවස්ථාවාදීන්ද සිටිනවා. (නි)

:       0       0

බිමල් Wednesday, 31 August 2016 10:40 PM

නිදහස් අධ්‍යාපනය එදා සිට රැකගත්තේ සිසු අරගල වලිනුයි (නි)

:       0       0

බටගල Wednesday, 31 August 2016 10:47 PM

'නිදහස් අධ්‍යාපනය' මෙයාලගේ සටන් පාඨයක් පමණයි. නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනයට කිසිමදෙයක් වෙන්නේ නැත. වෙන එකම දේ මෙයාලගේ රැකියා අවස්ථා පුද්ගලික විශ්ව විද්‍යාල වලින් පාස්වන ළමයින්ට යාමය. (නි)

:       0       0

බන්දු Wednesday, 31 August 2016 10:45 PM

මෙහෙම තමයි මෙයාලට සළකන්න ඕනෑ (නි)

:       0       0

උපසේන Wednesday, 31 August 2016 11:03 PM

රටේ ලෝකේ සිද්ධවෙන දේවල් ගැන හොයන්නේ නැතුව එක එක්කෙනාට කඩේ යන්න තමයි මේ අය දන්නේ (නි)

:       0       0

තිලංක Thursday, 01 September 2016 02:19 PM

නිදහස් අධ්‍යාපනයේ සෞඛයේ හරයක් නොදන්න අය මොනවා කීවත් ඒ අයගේ දරුවන්ටත් ඉගෙන ගන්න,ලෙඩකට බෙහෙතක් ගන්න ඉතුරු වෙන්නේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය තමා.නැතුව කෝටි ගණන් ඉගෙන ගන්න බෙහෙත් ගන්න අපි වගේ පොඩි මිනිස්සුන්ට බෑ. (හේ)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 31 August 2016 11:35 PM

අපේ පොලිසියට ජයවේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 31 August 2016 11:46 PM

ළමයිනේ! ඡන්දය දුන්නා නම් දැන් හොඳට ඉල්ලගෙන කන්න (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 31 August 2016 11:50 PM

දිය යට රබර් බෝලය සැඟවීමට සමහරු දරන අසාර්ථක උත්සාහයක්! (නි)

:       0       0

විජේ Thursday, 01 September 2016 12:13 AM

මහජනයාගේ හා අම්මලා තාත්තලාගේ සල්ලි කන, උසස් අධ්‍යාපනයට තේරුණා කියලා අං ඇවිල්ලා ඇති මොවුන් රටේ ප්‍රශ්න කතාකරන්න කලින් තමාගේ දැනුම වැඩි කරගන්නේ නැතුව පාරවල් දිගේ පිස්සු නටනවා. කවදාහරි මොවුන්නේ රටේ ඉහළ රැකියා වලට එන්න හදන්නේ. (නි)

:       0       0

සුසිල් Thursday, 01 September 2016 02:38 PM

ඉල්ලගෙන කන්නේ මේ අය.(හේ)

:       0       0

රාධා Thursday, 01 September 2016 12:14 AM

එතකොට පිටරට ගිහින් මුදල් ගෙවලා එන වෛද්‍ය සිසුන්ට පත්වීම් දුන්නට කමක් නැද්ද? මෙහෙ නිදහසේ පෙළපාලි යනකොට පිටරට ගිය අය පත්වීම් ලබලා රැකියාවල (නි)

:       0       0

ජයන්ත Thursday, 01 September 2016 01:31 AM

මෙතන අදහස් දාපු ගොඩදෙනෙක් මම හිතෙන්නේ විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් ගිහින් නැති උදවිය. එදා අරගල කළේ නැත්නම් අද තියෙන නිදහස් අධ්‍යාපනය අපට නැහැ. අද අරගල කළේ නැත්නම් හෙට නිදහස් අධ්‍යාපනය නැහැ. එ්ක තමයි අමිහිරි ඇත්ත. විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නේ පුළුල් දෙයක්. අරගල කරන්න ඕනෑ. එ්කේ කිසිම විවාදයක් නැහැ. නැත්නම් දේශපාලුවෝ අධ්‍යාපනය විනාශ කරනවා. (නි)

:       0       0

කුමාර Thursday, 01 September 2016 01:40 AM

ජයවේවා ! නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සහ අනාගත පරපුර සඳහා ඔබ කරන අරගලයට ජයවේවා! මුළු ලෝකෙන්ම එඩිතරම ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා! (නි)

:       0       0

පාලිත Thursday, 01 September 2016 01:39 AM

අන්තරේ අවශ්‍යතාවය තේරුම් ගන්න. වෙන රටක නායකයෙක් මෙහෙට එන දවසට පාරවල් වහගෙන පිකටින් කරනවා, මෙරට අධ්‍යාපන නිදහස, මානව අයිතිවාසිකම් නැහැ කියලා ලෝකයට පෙන්වන්න. (නි)

:       0       0

ධනු Thursday, 01 September 2016 01:51 AM

මේ අරගල වලට විරුද්ධ ඔබගෙන් මම අහන්නේ, මෙතන ඉන්න දහස්ගානම මෝඩයෝ කියලද? නැත්නම් මේවා ගැන අබමල් රේණුවක හරයක් තේරුම්ගන්න බැරි නුඹලා බුද්ධිමතුන් කියලද? (නි)

:       0       0

සංජු Thursday, 01 September 2016 02:04 AM

කුහක ඊර්ෂ්‍යාකාරයෝ. රටේ සල්ලි පිටට යනවට වැඩිය කොච්චර හොඳද. ඕක තේරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ධනු Thursday, 01 September 2016 02:04 AM

ඔය උපාධි කඩ වැහුවා නම් ඉවරනෙ. ලංකාව වගේ මිනිස්සු ඉන්න රටක මේ වගේ කඩ අරින්න දුන්නහම තරඟෙට තව අරියි. තරඟෙ නිසා ලාබෙට දෙන්න හදයි. ලාබ බඩු වල හැටි දන්නවනේ. අධ්‍යාපනයට දෙයියන්ගෙම පිහිටයි. මේ දේ නොතේරෙන නුඹලාට අැත්තටම නිදහස් අධ්‍යාපනය දෙන්න ඕනෑම නැහැ තමා. (නි)

:       0       0

සරත් රණසිංහ Thursday, 01 September 2016 03:05 AM

අද රටේ ජනතාවට සල්ලි මත දුවන ඉගැන්වීමේ ක්‍රමයකට මුහුණදෙන්න වෙලා. අදත් මේ යන්නේ 88-89 වගේ ගමනක්ද? පාලකයෝ ඇහුම්කන් නොදෙන තරමට මේ ප්‍රශ්න ඔඩු දුවනවා. කරුණාකරලා සිසුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න. අද ඔය සිසුන් කියන දෙය හෙට ජනතාවට ප්‍රබල ලෙස එදා වගේම බලපාන්න පුළුවන් (නි)

:       0       0

උදාර Thursday, 01 September 2016 03:16 AM

මෙයාලාගෙන් මහජනතාව වන අපිට පුදුම වදයක් තියෙන්නේ (නි)

:       0       0

සංජු Thursday, 01 September 2016 03:18 AM

රටේ ඕනෑතරම් සරසවි තියෙනවා නම් කමක් නැහැ. මම නම් හරි කැමතියි මේවා අරිනවට. මෝඩ පණ්ඩිතයන්ගේ කුහක අදහස් වලට මට නම් ලැජ්ජයි (නි)

:       0       0

ප්‍රසංක Thursday, 01 September 2016 03:31 AM

තව එකෙක් ඉගෙනගන්නවට ඇති ඊර්ෂ්‍යාව මිස වෙන මොකක්ද? (නි)

:       0       0

අරුණ Thursday, 01 September 2016 03:35 AM

සිංහයා උඩ නැඟපු එකටත් දඩ ගහන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Thursday, 01 September 2016 03:29 AM

නවක වදය දීලා සිසුන් මුලින්ම බය කරගන්නේ මේවට තමා. අද නිදහස් අධ්‍යාපනයක් තියෙනවද කියලා දන්නේ ටික දෙනෙක් පමණි. ටීවී එකේ යන උසස් පෙළ ටියුෂන් දැන්වීම් වලින්ම එය අවබෝධ වෙනවා. (නි)

:       0       0

වික්ටර් Wednesday, 31 August 2016 12:56 PM

පළමුවෙනි ශිෂ්‍ය සටන ඇරඹුනේ සුද්දගේ කාලයේ පේරාදෙණිය සරසවියේ අයාලයේ ගිය බල්ලට වෙඩි තැබිමෙන් පසුවයි . අනේ දෙන් කරන ශිෂ්‍ය සටන් බල්ලෙකුටවත් වටිනා ඒවා නොවෙයි. ශිෂ්‍ය මහත්වරුන් තේරුම් ගත යුතු බොහෝ දේවල් තියනවා. ඔබ සටන් කළ යුත්තේ ඔබලාගේ නායකයන්ගේ නියෝගවලට පමණක් නොවෙයි ,ඒමේ සටන්වලට ජනතාව දක්වන සහයෝගිතාවය සොැලකිල්ලට ගනිමින් (බ)

:       0       0

විකී Wednesday, 31 August 2016 01:04 PM

ගාලු පාරේ ලොකු ට්‍රැෆික් එකක් ඇති කරපු සිසුන්ව අත්අඩංගුවට ගන්න. කරුණාකර මෙවැනි මහජනතාව අපහසුතාවයට පත්කරන අයට නිසි දඬුවම් ලබාදෙන්න (බ)

:       0       0

තිළිණ Thursday, 01 September 2016 03:42 AM

මෙයාලා කියන විදිහටද දැන් රට කරන්න ඕනෑ? (නි)

:       0       0

තිලංක Thursday, 01 September 2016 03:42 AM

විශ්ව විද්‍යාල යන ගමන් ප්‍රයිවට් උපාධි කරන්න මොවුන්ට හොඳයි. දොස්තරලා වෙලා පුද්ගලික රෝහල් වල චැනලින් කරන්නත් හොඳයි. (නි)

:       0       0

ඉම්තියාස් Thursday, 01 September 2016 03:55 AM

අවුරුදු 13 පාසලේ නොමිලේ උගන්වා අවුරුදු 3 විශ්ව විද්‍යාලේ නොමිලේ උගන්වා ඊට පසු රජයේ රස්සාවලුත් දීල මැරෙනකන් විශ්‍රාම වැටුපත් ගෙවන්න ඕන පුදුම රටක් තමයි ලංකාව. (බ)

:       0       0

ඇලෙක්ස් Friday, 02 September 2016 07:23 AM

අලුත් පරපුර කොහෙද දන්නේ නැහැ නේද. අය්යෝ පව්. රටක නීතියක් නැති කොට මේ වගේ දේවල් වෙනවා ඉගෙන ගන්න අය පෙළපාලි යනවා. ලංකාව කොහෙන් නවතීවිද කියල දන්නේ දෙයියෝ තමා (බ)

:       0       0

වීරහැන්නැදිගේ Thursday, 01 September 2016 03:52 AM

මේ වැඩ නිසා පිට පළාත් වලින් රැකියාවට එන මහජනතාව පත්වන අපසුතාව පෙන්වන්න (බ)

:       0       0

ලුම්බිණි Thursday, 01 September 2016 04:02 AM

උසාවි නියෝග වලට ගරු නොකර කරන අරගල නීති විරෝධී ඒවා. (බ)

:       0       0

සමන්ත Thursday, 01 September 2016 10:32 AM

88-89 කාලේ පාරවල් වල මේ වගේ බුද්ධිමත් අය මහදවාලේ පිච්චිලා තියෙනවා. කවදාවත් කිසිම රජයක් මේ ළමයි ගැන හොයලා නැහැ. මීටවඩා ආණ්ඩුව මේ ගැන ගැඹුරින් හිතන්න (නි)

:       0       0

අනුර ජයන්ත Wednesday, 31 August 2016 02:52 PM

සුබපැතුම්.දැන් මාධ්‍ය සාකච්ඡාවක් තියන්න හේතුවක් තියෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 1 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 347 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 408 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 852 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4929 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1180 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39336 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site