IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොළඹින් ඡන්ද නොලැබුණු හේතුව ඇමැති කියයි

‘මිනිසුන් ආකර්ශනය වන්නේ වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා නොව ඔවුන්ට අවශ්‍යදේට පමණක් ’ යැයි මහවැලි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තඹුත්තේගමදී ප්‍රකාශ කළේය.

‘දැන් බලන්න අපි කොළඹ පැල්පත් කඩා තට්ටු නිවාස  හදා දුන්නා.කොළඹ නගරය ලස්සන කළා.මිනිසුන් කීවා දැන් කොළඹ ලස්සනයි කියලා,එහෙත් කොළඹ මිනිසුන්  අපට ඡන්දය දුන්නේ නෑ.මේ දෙවල්වලට මිනිසුන් ආකර්ශනය වන්නෙ නෑ.අප ඒ බව තේරුම්ගත යුතුයි.

ඒ මිනිසුන්ට කුණු වළේම ඉන්නට හැරිමයි.එහෙම කළා නම් අපිට තව ඡන්ද කිහිපයක් ගන්න තිබුණා.ගමේ මිනිසුන් ඊට වඩා කළ ගුණ දන්නා බව පේනවා.’

 

 

 

 

 



අදහස් (0)

කොළඹින් ඡන්ද නොලැබුණු හේතුව ඇමැති කියයි

පාලිත Monday, 31 March 2014 03:40 PM

ඇමතිතුමාගෙ කතාව හරි. වැඩක් කළේ නැත්නම් කියනවා තියන ඔක්කොම හොරකම් කළා, මෙලෝ දෙයක් කළේ නෑ කියලා. දැනෙන්න වැඩක් කළොත් කියනවා ඔව්ව කරන්නෙ යටින් ගහන්න කියලා. ආත්මාර්ථකාමි, කුහක, බොරුව ඉස් මුදුනින් පිළි ගන්න මිනිස්සුන්ට මොනව කළත් වැරදියි. නමුත් රටට වැඩක් කරන්න නම්, ඒ වගේ අය ගැන හිත හිත ඉඳල තේරුමකුත් නෑ.(නදී)

:       0       0

හිල්මි සමදරා Tuesday, 01 April 2014 08:12 AM

කොළඹ කියන්නේ ලංකාවේ අගනුවර, කොළඹ මිනිස්සු දන්නවා අද ජීවත් වෙන්න තිබෙන අමාරුව. කවුරු කැමති වුණත් නැතත් මහජන මතය පිළිගන්න වෙනවා. (නි)

:       0       0

බෙනට් Monday, 31 March 2014 03:41 PM

බදුල්ලේ, හම්බන්තොට , පොළොන්නරුවේ ඉඳල කොළඹ ඇවිත් නොදන්නා ඒවා කරන්න ගියහම ඔහොම වෙනවා තමයි.(නදී)

:       0       0

මනෝජ් Monday, 31 March 2014 03:42 PM

කොළඹ මිනිස්සු හැමදේම ගන්න ඕනේ සල්ලි දිලා. මිනිස්සුන්නට ලස්සනට ඉන්න ඕනේ තමා. එත් ජිවන වියදම මිනිස්සුන්න්ට තදින් දැනෙනවා. ඒකනිසා බඩුමිල ටිකක් අඩු කරන්න වැඩ පිළිවලක් හැදුවොත් ජන්ද හම්බවෙයි ඉස්සරහට.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 07 April 2014 02:38 AM

සංවර්ධනයේ මුවාවෙන් ගසා කෑ යුගයට වහාම තිතක් තියන්න ඕනෑ කියලා ඡන්දය හරහා රතු එළියක් නිකුත් කළේ ඡන්දදායක ජනතාව. ඇමතිතුමා වේදනාවෙන් කතා කරන්නේ ඉදිරි දේවල් වලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන (චීන ණය සීමා වීම, පොළී අනුපාතය වැඩිවීම, වෙළඳ ගෙවුම් ශේෂය ප්‍රසාරණය වීම වැනි) මඳවීම නිසා වෙන්න ඇති. දැන් සත්‍යය හැටියට වමාරන්නේ නිහතමානිබව නොවෙයි. තිත්ත වූ යථාර්තයයි. (නි)

:       0       0

මොහමඩ් Monday, 31 March 2014 03:58 PM

කොළඹ මිනිස්සුන්ට තමයි මොළයක් තියෙන්නේ. ජාතිවාදීන්ට හොඳ පිළිතුරක් ලබාදුන්නා කොළඹ ජනතාව(නදී)

:       0       0

සමීර Monday, 31 March 2014 04:01 PM

මෙන්න ඡන්ද දායකයින්ට කතා කරන විදිය.(නදී)

:       0       0

විජේසිංහ Monday, 31 March 2014 04:05 PM

පිටබැද්දර ජයා, ඔයාගේ අදහස සීයට, දෙසීයක්ම හරි. (නදී)

:       0       0

දෝනා Monday, 31 March 2014 04:11 PM

සහාතික ඇත්ත. (නදී)

:       0       0

අෆ්රාජ් Tuesday, 01 April 2014 08:38 AM

කොළඹ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු, මුලු රටම දිනුවත් වැඩක් නැහැ අග නගරය දිනා ගන්න බැරි නම්. අයියෝ සල්ලි! (නි)

:       0       0

අල්විස් Monday, 31 March 2014 04:20 PM

කොළඹ පමණක් නොවෙයි මහත්තයෝ.. හම්බන්තොටත් එහෙමයි. හම්බන්තොටට වරායක් ගුවන් තොටුපොලක්, ක්‍රිකට් පිටියක් , සිනමා ගම්මානයක් මෙකි නොකී දේවල් හැදුවා උනාට ඒවායින් කාගේ කාගේත් උවමනාවන් ඉටු උනාට ජනතාවගේ උවමනාව ඉටු උනේ නැහැ මහත්තයෝ. අඩුම තරමේ ජනතාවගේ උවමනාව තේරුම් ගන්ට පුළුවන් කමක්වත් නැහැ. ඌව පළාතෙත් හොඳට ඉඩ කඩ තියෙන නිසා ගුවන් තොටුපොලකුයි ක්‍රිකට් පිට්ටනියකුයි හදන්ටකෝ. (නදී)

:       0       0

සෙන්සා Tuesday, 01 April 2014 08:43 AM

මහජන ඡන්දයෙන් ඇවිල්ලා, මහජන මුදලින් යැපිලා තව මහ ජනතාවගේ ස්වාධීන මතයට අගරු කිරීමක් කළොත් එය වැරදියි.හරිහමන් විකල්ප විසඳුමක් තිබුනා නම් සමහර බඩගෝස්තරවාදීන්ට උන්හිටි තැනත් හොයාගන්නවත් බැරිවෙයි.ජනතාවට ජය! (නි)

:       0       0

නිරාන් සෞදි Monday, 31 March 2014 04:32 PM

ඇමතිතුමෝ ඔහොම යමුකෝ ඉස්සරහට. ගමේ අයත් යුතුකම් පෙන්නාවි.(නදී)

:       0       0

ශාන්ත Monday, 31 March 2014 04:38 PM

ඒ මිනිස්සු දන්නවා කොළඹ ලස්සන උනාට ඒ ම්නිස්සුන්ගේ කුස නොපිරෙන බවත් ඒ මිනිසුන්ව පන්නා හෙන්චියියන්ට කොළඹ ඉඩම්ටික දෙන බවත්. ඒකයි ඡන්දෙ නොදුන්නේ.(නදී)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 01 April 2014 09:04 AM

රටක සංවර්ධනය ගොඩනැගිලි සහ පාරවල් වලින් විතරක් මනින්න බැහැ. මිනිසුන්ගේ ආර්ථිකයත් වර්ධනය වෙන්න ඕන.අද මිනිස්සු වැඩියෙන්ම ආහාරයට ගන්නේ බදු. ඒක තමා ඇත්ත තත්වය. (ස)

:       0       0

රාණි Monday, 31 March 2014 04:46 PM

සුද්දෝ ලංකාව දාල යද්දී කොළඹ උයන් තිස් දෙකක් තිබුනා. අද තියෙන්නේ විහාරමහා දේවි එකයි කැම්බල් එකයි විතරයි. ඉතිරිවා ඔක්කොම හෙන්චයියන්ට බෙදල කොලඹ නගරේ කෑවේ පක්ෂ විපක්ෂ දේසපාලුවෝ. (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 01 April 2014 09:07 AM

පළාත් සභාවට අලුතින් එක් වුණා හිරුනිකා මෙනවිය ඊයේ රාත්‍රියේ රුපවාහිනී වැඩසටහනකදී කොළඹ මිනිස්සුන්ගේ නිවැරදි අවශ්‍යතාවය තේරුම් අරන් හොඳ ප්‍රකාශයක් කළා. එම විදියට හැමෝම හිතල වැඩ ක‍ළොත් රටට සුභ අනාගතයක් වේවි. (ස)

:       0       0

සුභසිංහ Monday, 31 March 2014 04:47 PM

කිරි අප්පට බල්ලෝ පැනපි. ඇත්තට ඕවගේ ගණන් හිලවු එහෙම කොහොමද. හොඳටම සුවර්ද පැරදුනේ ගණන් හිලවු වල ප්‍රස්නයක් නිසා නොවේ කියලා. (නදී)

:       0       0

වසන්ත Monday, 31 March 2014 04:57 PM

ඇමති තුමෝ ගමේ මිනිස්සුත් ටික ටික ලොක්කන්ගේ වැඩ ගැන තේරුම් ගනිමින් ඉන්නවා. තව වැඩි දුරක් නෑ. ඇයි අර ආපු සමහර ව්‍යාපාරිකයින් රට දාල යන්නේ? (නදී)

:       0       0

සරත් Monday, 31 March 2014 05:04 PM

සියල්ලම එක පැත්තක් නියෝජනය කරන බව පේනවා.(නදී)

:       0       0

රන්දුනු Monday, 31 March 2014 05:13 PM

මෙතන කොලඹ මිනිස්සු කියන්නේ එජාප දිනපු ආසන වල ඉන්න දෙමල සහ මුස්ලිම් වරුන්ද? ඒ ආසන වල සිංහල ඉතාමත් අඩුයි.(නදී)

:       0       0

කුමාර රාජකරුණා Monday, 31 March 2014 05:14 PM

ගමෙනුත් ඡන්ද අඩුවෙමින් යන බව එයාට පෙනිලා නෑ වගේ. කොළඹ ලස්සන කරන්න කියලා ඉන්න මිනිස්සුන්ව තමන්ගේ ඉඩම්වලින් අයින් කලාම ඡන්දෙ නැතුව යනවා.(නදී)

:       0       0

එලෝන් ඩිලෝන්ස් Monday, 31 March 2014 05:14 PM

අනේ ඇමති තුමා සංවර්ධනය වගේම මිනිස්සුන්ගේ බඩගින්න ගැනත් ටිකක් බලන්න.(නදී)

:       0       0

නිරාන් සෞදි Monday, 31 March 2014 05:15 PM

දැන්වත් ප්‍රේමදාස මහත්තයා වගේ මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න ඉගෙනගන්න.(නදී)

:       0       0

ගලේවත්තෙ Monday, 31 March 2014 05:18 PM

ගමේ මිනිස්සු රැවටුනාට කොළඹ මිනිස්සු තම්බන්න ඔය ලුණු ගොරක මදි ව‍ගේ...හැබැයි ග‍මේ මිනිස්සුත් දැන් නම් දැන‍ගෙන ඉවරයි....බලා‍ගෙන ඉන්න ...ඔ‍හොම ‍නෙ‍වෙයි කන්න ‍වේ‍නේ...(අ)

:       0       0

ඉන්ද්‍රචාප Monday, 31 March 2014 05:25 PM

කොළඹ සංවර්ධනය කියලා කොළඹ වියදම් කරන්නේ කාගේවත් පෞද්ගලික සල්ලි නෙමෙයි. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර. ඒ ගැන කියන්නේ නැත්තේ ඇයි? ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. ඒත් ඇත්ත ඒක තමයි. (අ)

:       0       0

සීල Monday, 31 March 2014 05:48 PM

ඔයාලා කරන්නේ කොහොමත් ඉතින් මහා පරිමාණයේ වැඩනේ. (නි)

:       0       0

චානුක Monday, 31 March 2014 05:49 PM

අනෙක් පළාත්වල වගේ දවස් පහම කරවිල කාලා ඉන්නවත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් ගහක් කොළක් කොළඹ නැහැ. කොළඹ ගෙවල් වල එහෙම එකක් හදාගන්නවත් ඉඩක් නැහැ. අනික උදේ පහට හයට එළියට බැස්සම මහා රෑ 10-11 වෙනකම් ජීවිතය වෙනුවෙන් මැරි මැරී උපදින මිනිස්සු කොට්ඨාශයක් තමා කොළඹ ජීවත් වෙන්නේ. ඉතිං ඔය තත්ත්වය උඩ කොළඹ මිනිස්සු හැමදේම ගන්න ඕනෑ සල්ලි වලට. කොළඹ මිනිස්සුන්ගේ තිබෙන සැබෑම ප්‍රශ්න වලට විසඳුම් දීලා ඕනෑ කොළඹින් ඡන්ද ඉල්ලන්න. විශේෂයෙන්ම ජීවන වියදම අඩුකරලා දෙන්න මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න. අනික් පළාත් වල අයට වඩා කොළඹ මිනිහා තමයි අමාරුවෙන්ම ජීවත් වෙන්නේ. කොළඹ ජනතාවට තමා ජීවන වියදම තදින්ම දැනෙන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 01 April 2014 09:22 PM

කොළඹ නොවෙයි රටේ කොහේ උනත් වැඩ කරන්නේ නැති නම් චන්දෙ හම්බ වෙන්නේ නැහැ (දී)

:       0       0

පොඩි මල්ලි Monday, 31 March 2014 05:52 PM

කොහොමත් කොළඹ ඉන්න අය ගමේ ඉන්න අය වගේ කියලා නම් හිතන්න එපා. (නි)

:       0       0

කැලුම් Tuesday, 01 April 2014 11:01 AM

යන්තම් ඇති දැන්වත් තේරුණා නම්. (ස)

:       0       0

සමන්ත Tuesday, 01 April 2014 12:31 PM

ඔය කතාව කෙලින්ම ජනාධිපති තුමාට කිව්වනම් නේද හොඳ ?.කොහොමත් ළඟදීම ලොකු පෙරලියක් බලාගන්න පුළුවන් වේවි .(දිල්)

:       0       0

නිමල් Monday, 31 March 2014 07:06 PM

කොහොම කිව්වත් කොළඹ මිනිස්සු බුදධිමත්. එකනේ 51% ඡන්දෙ නොදී රතු එළියක් දුන්නේ. දැන්වත් බේගල් නවත්තලා අවංකව වැඩ කළොත් ආයෙ පාර්ළිමේන්තු යන්න වාසනාව ලැබෙයි ඕං හැමෝටම කිව්වා ...(දිල්)

:       0       0

සම්පත් Tuesday, 01 April 2014 12:52 PM

අපි කොළඹ කාක්කෝ අයියෝ කොළඹ කාක්කෝ. (කේජු කෑල්ලේ කතාව)(නදී)

:       0       0

ගිම්හානි Tuesday, 01 April 2014 01:00 PM

කොලඹ අයව තම්බන්න අමාරුයි.(නදී)

:       0       0

දුලිත් Tuesday, 01 April 2014 01:12 PM

ඔය කොළඹ තියන අමාත්‍යංශ ටිකයි, පාස්පෝට් කන්තෝරු වගේ ප්‍රධාන ආයතන ටික හිමිහිට හම්බන්තොටට ගෙනිච්චම කොළඹ මිනිස්සුන්ට ප්‍රඥව පහළවෙයි ඇමතිතුමෝ.(නදී)

:       0       0

සෙනෙවි Monday, 31 March 2014 07:53 PM

මෙයා ලොක්ක එක්ක තියෙන අමනාපය මේකෙන් පිට කරනවා (අ)

:       0       0

කුමාර Monday, 31 March 2014 08:01 PM

කැබිනට් ඇමතිවරයෙකු ලෙස ඔහුට තුන්වන පාර්සවයක් ලෙස කතා කල නොහැකියි .ඇයි ඔහුට මේ කියන වැරදි නිවැරදි කරන්න කිසිවක් කරන්න නොහැකිද ? (අ)

:       0       0

සමන් Monday, 31 March 2014 08:04 PM

කොළඹ, ගාල්ල, මහනුවර එහෙම ඉන්නේ හොඳ බුද්ධිමත් ජනතාවක්. ගමේ අය වගේ නගර වල ජනතාව අන්දන්න තමුන්නාන්සේලාට අමාරුයි. කොළඹ, ගාල්ල ජනතාවට අපේ ආචාරය. (අ)

:       0       0

සමන්ත Monday, 31 March 2014 08:45 PM

ඔය පටන් ගැන්ම විතරයි ඇමති තුමෝ තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ...ඔබතුමාලා හිතාගෙන ඉන්නේ හැමදාම ජනතාව ගොනාට අන්දන්නනේ ...පරණ ගොනා විකුණලා හුගක් කල් ...(අ)

:       0       0

ලලිත් කුරුණෑගල Monday, 31 March 2014 08:46 PM

ඇමතිතුමා මරුකතාවක්නේ කියන්නේ හරියට ඇමතිලගේ අම්මගේ අප්පාගේ බූදලේ විකුණලා මිනිස්සුන්ට ගෙවල්, පාරවල්,හදල දුන්නවගේනේ කතාව,මේවා හදන අැමතිලගේ ලයිට්බිල ලක්ෂගණන් ,ගහනකොමිස්,කොහොමද?පොඩි මිනිහට තුන්වේල කන්න සල්ලි නැහැ පැජරෝ,ප්‍රාඩෝ, තියා බයිසිකලෙකක් ගන්න විදිහක් නැහැ ඒවටත් අරබදු මෙබදු ගහනවා.ගමවල්වල මිනිස්සු රවටුනාට කොළඹ මිනිස්සු රවටන්න ටිකක් අමාරුයි දැන් (අ)

:       0       0

අනුර සිරිසේන Monday, 31 March 2014 08:57 PM

උන්නැහේ දන්නා බම්බුව කොළඹ ඉන්නේ මුස්ලිම් දෙමල බහුතරය පදිංචි කොලේ යු එන් පි එකෙන් ඒ අය කල ගුණ දන්නවා (අ)

:       0       0

අනුර Monday, 31 March 2014 09:00 PM

අධි වෙගෙන් සුප් හදල බීලා ගුවන්තොටුපොළ වරාය තම්බල කන්නද කියන්නේ (අ)

:       0       0

නාලක Monday, 31 March 2014 10:43 PM

දැන් ඉතින් ඔය කතා වැඩක් නැහැනේ චන්දෙ ඉවරයිනේ (දී)

:       0       0

ජීවන් Monday, 31 March 2014 11:33 PM

ඇත්ත මිනිස්සු දන්නවා (නි)

:       0       0

රජීව Monday, 31 March 2014 11:35 PM

සමහරුන්ට නම් ඡන්දය ලැබුණෙ රඟපාන නිසයි (නි)

:       0       0

සෆායා Monday, 31 March 2014 11:50 PM

ජනතාව නියම තීන්දුව තමයි දීලා තියෙන්නේ (නි)

:       0       0

මාගරී Tuesday, 01 April 2014 06:02 PM

කොළඹ නගරයේ ජන අනුපාතය සහ අධ්‍යාපන මට්ටම සෙව්වා නම් ඕකට පිළිතුරු හොයා ගන්න පුළුවන්. (නි)

:       0       0

රංජිත් Wednesday, 02 April 2014 08:14 AM

ඇමති මහත්තයෝ කොළඹ මිනිස්සුන්ට මොලේ තියෙනවා. ඒ මිනිස්සුනව අරවා දීලා මේවා දීල බොරු කියලා රවට්ටන්න බෑ. ඒකයි ඇත්ත.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 31 March 2014 02:34 PM

කොළඹ ලස්සන කලේ ඇමති තුමාගේ පෞද්ගලික මුදල් වලින්නම් ඔහොම කතා කලට කමක් නැහැ ඇමති තුමෝ. හැබැයි ඉතින් ලස්සන කරන ගමන් ලස්සනට ගහපු ගැහිලි කොළඹ මිනිස්සු දන්නවා ඇති. ගමේ මිනිස්සු රැවටුනාට කොළඹ මිනිස්සු තම්බන්න ඔය ලුණු ගොරක මදි වෙයි.(නදී)

:       0       0

සුකේත්‍රා Monday, 31 March 2014 02:38 PM

ඔව්, ඒක ඇත්ත; වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා ආකර්ෂණය වන්නේ මැති ඇමතිවරු පමනයි. හේතුව තවම හොයාගෙන නැහැ.(නදී)

:       0       0

බිංදු Tuesday, 01 April 2014 02:55 AM

මිනිස්සුන්ගේ අවශ්‍යතා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් (දී)

:       0       0

ජගත් සෞදි Monday, 31 March 2014 02:40 PM

පාරවල් හදනවා වගේම රටේ මිනිස්සුන් කන විදිහ බලන්නත් ඕනේ. කොළඹ නගරය කොහොමත් සුන්දර කළ යුතුයි.(නදී)

:       0       0

අජිත් Monday, 31 March 2014 02:41 PM

මසුරන් කතාව ඇමතිතුමෝ.(නදී)

:       0       0

නදීම් Monday, 31 March 2014 02:42 PM

සංවර්ධනයේ නාමයෙන් ගොඩක් මිනිස්සුන්ට උන් හිටි තැන් අහිමි වුනා.(නදී)

:       0       0

අශෝකා Tuesday, 01 April 2014 04:59 AM

කොළඹ කවදත් යු එන් පි (දී)

:       0       0

ඉෂාර Monday, 31 March 2014 02:48 PM

කොළඹ කාක්කන්ව අන්දන්න හරි අමාරුයි මැම්බර්තුමෝ.(නදී)

:       0       0

අශෝකා Tuesday, 01 April 2014 04:59 AM

මිනිස්සුන්ගේ සමාජ මට්ටම බලපානවා (දී)

:       0       0

තබීතා Monday, 31 March 2014 02:48 PM

කොළඹ මිනිස්සු සැම දේ ගැනම හොඳ අවධානයෙන් ඉන්න බව මෙයින්වත් ඇමති තුමාට තේරුම් ගියානම්.(නදී)

:       0       0

සම්පත් Monday, 31 March 2014 02:53 PM

මෙතුමාට තේරෙන්නේ නෑ වගේ. (නදී)

:       0       0

තිලක් නන්දන වෙල්ලහෙවගේ Monday, 31 March 2014 02:56 PM

ඇමති තුමනි සංවර්දනය අපිට ඕනි බව ඇත්ත. ඒත් එ්කම විතරක් මදි බව තමයි අපි මතක් කරලා දුන්නේ. ඒ සමගම ඇමති මණ්ඩලය ලබන වරප්‍රසාද වැඩි බව ඇති ගරු ජනාධිපති තුමාට පොඩි මතක් කල දීමකුත් මෙවර අපි සිදුකලා. අපි සැමදාම එතුමා සමග. නමුත් ඇමති මණ්ඩල ගෝලයෝ අපිට නඩත්තු කරන්න බැහැ තව දුරටත්.(නදී)

:       0       0

ද සිල්වා Tuesday, 01 April 2014 06:45 AM

අධිවේගී මාර්ග වල පවනට බඳු වේගයෙන් ඉගිලී යන්න තීරු බදු රහිත වාහන පර්මිට් ඔබතුමාලට ලැබුනට අපට නැහැ.දුප්පතාගේ වාහනය වන ත්‍රිරෝද රථයට තීරුබදු වැඩි කිරීම නිසා එයිනුත් පාඩු විඳින්න ‍සිදුවෙලා තිබෙන්නේත් අපිටයි. කොළඹ ජනතාව අද ඔබ ප්‍රතික්ෂේප කර ඇත. ගම්බද ජනතාව හෙට ඔබ ප්‍රතික්ෂේප කරනු ඇත. ඔබ මෙය තේරුම්ගත යුතුය. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 31 March 2014 03:04 PM

ඇමති තුමනි මෙතන තිබෙන්නේ කොළඹ මිනිස්සුන්ගේ වරදක් නොව ඔබතුමාගේ පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ දුෂණ , වංචා , මැරකම්. ගමේ මිනිස්සුන්ට ඡන්දෙ කාලෙට බත් පැකට් එකක් දීල අරක්කු ටිකක් දීල , ප්‍රාෙඩා් එකේ රවුමක් එක්ක ගියහම ඒගොල්ල ඡන්දය දෙනවා නමුත් කොළඹ මිනිස්සු එහෙම තම්බන්න අමාරුයි.(නදී)

:       0       0

පෙරේරා Monday, 31 March 2014 03:14 PM

එයත් කොලඹ දාල ගියේ බැරි නිසා තමා.(නදී)

:       0       0

වින්සන්ට් Monday, 31 March 2014 03:17 PM

කොලඹ වැඩිපුර ඉන්නේ ව්‍යාපාරිකයෝ සහ දෙමළ ජනතාවය. ඔවුන් කවදත් වැඩි කැමැත්ත දක්ෂිණ දේශපාලනයට. ඒකයි ඈත්ත.(නදී)

:       0       0

මිහිර Tuesday, 01 April 2014 07:46 AM

ඔබතුමා නායකතුමා සමග එකඟ වෙන්නේ නැද්ද? රටට එළිපිට මොනවා කිවුවත් මේක තමයි අභ්‍යන්තර මතය. අමතක වුණාද හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, පිට්ටනි ඔක්කොම හදලත් විශාල චන්ද ප්‍රමාණයක් අඩුවුණේ ඇයි කියලා? (නි)

:       0       0

විහාර Monday, 31 March 2014 03:18 PM

ඔව්, ඒක ඇත්ත; වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා ආකර්ෂණය වන්නේ මැති ඇමතිවරු පමනයි. හේතුව තවම හොයාගෙන නැහැ නියම මිනිස්සු ඉන්නේ කොළොඹ විතරයි.(නදී)

:       0       0

නලින් Monday, 31 March 2014 03:20 PM

පිටබැද්දගේ කතාව මසුරන්.(නදී)

:       0       0

ජිනා Monday, 31 March 2014 03:21 PM

ඇමති තුමෝ ඕවට වියදම් කරන්නේ මහජනතාවගේ සල්ලි නේද? ඔබතුමාගේ පෞව්ද්ගලික සල්ලි නෙමෙයිනෙ? කොළොඹ ලස්සන කරන්න ඕන තමයි ඒත් ඊට කලින් ජනතාවගේ ජිවන බර අඩු කරලා ඉන්න. ඊට පස්සේ තමයි ඉතුරු සල්ලි වලින් වැඩ කරන්න ඕනා.(නදී)

:       0       0

අනුපම Monday, 31 March 2014 03:22 PM

මහවැලි ගඟ කොළඹට හැරෙව්වත් උදේට වතුර පාවිච්චි නොකරන මිනිස්සු තමයි කොළඹ නගරයේ ඉන්නේ. ගම්පහ මිනිස්සු එහෙම නෙවෙයි.(නදී)

:       0       0

පුර්ණ Monday, 31 March 2014 03:24 PM

ඔව් ඉතින් ගමේ මිනිස්සු අන්දන්න ලේසිනෙ ඇමතිතුමා.(නදී)

:       0       0

අත්තනායක Tuesday, 01 April 2014 08:06 AM

කවුරු මොනවා කිවුවත් මිනිස්සුන්ව රවට්ටන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 380 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2731 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2023 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 214 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1220 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1327 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26971 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23515 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site