IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු පොලිසියේ 3ක් හිරේ

1991 වසරේ දී ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිව සිටියදී  16 හැවිරිදි සිසුවකු ඝාතනය කළ   පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා හා කොස්තාපල්වරු දෙදෙනකුට පානදුර මහාධිකරණ විනිසුරු එම්.ඉසෙඩ්.රසීම් මහතා අවුරුදු අටක බරපතල වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් 25,000 බැගින්වූ දඩ නියම කළේය.

රොෂාන් ද සිල්වා සමග එකල ඉංගිරිය පොලිසියේ කොස්තාපල්වරුන් ලෙස සේවය කළ මුදියන්සේලාගේ ජයසේන හා සිංහල විරුදලාගේ දීප්ති ශාන්ත යන දෙදෙනාටද එසේ දඬුවම් නියම කෙරිණි.

 

 



අදහස් (0)

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු පොලිසියේ 3ක් හිරේ

සෑම් Thursday, 18 June 2015 10:19 AM

මේක කියෙව්වාම මට තේරෙන්නේ ලංකාවේ පොලිසියේ උසස්වීම් ලබන්න නම් අඩුම තරමේ එක මිනී මැරුම් චෝදනාවක් වත් තිබිය යුතුයි කියලයි . (නදී)

:       0       0

නාලක Thursday, 18 June 2015 10:48 AM

තව ටිකක් ඉවසන්න තිබුණේ තීන්දුව දෙන්න . (ම)

:       0       0

සංජය Thursday, 18 June 2015 10:56 AM

සමහර ඒවාට මරණිය දණ්ඩනය. මේවට සිර දඩුවම් (නදී)

:       0       0

ගමගේ Friday, 19 June 2015 02:52 AM

"මේ නිලධාරියා කෙළින් වැඩකරන දක්ෂයෙක්" නම් එතකොට මේක මිනීමරන්න දෙන ලයිසන් එකක්ද? නිකන් මෝඩ කතා කියන්න එපා. ලෝකයේ ශිෂ්ට ඕනෑම රටක බලහත්කාරකම් කරන නිලධාරින්ව ගෙදර යවනවා. මිනීමරන්නම අවශ්‍ය නැහැ. නමුත් අපේ රටේ මිනීමරුවන්ට උසස්වීම් දෙනවා. මොකද මේගොල්ල අහිංසකයෝ මරන්නේ දේශපාලන හරි මුල්‍යමය අවශ්‍යතාවයට. පොලිස් මැරයන්ව දේශපාලුවෝ ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි උසස්වීමුත් දෙනවා. වහාම අපරාධ කරන කිසිම නිලධාරියෙකුට සේවයේ ඉන්න දෙන්න නරකයි. මේ අපරාධකාරයන්ට විරුද්ධව සිවිල් සමාජය පාරට බහින්න ඕනෑ (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 June 2015 11:10 AM

ඇත්තටම අවුරුදු අටනම් මදි. අඩුම තරමේ ජිවිත කාලයටවත් යෙවුව නම්. (ර)

:       0       0

සුරන් Thursday, 18 June 2015 11:10 AM

මේ මිනිසුන්ට දරුවෝ නැද්ද. මරණ දඩුවම දෙන්න තිබ්බේ. (ර)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 18 June 2015 11:32 AM

මගේ දරුවා මට වටිනවා උනාට ඔබට වටින්නේ නැහැ. මෙකයි වෙනස. (ර)

:       0       0

හිරුෂ Friday, 19 June 2015 03:15 AM

මේ ඔප්පුවෙලා තියෙන්නේ මේගොල්ලෝ කරපු එක දෙයක් විතරයි. මේ වගේ දෙවල් මේගොල්ලෝ සෑහෙන්න කරලා තියෙනවා. මෙතන දෙන්නෙක් ගැන මම පුද්ගලිකවම දන්නවා. එක පුද්ගලයෙක් විනෝදෙට මිනී මරපු කෙනෙක්. මේවගේ ගොඩක් දෙනෙක් අද තරු, පටි, රාජ්‍ය ලාංඡන ගහගෙන ඉන්නවා.(නදී)

:       0       0

ලියොන් Friday, 19 June 2015 03:17 AM

සුමුදු, බාල උදාහරණයක් මතක තිබුණා නේද.? එ්ක මෙතනට ගැලපෙන්නේ නැහැ. පිගන් කැඩීමයි හිරිමල් ජිවිතයක් නැති කිරීමයි එකක්ද.? (නදී)

:       0       0

සඳුන් Friday, 19 June 2015 03:17 AM

ගමගේ, ඔබගේ කතාව හරියට හරි. අපට අවශ්‍ය නීතියට වැඩ කරන අය. වැරදි කරමින් ඒවා වහගන්න සමහර අය බොරු සද්ද දාල ඉන්නවා. අහිංසක මිනිස්සුන්ට සත්තමක් දාලා, අන්ඩක් කඩලා පෙන්නුවම අපේ අය හිතන්නේ "ඔන්න මිනිහා" කියලා.(නදී)

:       0       0

සත්‍යජිත් Friday, 19 June 2015 03:31 AM

වැඩ කරන අය අතින් තමයි පිගන් බිදෙන්නෙත් .ඒ කොමෙන්ට් එක දැකල උතුර දකුණ මාරු වුනා. අවුරුදු 16 ක සිසුවෙක් මරන එක මෙච්චර සරල කරලා. ඒ සිසුවට අයිතිවාසිකම් නැද්ද. අවුරුදු 16 කියන්නෙ බාලවයස්කාරයෙක්. අධිකරනයෙන් පවා සහන හිමිවන වයසක්. සුමුදු ඔබේ පවුලෙ කෙනෙක් මෙහෙම පොලීසියෙන් මැරුවොත් ඒත් ඔබ ඔහොම කියනවද ? ඔබේ දරුවන් වගේ තමයි අනෙක් දරුවනුත්. කැත කතා කියන්න එපා (නදී)

:       0       0

සත්‍යජිත් Friday, 19 June 2015 03:36 AM

මේ නිලධාරිය කරල තියන එකම මිනීමැරුම මේක වෙන්න බෑ. ඔය නිළධාරියගෙ පවුලෙ කෙනෙකුට ඔහොම උනොත් දැනෙන වේදනාවම තමයි අනෙක් අයටත්. මේ රජය ගැන මට පැහැදීමක් ඇතිවුනා. එජාප රජය කාලෙත් වැරදි කළ අයගේ ෆයිල් තියාගෙන උන් හුරතල් කරපු එකයි පහුගිය ආණ්ඩුව කළේ. දැන් හරියට නීතිය ක්‍රියාත්මක වන බව පේනවා. මරණ දඩුවම ලැබුන නම් සතුටුයි. කමක් නෑ මේත් ඇති. (නදී)

:       0       0

සත්‍යජිත් Friday, 19 June 2015 03:48 AM

මම ගියා කවුද මේ සුමුදු කියන්නෙ බලන්න. ඔහුටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. මා ඔහුට ඉතා කරුණාවෙන් මෙසේ කිව්වා "ආ ඔබටත් දරුවො ඉන්නවා නේද. මා ආවේ අර වගෙ අදහසක් දැමූ ඔබ කවුද බලන්නයි. අනේ මිතුර මේ ඔබේ දරුවන් වගේම තමයි අනෙක් දෙමවුපියන්ගෙ දරුවනුත්. මේ දරුවන් දෙදෙනා පොලිස් නිළධාරියෙක් විසින් මැරුවොත් (එහෙම වෙන්න එපා ) ඒත් ඔබ කියනවද මේ නිළධාරියා දක්ෂයෙක් වැඩ කරන අය අතින්ම තමයි පිඟන් බිදෙන්නෙත් කියා. ඔය තරම් ම්ලේච්ඡ වෙන්න එපා යාළුවා කරුණු දැක්වීමට සිත රිදුනා නම් සමාවන්න. මට පුදුම හිතුනා මෙහෙම අදහස් දාන අය මේ ඉර හඳ යට ඉන්නවානේ කියා දැක්කාම. (ස)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 12:01 PM

සුදුස්සාට නිසි තැන (බ)

:       0       0

කලණි Thursday, 18 June 2015 01:08 PM

වයස 16 ක දරුවා අද හිටියා නම් අවුරුදු 40 ක කෙනෙක්. ඒ වගේම මේ විත්තිකරුවන් තිදෙනාම එවැනි තරුණ දරුවන් සිටින අය විය යුතුයි. ඒ දරුවන් සියලු දෙනාම මේ තාත්තලා තුන්දෙනාට කිසිම සමාවක් දියයුතු නැහැ කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

සිල්වියා Thursday, 18 June 2015 01:25 PM

අම්මෝ! ඔය ආසන්න කාලේ ඔය වයසේ ළමයි මොනතරම් ගංගාවල යන්න ඇද්ද? ටයර් උඩ පිචෙන්න ඇද්ද? හිතෙනකොටත් ඇඟ හිරිවටෙනවා. (නි)

:       0       0

සිදත් ලවන් Thursday, 18 June 2015 01:31 PM

මෙහිදී මා ඉදිරියේ වැදගත්ම ප්‍රශ්නයක් ඇත. නීතිය සම්බන්ධ පොලිසියේ නිලධාරියෙකුට මිනීමැරුම් චෝදනා තිබියදී ඔහුට උසස්වීම් දෙනවාද? පොලිස් අධිකාරිකමක්? අවුරුදු 24ක්ම නිදහසේ ඉඳලා. (නි)

:       0       0

ජගත් Thursday, 18 June 2015 01:47 PM

තිදෙනාගෙන් එක්කෙනෙක් පමණක් ලොකු පුටුවකට පත් කරලා ඉඳලා තියෙන්නේ. ඒ මදිවට අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකලු. අනිත් දෙන්නා එදා ඉඳලා තවමත් නිකම්ම රාළහාමිලා. මෙහෙම අපරාධ ප්‍රොමෝෂන් තව කොච්චර ඇද්ද.? (ර)

:       0       0

ලිලී Thursday, 18 June 2015 02:11 PM

අර කිව්වා වාගේ තව ටිකක් ඉවසලා පෙන්ශන් ගියාට පස්සේ නොවැ දඬුවම දෙන්න තිබුනේ. (බ)

:       0       0

ඇන්ටන් Thursday, 18 June 2015 02:24 PM

යහපාලනයෙන් නීතිය හරියටම ක්‍රියාත්මකයි (නි)

:       0       0

සත්‍යජිත් Thursday, 18 June 2015 02:41 PM

අපරාධකාරයෙක් අපරාධ මර්දන අධ්‍යක්ෂ! මේ විදියට පොලීසියේ කොයිතරම් තවත් අය ඇද්ද? (නි)

:       0       0

සඳුන් Friday, 19 June 2015 05:29 AM

නියම කතාවක් සත්‍යජිත්, තමන්ට හැර වෙනත් අයෙකුට අසාධාරනයක් වෙනකොට ඒක එතරම් දැනෙන්නේ නෑ. බොහෝ දියුණු රටවල මෙවැනි දෙයක් උනාම වැඩි දෙනෙක් මාධ්‍යට ඇවිල්ලා විරෝධය ප්‍රකාශ කරනවා. පරීක්ෂණ කරන්න ආයතනවලට බල කරනවා. අපෙත් ඉස්සර එහෙමයි. පසු කාලීනව මේවා සුලභ උනාම දැන් ගණන් ගන්නේ නෑ.(නදී)

:       0       0

පෙරේරා Thursday, 18 June 2015 03:00 PM

අවුරුදු 8 යි එක මිනීමැරුමකට, දඩය 25,000/=ක්? මිනීමැරුමකට ඒ කාලේ නම් එල්ලුම් ගහ. නමුත් දැන්? අවුරුදු 16ක් කියන්නේ තව කාලයක් ජීවිතේ වැජඹෙන්න තිබුන සුන්දර වටිනා වයසක් (නි)

:       0       0

සාගර Thursday, 18 June 2015 03:01 PM

මේ ගැන දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණයක් තිබිය යුතුයි. මෙවැනි නඩු තියෙන කෙනෙකුට උසස්වීම් දුන්නේ කවුද කුමන පදනමක්ද කියා සොයා බැලිය යුතුය. යහපාලනය යනු එයයි. මියගිය දරුවා වෙන්ය්වෙන් ශෝකයට පත් පවුලට සාධාරණයක් වෙන්නේ එවිටයි. ජනපතිතුමනි. මේ ගැන විමසා බලන්න. (බ)

:       0       0

නිහාල් Thursday, 18 June 2015 04:33 PM

මේ දරුවා මැරුවේ ඇයි? දැනගන්න කැමැතියි.(ර)

:       0       0

සුමුදු Thursday, 18 June 2015 06:07 PM

මම දන්න විදියට මේ නිලධාරියා කෙළින් වැඩකරන දක්ෂයෙක්. පිඟන් හෝදන අය අතින්ම තමයි පිඟන් බි‍ඳෙන්නේත් (නි)

:       0       0

යාපා Thursday, 18 June 2015 09:06 PM

අනේ ඇත්තට අද රටේ සිද්ධවෙන දේවල්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9094 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4786 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6612 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4502 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1108 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1916 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36464 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site