IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘කොළඹ අපි ආවා’ සතියේ දිනවල රාත‍්‍රී 9ට ස්වාධීන රූපවාහිනියෙන්

2016-06-03-ent-232

ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් අතර වඩාත් පීඩනයට පත්ව සිටින්නේ කවුරුන්දැයි සොයා බැලූවහොත් පැහැදිලිව පෙනී යන්නේ ඒ පහළ මධ්‍යම පන්තිකයන් බවයි. රටේ තීරණාත්මකම අවස්ථාවල දී ද විශේෂයෙන්ම මෙම කණ්ඩායමේ හැසිරීම එම තීරණයන්ට ඍජුවම වැදගත් වෙයි.

විවිධ සමාජමය, දේශපාලන, ආර්ථික හේතු සහ මානසික පෙළඹවීම මත පිටිසර ගමේ සිට කොළඹ පදිංචියට එන එවන් පවුලකට නගරයේ දී මුහුණ දීමට සිදුවන අප‍්‍රමාණ සමාජ සහ මානසික ගැටලූ සහ ආර්ථික පීඩනය මූලික කරගත් තේමාවක් මෙහිදී ඉදිරිපත් වේ.

කොළඹ සමාජය සහ පරිසර වෙනස තේරුම්ගත නොහැකිව රැුල්ලට පැමිණි පවුලක දරුවන් (ගැහැණු පිරිමි බාල තරුණ) හට ඇති වන මානසික පීඩනය හා ආර්ථික අපහසුතාවය නිසා පවුලේ ද අභ්‍යන්තර ගැටුම් ඇතිවී සහයෝගීතාවය ද බිඳී යන අයුරු මෙහිදී දැක්වේ.

ගමේ සිට නගරයට ඒමට පොළඹවන හේතු සහ නගරයේ දී මුහුණදීමට සිදුවන අසාමාන්‍ය පීඩනයක් මෙන්ම තරුණ අයගේ ආදරය හා විනෝදයට ඇතිවන හැලපැප්පීම් ද නොමග යෑම් ද යන සියල්ල මුළුමනින්ම සමාජ දේශපාලනික සාධක මත රැඳී පවතින බව නාටකයේ තේමාව මගින් අනාවරණය කෙරේ. කෙසේ වෙතත් හති වැටී ආපසු ගමට යන්නට අවශ්‍ය වුණත් එසේ ආපසු හැරීමට නොහැකි තරම් සිරව සිටින බව සහ එහි දී සිදුවන අසරණ වීම පිළිබඳ ඛේදවාචකය මෙයින් දිගහැරේ.

දයාදේව එදිරිසිංහ, සමනලී ෆොන්සේකා, සම්පත් ජයවීර, මේධා ජයරත්න, හර්ෂ තෙන්නකෝන්, එරංග ජීවන්ත, මනෝහරී විමලතුංග, අයේෂා දිසානායක, අංජන පේ‍්‍රමරත්න, සම්පත් ශ්‍රී ජයසිංහ, නිරෝෂන් ඉලේපෙරුම, සඳනි පතිරණ, ජයන්ත මුතුතන්ත‍්‍රී, දිල්කි ලියනගේ, ලලින්දා දිසානායකා, රොහාන් රණතුංග රංගනයේ යෙදෙන මෙහි කතාව හා අධ්‍යක්ෂණය සුරංග ලක්මාල් සෙනෙවිරත්න ගෙනි.

 

2016-06-03-ent-231



අදහස් (0)

‘කොළඹ අපි ආවා’ සතියේ දිනවල රාත‍්‍රී 9ට ස්වාධීන රූපවාහිනියෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 290 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 928 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1776 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6330 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1850 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site