IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කොළඹ ඇවිත් මාර කට්ටක් කෑවා.....

2017-01-04-ent-56

රොමේෂ් සුගතපාල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය තරැණ ගායකයෙක්. ඒ වගේම තමා ඔහු මේ දිනවල ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ Tunes band එක සහ Tunes Studio එකේ වැඩ කටයුතු නිසාත් හිරැ මෙගා ස්ටාර් නිසාත්. හැබැයි මේ කාර්යබහුල කාලය තුළත් හදසර කතා බහට රොමේෂ් සම්බන්ධ කරගන්න අපිට හැකි වුණා.

 

කොහොමද රියැලිටි අත්දැකීම?

2017-01-04-ent-57ඇත්තටම හොඳ අත්දැකීමක්. මම ඉගෙන ගත්ත ශාස්ත්‍රීය සංගීතය තුළින් ජනතාව අතරට යන්න මේ තුළින් මට අවස්ථාව ලැබුණා.

 

ඒ තුළින් සැගවුණු රංගන දක්ෂතා පෙන්වන්නත් අවස්ථාව ලැබුණා නේද?

අනිවාර්ෙයන්ම. මම රඟපාන්න ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. නමුත් දැන් මට ඒ ගැන වැටහීමක් තියෙනවා. මම හිතුවේවත් නැති තරම් ප්‍රතිචාර ලැබෙනවා. අද වන විට ප්‍රසංග වේදිකාව මතදී මාව හඳුන්වා දෙන්නේ විටෙක රංගන ශිල්පියෙක් කියන දේත් කියලා. ඒ වගේම මගේ කණ්ඩායමේ නම රාවන් ඒ ගැනත් කියලම තමා. ඒ තරමටම ප්‍රතිචාර තියෙනවා.

 

අන්තිමට කරපු ගීතය?

හමුවෙන්නේ නෑ ආයෙත්. මේක මම මුලින්ම වෙබ් release එකක් කළේ. කොහොමත් මේ මාසේ අන්තිම වෙනකොට මගේ Tunes Studio එක හරහා කරන මුල්ම වීඩියෝ එක කරන්නෙත් මේ ගීතය වෙනුවෙන්.

 

කොහොමද අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතා ඉහළයි. මා බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් ඉහළ රසික ප්‍රතිචාර මේ අලුත් ගීතයට ලැබෙමින් පවතිනවා. වෙබ් release එකේදී මේ වෙද්දී ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් නරඹලා තියෙනවා ඒ ගැන සතුටුයි.

 

දැන් යන මේ ගීත කලාවේ වෙනසක් කරන්න අදහසක් නැද්ද?

අනිවාර්ෙයන්ම. 2017 දී මම හිතා ගෙන ඉන්නවා වෙනසක් කරන්න. ගොඩක් මට ඉල්ලීම් එනවා ශාස්ත්‍රීය ගීත කරන්න කියලා මාව රවීන්ද්‍ර රන්දෙණිය මහතා හඳුන්වන්නේත් අපේ ශාස්ත්‍රීය ගායකයා හැටියට. ඉතින් ඒ වගේ ප්‍රවීණයන් එහෙම මාව හඳුන්වද්දී මට හිතෙනවා ඒ පැත්තෙන් දෙයක් කරන්න.

 

ඔබේ ගී අතර වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු සහ ඔබ කැමතිම ගීතය?

දිගු දෑස දුටුවාම... ගීතය

 

ආ මඟ ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. 2003 දී ගීතයක් කරලා කොළඹට ආවා. කොළඹට ඇවිත් ලොකු කට්ටක් කාපු කෙනෙක්. එක පාරට හතු පිපෙන්නා වගේ ජනප්‍රිය වුණු ගායකයෙක් නෙවෙයි මම. විශ්ව විද්‍යාලයට ගිහින් ගොඩක් කැපකිරීම් මැද ගොඩක් දුක් විඳලා මේ ගමන ආපු කෙනෙක්. ඒ වගේම තමා මම මේ ගමන තනියම එන්න පටන් අරන් දැන් අවුරැදු 10ක් වෙනවා.

 

රොමේෂ්ට මේ ගමන එන්න උදව් කළ අය මතක් කළොත්?

අනිවාර් යෙන්ම ඒ අය මතක් කරන්න ඕනේ. මගේ අම්මා සුනීතා ද සිල්වා, තාත්තා කේ.එම්. සුගතපාල (තාත්තා දැන් ජීවතුන් අතර නැහැ) ඒ වගේම මට මුලින්ම ගීතයක් ලියලා දුන්න බන්දුල මුදන්නායක මහතා. එතකොට දිගු දෑස ගීතය ඇතුළු ගීත බොහොමයක් මා වෙනුවෙන් ලියපු නන්දන වික්‍රමගේ මහතාත්, රංග දසනායක අයියා, නිසල් ගංගොඩගේ, ඉරාජ් වීරරත්න, වසන්ත දුක්ගන්නාරාල, හේම නලින් කරැණාරත්න මහතා ඇතුළු සියලුම දෙනාත් මට උදව් කළ සියලුම මාධ්‍ය මිතුරන් සහ විශේෂයෙන්ම මට ආදරය කළ සියලුම රසික රසිකාවියන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.

 

හෙට දවසේ බලාපොරොත්තු මොනවද?

මගේ ස්ථාවරය අඛණ්ඩව තියාගන්න එක. හැම තිස්සෙම හොඳ නිර්මාණ කරලා ඒක ගායනයෙන් වෙන්න පුළුවන් මගේ සංගීත කණ්ඩායමෙන් වෙන්න පුළුවන්. මගේ දැනුම භාවිත කරලා මොන විදියකින් හරි මගේ ජීවිතය අවසානය දක්වා සංගීතය තුළම රුදෙන්න තමා මගේ බලාපොරොත්තුව. පවුලේ විස්තර

මගේ බිරිය ඔමාලි හේරත්. මට පුංචි පුතෙක් ඉන්නවා එයාගේ නම සෙනිත ලිමන්.

 

කවදහරි දවසක ඔබ කැමති ඔබේ පුතත් ගායකයෙක් වෙනවටද?

ඒක මට හරියටම කියන්න බැහැ. මගේ තාත්තාගේ ආදර්ශය වුණේ යන පැත්තකට යන්න දෙන එක. මමත් ඉන්නේ ඒ තැන.

 

Text – Anusha Ranasigha



අදහස් (0)

කොළඹ ඇවිත් මාර කට්ටක් කෑවා.....

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1310 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2333 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1021 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9542 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3579 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site