IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කොළඹ කුණු කරදියානට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය.

කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි.

එහි සභාපතිනි රුවිනි ධර්මසිරි මහත්මිය විසින් එම කසල බාරගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අධිකරණයට දන්වනු ලැබුවාය.



අදහස් (18)

කොළඹ කුණු කරදියානට

විශ්ව Tuesday, 18 April 2017 07:49 AM

තව අව්රුදු දෙක තුනකින් මීතොටමුල්ල 2 වේවි. ඉසේ අමාරුවට කොට්ටෙ මාරු කරනවා විතරයි, හරි හමන් විසඳුමක් නෑ.

:       2       68

Indrajith Tuesday, 18 April 2017 08:47 AM

මේ කුණු සමග අර 225 දෙනාවත් ඇරියනම් තමයි හොඳ .

:       17       88

samantha Tuesday, 18 April 2017 09:24 AM

කුණු ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර ලක්ෂ 300 ට ඉස්තරම්ම එකක් මිලදී ගන්න පුළුවන්. මන්ත්‍රී කෙනෙක්ගේ එක පර්මිට් එකක සල්ලි. මේ යන්ත්‍රයෙන් දිනකට කුණුවලින් ප්ලාස්ටික් , කඩදාසි , යකඩ ,ටින් කිලෝ ලක්ෂය 50ක් වෙන් කරගන්න පුළුවන්. මේ වෙන් කරගන්න ඒවා පැක් වශයෙන් සකස් කර විදේශ රටවල කර්මාන්තශාලා වලට ඉතා ඉහල මුදල් වලට විකුණා හොද අදායමක් ගන්නත් පුළුවන්. ඇයි මෙච්චර සරල දෙයක්වත් රටේ වෙන්නේ නැත්තේ කියන එක තමා ප්‍රශ්නේ ? අපේ රටේ හැමෝම බලාගෙන ඉන්නේ අගමැතිතුමා හැම ප්‍රශ්නයක්ම විසදනකල්. ඇමති මණ්ඩලයක් , මන්ත්‍රීවරු ඉන්නේ වාහන පර්මිට් ගන්න සුරසැප විදින්න විතරද?

:       6       66

maheeTuesday, 18 April 2017 08:16 PM

ඔබ පෙන්වාදෙන සත්‍යය පිළිගන්න ඇයි මේ ලොක්කන්ට බැරි? කුණු බැහැර කිරීමේ නවීන තම ක්‍රම ලෝකයේ තියෙනවා. ඇයි ඒ ගැනගැන හොයා බලා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැත්තේ කියන එක තමයි තේරුම් ගන්න බැරි.

:       0       0

husen mohamad Tuesday, 18 April 2017 10:06 AM

රටේ දේශපාලුවෝ එකිනෙකාට ඇඟිල්ල දිග් කරලා හරි තමන්ගේ ඇඟ බේරගන්නයි දඟලන්නේ. මතුවුනු විරෝධතාවලට කඳුළු ගෑස් ගහන්න, බැටන් පොලුවලින් පහරදෙන්න උත්සුක වුණු අණ දීපු දේශපාලුවෝ කවුරුවත් තමන්ගේ වගකීම භාරගත්තේ නැහැ. අපේ රටේ දේශපාලුවෝ කියන්නේ.., " මොන ක්‍රමේකින් හරි බලය අරගන්නා, කිසිම මනුස්සකමක් නැති අමනුස්සයෝ කොටසකුයි " කියලයි රටට වගේම මුළුමහත් ලෝකෙටම ප්‍රදර්ශනය කළේ. ඔය උදවියගේ සැබෑ නිරුවත ලෝකෙටම පෙන්නුම් කල මොහොතක හැටියටයි මම මේ සිදුවීම දකින්නේ.

:       0       23

Srimali Tuesday, 18 April 2017 10:13 AM

දැන් ඉතින් කරදියාන ගමේ කට්ටිය පාරට බැහැල උද්ගෝෂණය කරයි

:       2       53

ධම්ම Tuesday, 18 April 2017 01:51 PM

මේ පිළිබඳව මීට වඩා විසඳුමක් ගැන හිතන්න අපට දැනුමක් නැති බව දැන්වත් අපි නිහතමානීව පිළිගනිමු.

:       0       12

රුවන් Tuesday, 18 April 2017 01:55 PM

මේවා කොළඹින් පිට ඈත මිනිස් වාසයෙන් පිට පළාතකට ගෙනිහින් දාල ඉතා එක්මනින් ප්‍රතීචක්‍රීකරණයට භාජනය කරන්න බලන්න කරදියාන කුණුවල දුගඳ සහ ඒවායේ අහිතකර ප්‍රතිපල අත් විදින්නවෙන්නේ පොදූ වාහන වල තනි අන්ඩෙන් එල්ලිලා යන එන අයට සහ මේ අවට වාසය කරන ලංකාවේම ජන කොට්ටශයකට කියලා මනුශ්‍යත්වයේ නාමයට සිතන්න

:       26       47

da silva berlin Tuesday, 18 April 2017 03:44 PM

මේ විදිහට පොලිතින් මලු වල දමාගෙන ගොස් කසල එක ගොඩකට විසි කරහම කුණු කදු ගොඩ ගැහෙන එක පුදුමයක් නෙවේ , දිරායන ශාක සහ සත්ව අපද්‍රව්‍ය වෙනමත් , කඩදාසි වෙනමත් , විදුරු වෙනමත් , ලෝහ වෙනමත් වර්ග කල යුතුය , එවිට ඒවා පහසුවෙන් ප්‍රති චක්‍රී කරණය කල හැක මෙම කුණුගොඩ සම්පතක් බවට පත් කරගන්න පුළුවන් , දැනුම තිබෙන නිලධාරීන් රටේ හිටියට කම්මැලි කම නිසා රට මෙම තත්වයට වැටිලා තිබෙනවා ,

:       10       77

Chanak Los angeles Tuesday, 18 April 2017 06:33 PM

රටේ සම්පත් අවභාවිත කලාට මමනම් කියන්නේ ඔය කුණු ගෙනිහින් දැමිය යුත්තේ මැද මුලන ඉඩමට කියලයි ...

:       18       2

aravinda Tuesday, 18 April 2017 06:37 PM

කොළඹ වැනි අධික ජන ඝනත්වයක් ඇති ප්‍රදේශයක කුණු එකතු කොට ගොඩ ගසා තිබීම ප්‍රයෝගික විසදුමක් නොවේ. ප්‍රයෝගිකව කල යුතුව තිබෙන්නේ, නගරය තුල තවකාලික කුණු එකතු කරන ස්ථාන ඇතිකොට, වරින් වර ඒවා නගරයෙන් පිටත ස්ථිර ස්ථාන වලට ගෙන යාමයි. මගේ දැනුමට, මෙයට ඇති හොඳම විසදුම වන්නේ, පසු ගිය රජය යෝජනා කල කසල ජන ඝනත්වයෙන් අඩු මඩකලපුව ප්‍රදේශයේ ස්ථිරව තැන්පත් කිරීමයි. මෙයට සමහරුන් විරුද්ධ විය හැකි නමුත්, බොහෝ දෙනාගේ යහපත සඳහා මෙම අදහස ක්‍රියාවට නැඟිය යුතුයි.

:       0       1

Chanak Los Angeles Tuesday, 18 April 2017 06:51 PM

ඩි සිල්වා ... ඔබ හරි ... ඔබ කියූ පරිදි තමයි ලෝකයේ බහුතරයක් මේ අපද්‍රව්‍ය බෙදා වෙන්කර ප්‍රතිචක්‍රීය කරණය කෙරෙන්නේ . කරුමෙට අපේ රටේ මේවා දැනුවත් කරදී මහජනයා එ්සදහා පෙළඹවීමට දේස පාලකයන් අසමත් වෙලා . දේසපාලකයන්ට සුඛෝපබෝගී වාහන වලට වෙන්කරන මුදල් රටේ අත්‍යවශ්‍ය ව්‍යාපෘතිය යෙදවීමට මොවුන් මැලිවන්නේ මන්ද ?

:       0       0

rathna Tuesday, 18 April 2017 06:59 PM

අනේ අපේ ගම.. .. සමහර රටවල් අනෙක් රටවල කුණු අරගෙන බල ශක්තිය හදනවා. kompost හදනවා. බලවතුන් ඒවා denadenath ඇස්පියාගෙන ඉදීම ප්‍රතිපල. මේ විදින්නේ. සුවිදනය හොඳට කසල කළමනාකරණ කරනවා. .

:       0       0

විජිත් Tuesday, 18 April 2017 08:03 PM

මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ අදෝනාව ඈත ලෝකවලටත් ඇහෙන්නට ඇති...කුනුගොඩේ ඉපදී, කුණු ගොඩේම දන ගා , බහතෝරා හැදුන දරුවා, කුණුගොඩ අසලම තියෙන දුප්පතුන් සඳහාම තියෙන පාසලට යන්න ඇති, මැස්සොත් සමග හමාගෙන එන කුණු ගඳ මේ අයට හුරු වෙන්නත් ඇති, කුණු ගොඩ නිසාම ඒ අයට හරියකට කෑමක්වත් පිළියෙළ කර ගන්න බැරිවෙන්න ඇති...දරුවන් නිතරම ලෙඩ රෝග වලට ගොදුරුවෙන්නටත් ඇති...දරුවා ළමයෙක් වුනාට පස්සේ ...මේ කුණු කන්දෙන් යකඩ කැබලි , ප්ලාස්ටික් කැබලි ආදිය එකතුකොට විකුණා මුදල් කර සිය පවුල රැක ගන්න උරදෙන්නටත් ඇති...අවසානයේදී ඒ කුණු කන්දටම බිලිවී මියැදෙන්නට ඇති.......... උගත් බුද්ධිමත් මිනිස්සුනේ ඒ තමයි ශ්‍රී ලංකාව නමින් හඳුන්වන අඳුරු දුපතේ සිදුවුන ඒ වගේම සිදුවන හෙටත් අනිවාර්යයෙන්ම සිදුවේයැයි සිතිය හැකි අවාසනාවන්ත සිදුවීම් රැසක එක සිදුවීමක්.. දේශපාලුවනේ නිදහස ලැබුන දිනසිට වසර 70 ක්ම රට කෑවා හැර ඔබලා කරපු එකම එක වැදගත් වැඩක් වත් තියෙනවාද ... රටේ කුණු ටික හරියට ප්‍රයෝජනවත් විදිහට කළමනාකරණය කරගන්න බැරි දේශපාලුවන් කොහොමද රටේ ආර්ථිකය සාර්ථක විදිහට කළමනාකරණය කර රට වැටී තිබෙන මහත්වූ අගාධයෙන් ගොඩ ගන්නේ...? රටම අසරණයි...

:       0       106

de silva berlin Tuesday, 18 April 2017 08:25 PM

සමන්ත කියන කතාවේ සත්‍යයක් තිබෙනවා , මම ජිවත් වන ජර්මනියේ ජනගහනය මිලියන 0.5 හෝ ඊට වැඩියෙන් ජිවත්වන විශාල නගර 10 කට වැඩිය තිබෙනවා , ඔවුන් සුඛෝපභෝගී ජිවිත ගතකරන නිසා නිපදවන කසල ප්‍රමාණය ලාංකිකයෙක්ට වැඩිය වැඩි , මේ හැම නගරයකම කුණු ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්තශාලා එකක් හෝ කිහිපයක් තිබෙනවා ඒවා ක්‍රියාත්මක කරන්නේ පුද්ගලික අංශය මගින් , ඔවුන් ලාභ උපයනවා , යන්ත්‍ර ගෙන එන්න මුදල් නොමැති නම් මෙම ක්‍රියාදාමය මිනිසුන්ට කරන්න පුළුවන් , ලංකාවේ ඉන්නවා රස්සා නැති මිනිස්සු ඕනේ තරම් , පොලිතින් බෑග් වල දමල කැලිකසල වගුරු බිම් වලට හැලීමෙන් එහි භූගත ජලය දුෂණය වෙලා , දැනට රජරට ප්‍රදේශයේ තිබෙන වකුගඩු රෝගය වැනි රෝග ඉදිරියට කොලබ අවට ජිවත්වන මිනිසුන්ට ඇති වෙන්න පුළුවන් , මේ වැනි ප්‍රශ්නවලට හරි නම් වගකියන්න ඕනේ රටේ පරිසර ඇමතිතුමා , ලෝකයේ දියුණු රටක නම් මෙවැනි තත්වයක් ඇති උනහම පරිසර ඇමති ඉල්ලලා අස්වෙනවා , කොටින්ම කියනව නම් ලංකාවේ පරිසර ඇමති කෙනක් ඉන්නවද ඒ කවුද කියලවත් හුඟ දෙනෙක් දන්නේ නැහැ

:       0       49

විජේ Wednesday, 19 April 2017 03:21 AM

කුණු ප්‍රශ්නේට හොඳ විසදුමක් 2014 දි ගෝඨාභය ගෙනත් සල්ලිත් වෙන්කරා.

:       2       30

Shanaka Wednesday, 19 April 2017 04:01 AM

මේ වගේ ප්‍රශ්න වලට අමුඩ ගහන නුසුදුසු දේශපාලකයන් මේ රටට යහපතක් කරයි කියා සිතිය නොහැක රටේ නායකත්වයේ සිටම නුගත් කම පෙන්නුම් කිරීම පමණයි

:       0       12

Chanak Los angeles Thursday, 20 April 2017 04:05 AM

විජේ... ඉතින් එම වෙන්කරපු සල්ලි වලට මොකද වුනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 532 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 113 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 270 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 311 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 384 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 685 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site