IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘කොළඹ ගංවතුරට හේතුව නාගරීකරණයයි‘

කොළඹ නගරයේ ඇළ මාර්ග හරස් කරමින් ඒ දෙපස පවුල් 8470ක් පදිංචි වී සිටින බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවය කරන ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට ආධාර ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

රාජ්‍ය ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව ප‍්‍රධාන ඇළ මාර්ග ආශ‍්‍රිතව පවුල් 543ක් කොළඹ අවට පිහිටි කෝට්ටේ, ගොතටුව, බ්ලූමැන්ඩල් ආදී ද්විතීයික ඇළ මාර්ග අවට පවුල් 2327ක් හා බස්නාහිර පළාතේ අවිස්සාවේල්ලේ සිට කැලණි ගඟ දක්වා ඇති ඇළ මාර්ග හරස් කර පවුල් 5600ක් පදිංචි වී සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පනත්වල ඇති දුර්වලතා භාවිතා කරමින් හා දේශපාලන බලපෑම් ඇතිව පහත්බිම් අනවසරයෙන් ගොඩකිරීමේ කටයුතුද සෙනසුරාදා ඉරිදා දිනවල සිදුවන බව කී අමාත්‍යවරයා 2015දී අනවසර ගොඩකිරීම් 296ක් හා මේ වසරේ අපේ‍්‍රල් මාසය වන විට 190ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයිද කීවේය.

කොළඹ නගරයේ ගංවතුර ඇතිවීමට අවිධිමත් නාගරීකරණය හේතු වී ඇතැයි කී අමාත්‍යවරයා එය පාලනය කිරීම සඳහා විධිමත් සැලසුමක් ඉදිරි පස් වසරේ ක්‍රියාවට නංවන බව ද පැවසීය.  

campi_201661 campi_2016612 campi_2016613



අදහස් (0)

‘කොළඹ ගංවතුරට හේතුව නාගරීකරණයයි‘

සත්‍යයා Wednesday, 01 June 2016 01:05 PM

තව අවුරුදු පහකින් මේ තනතුරට පත්වෙන එක්කෙනා වරද්දාගත් හැටි හා ඊළඟ අවුරුදු 5 ට අනාගත ඇමතිවරයා ගංවතුරෙන් කොළඹ බේරගන්න කරන කතා මට මැවී පේනවා. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 01 June 2016 02:02 PM

දැන්ද දන්නේ? (හේ)

:       0       0

සුනිල් Wednesday, 01 June 2016 02:44 PM

ප්‍රශ්න ගැටළු වලට හේතු මැති ඇමති වරුන්ගෙන් අහලම දැන් අපිට එපාවෙලා ඇමති තුමා. කාගෙන්ද මේවට විසඳුම් අපි අහන්නේ? (හේ)

:       0       0

විදානේ Wednesday, 01 June 2016 05:23 PM

අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)

:       0       0

රුවන් Wednesday, 01 June 2016 05:26 PM

මේ හේතු ඕනෑම කෙනෙක් දන්නවා. කරන්නේ මොකද්ද කියලාවත් තාම මෙතුමාවත් දන්නේ නැහැ. තව අවුරුදු 8කින් තමයි ඊළඟ ගංවතුර එන්නේ . එතකන් තවත් පහත් බිම් ගොඩකරයි. (නි)

:       0       0

ප්‍රබෝද Wednesday, 01 June 2016 06:47 PM

හැමෝම දන්නවා ගැටලුව මොකක්ද කියලා. ඒවාට විසඳුම් දෙන්න තමයි ඔබලා ඉන්නේ. හැබැයි හැම රජයෙන්ම කරන්නේ ඒවා තව තවත් වැඩිකරන එක. හරියට හැමදාම ලංගම, විදුලිබල මණ්ඩලය වාගේ රාජ්‍ය ආයතන පාඩු ලබනවා වගේ. පාඩුයි පාඩුයි කිය කියා තමන්ට වැඩ කරපු අයගෙන් ඒ ආයතන පුරවනවා. (නි)

:       0       0

අනිල් Wednesday, 01 June 2016 10:19 PM

එ්කද මුළු පළාතම නාගරීකරණය කරන්න හදන්නේ, මෙගාපොලිස් කියල? මුළු ලෝකෙම ඔය මෙගාපොලිස් සංකල්පයෙන් ඈත්වෙන්නේ එවැනි විශාල නගර වල තිබෙන පරිසර, නිවාස, භූ විෂමතා වැනි නොයෙකුත් අතිවිශාල ප්‍රශ්න නිසා. (නි)

:       0       0

හේමන්ත Thursday, 02 June 2016 04:05 AM

අවිධිමත් නාගරීකරණයට හේතුව කොළඹ මහනගර සභාවේ හා අනෙකුත් පළාත් පාලන ආයතනවල දූෂිත පාලනය හා නිලධාරීන්. ඔය සියලුම අනවසර ගොඩනැගිලිවලට අනුමැතිය විදුලි හා ජල සම්බන්ධය ලබාදීල තියෙන්න ඒ අනුව. ඒවා වෙනස් නොකර අනවසර ගොඩකිරීම් හෝ ඉදිකිරීම් නවත්වන්න බෑ.(ම)

:       0       0

ධම්ම Thursday, 02 June 2016 05:17 AM

පවතින නීති වලින් රිංගලා යන්න ඇමැතිවරුන්ම ආදර්ශ සැපයුවාම ගංවතුර විතරක් නොවෙයි ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන්.(ම)

:       0       0

අනුර Wednesday, 01 June 2016 10:37 AM

ටයි කෝට් දමාගෙන ගංවතුර පාලනය කරන්න බැහැ. හැමෝම සුද්දෝ බමුණෝ වෙන්න හදනවා මිසක් වැඩ නැහැ. එළියට බැහැලා විමර්ශනයක් කරලා පළමුව පරීක්ෂාව සහ නිර්මාණය, දෙවනුව සැළසුම්, තෙවනුව ක්‍රියාවට නැඟීම. ඔය වගේ දේවල් කටුබැද්දේදී අපිට කියා දීලා තියෙනවා. ජපානයේ චීනයේ දියුණුවට හේතු මේවා (නි)

:       0       0

අනුර Wednesday, 01 June 2016 10:40 AM

මේ ඔක්කොම ටයි පටි ගලෝලා වැඩේට බස්සන්න ඕනෑ. ගැහැණු අයට පුළුවන්නේ කෑම බීම උයලා වැඩ කරන අයට දෙන්න (නි)

:       0       0

සංජේ Wednesday, 01 June 2016 10:46 AM

ඒවා හරියට කරගන්න තමයි ඔබව පත්කළේ (නි)

:       0       0

විජේ Wednesday, 01 June 2016 10:45 AM

මෙවර කැළණි ගඟේ ගංවතුර ආවේ අඹතලේ 2013 ගඟ හරහා බැදපු බැම්ම නිසයි. ගංවතුර බැසීම ගැන හොයන්න කලින් ගඟ උතුරා ගියේ මොකද කියලා ඉංජිනේරුවරයකු වශයෙන් හොයා බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1413 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 592 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site