IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කොළඹ තදබදයට පිළියමක්?

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

මාර්තු මස අට වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එම මාර්ගය විවෘත කිරීමට නියමිතය.

කිලෝමීටර 11කින් යුක්ත වන මෙහි මංතීරු දෙක බැගින් දෙපසට මංතීරු හතරකි.

රුපියල් කෝටි 2700 වයදමින් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයෙන් ඉදි කරන මෙහි විශේෂත්නය වනුයේ කිලෝමීටර 3.3කින් යුක්ත දිගු ගුවන් පාලමකි. මෙම පාලම මෙරට දිගින් වැඩිම පාලම ලෙස සැලකේ.

කොට්ටාව අතුරුගිරිය යන හුවමාරු මධයස්ථාන දෙකකි.

මෙම මාර්ගය ඉදිකිරීමේ දී ස්වභාවික ජල ප්‍රවාහන පද්ධතියට කිසිදු හානියක් සිදු නොවන ලෙසට, වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශවලට පස් පිරවීමෙන් තොරව කුළුනු මත ඉදි කර ඇත.

දැනට මංතීරු හතරක් වුවත් අනාගතයේ දී මංතීරු හය දක්වා වැඩි කරන බවත් කඩුවෙල සිට කොට්ටාවට මිනිත්තු 10න් ගමන් කළ හැකි බවත් මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ පුෂ්ප ගුණරත්න මහතා පැවසීය.



අදහස් (0)

කොළඹ තදබදයට පිළියමක්?

ජිනේන්ද්‍ර Thursday, 27 February 2014 03:45 PM

මාර්ග සංවර්දනය ගැන සතුටු වෙන්න පුළුවන්. (නධී)

:       0       0

අනුර යු ඒ ඊ Saturday, 01 March 2014 10:02 AM

පිටරට වියාපෘති හා සමානයි. ඉදිරිය ගැන සතුටුයි .අතුරුගිරියේ පිවිසුම ඉක්මනින්ම සිදු කරාවි කලන නියම සිංහල ගති ඇත්තෙක් කකුලෙන්ම අදින බව පෙනෙනවා අපේ ආර්ථිකය අනුව පිටරට සිහින දකින්න බැහැ.(නදී)

:       0       0

සිරිනා මග්‍රේට් Tuesday, 25 February 2014 09:01 PM

බොහොම ලස්සන වැඩක් ලංකාවට ජයෙන් ජයම ලැබේවා (අ).

:       0       0

ටිජේ. Tuesday, 25 February 2014 09:44 PM

කවදාවත් හිතපු දේවල්ද ? හරිම සංතෝසයි ! (අ)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 25 February 2014 09:52 PM

,හොද දේට හොදයි කියන්න පැකිලෙන්න එපා.වෙලවල් ගොඩ කලත් වතුර බැහැලා යන්න ක්‍රම සකසලයි ඒ වැඩේ කලේ. අපේ වෙලුත් ගොඩ වුනා එත් වැඩේ හොදයි. (අ)

:       0       0

දකුණේ සිල්වා Tuesday, 25 February 2014 10:10 PM

සත්‍යයා , දැන්වත් පාට කණ්නාඩි ගලවලා වටපිට බලන්න එතකොට ඔයාට ඇත්තටම ලංකාවේ ලස්සන පෙනේවි හොදට (දිල්)

:       0       0

චමී Tuesday, 25 February 2014 10:28 PM

පක්‍ෂ භේදයකින් තොරව අපි සතුටු වෙන්න ඕන අවස්ථාවක්.සියළු වැඩකටයුතු සාර්ථක වේවා.(දිල්)

:       0       0

සමන් Tuesday, 25 February 2014 11:21 PM

මෙවැනි වැඩ හොදයි යටිතල පහසුකම් දයුණු කරන්න ඕනි නමුත් ජනතාව පිට පටවල තියන නය බර ඉතා වැඩයි බදු බර සහ නය බර අඩුකර ජනතාවට ජිවත් වීමට බඩු මිල අඩු කරන්න. අපිට සහන සපයන්නේ කවදද ???පාරවල් හදල යම්කිසි පිරිසක් හැදෙනවා කොමිස් ගහල හොර වැඩ කරලා !!(දී)

:       0       0

ඉෂාරා Tuesday, 25 February 2014 11:26 PM

හැමදාම කොළඹ ගිහින් තද බදයට අහුවෙන අපට හොඳ ආරංචියක් (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 25 February 2014 11:26 PM

සත්‍යගේ විස්තර කිරීම ත් හරි,පිළිවලක් සැලසුමක් නැතිව හදන පාරවල් නිසයි තද බදය අඩුවෙන්නේ නැත්තේ . අනිත් අය කියන විදිහට වෙලවල් ගොඩ කරලා මොන සංවර්ධනයක්ද? කරන්නේ ,මම දැක්ක විදිහට කොළඹ කටුනායක අදිවේගය වගුරුබිම ගොඩකරලා හදල තියෙන්නේ,වගුරු බිම් වලින් තමයි ජිවීන්ගේ උපත පටන්ගන්නේ. භුමි විනාස නොකර පාරවල් හදන්න ක්‍රම තියෙද්දී ඒවා විනාස කරනවා.අන්තිමට ලංකාව කාන්තාරයක් වෙලා තමයි නවතින්නේ. (දී)

:       0       0

සත්‍යපාල Wednesday, 26 February 2014 12:51 AM

හැම දේ ගැනම වැරැදි විදියට හිතන්න එපා (දිල්)

:       0       0

පද්මපානි Wednesday, 26 February 2014 02:05 AM

බොහොම ලස්සන වැඩක්! පාරවල් ගැන හිතුනහම හරිම සන්තෝසයි! රට ගැන හිතුනහම හරිම දුකයි. (අ)

:       0       0

ලක්ෂාන් අම්බලන්තොට Monday, 03 March 2014 07:40 PM

හොද දේට හොදයි කියන්න බය වෙන්න එපා.. මහින්ද මහත්තයා ඇත්තටම මේ රටේ අනාගතය ගැන හිතල කරපු වැඩ අගය කරන්න ඕන. මොකද මේ වගේ දේවල් කවුද වෙන කලේ.. පට්ටයි...(අ)

:       0       0

අනුර හෙට්ටිඅරච්චි Wednesday, 26 February 2014 06:56 AM

වැඩ බැරි ටාසන්ලාගෙ, පක්ෂ වලට සපෝට් කරන අය ඕවා විවෙචනය කොරනවා. ඉරිසියාවට බේත් නෑ. (අ)

:       0       0

සත්‍යයා Thursday, 27 February 2014 04:28 AM

ආණ්ඩුවකට කඩේ යන අයට හැම දේම පෙනෙන්නේ හොඳ දෙයක් කියල. උදාහරණයකට; 1. හම්බන්තොට වරාය 2. මත්තල ගුවන් තොටුපල 3. කැසිනෝ පිළිතුර: යුරෝපයේ දියුණුම රටක් වන ඒවගේම කම්කරු වැටුප ඉතාමත් ඉහළ තත්වයක තියෙන ජර්මනිය වගේ රටක් අධිවේගී මාර්ග කිලෝමීටර් එකක් තැනීමට වියදම් කරන්නේ රුපියල් වලින් නම් දසලක්ෂ 21යි. ශ්‍රී ලංකාව ඒ සඳහා රුපියල් දශලක්ෂ 58ක් වියදම් කරනවා. මොළේ ඇත්නම් හිතා බලන්න සංවර්ධනය උනේ රටද නැත්නම් සුවිශේෂී පුද්ගලයෝ කිහිප දෙනෙක්ද කියල. හොඳට හොඳයි කියන එකයි කඩේ යාමත් හොඳයි කියන එකයි දෙකක්.(නදී)

:       0       0

මාතර බන්ධු Sunday, 02 March 2014 12:39 AM

මේ පාරවල්වලින් ගමන් කරන්නේ ජනගහනයෙන් 5% කටත් අඩු පිරිසක් බව ඔබ දන්නවද? වාහන ඇත්තේ 10% කට බව දන්නවද? අපි රජය සහ ජනතාව යොමු කල යුත්තේ 90% ක් ජනතාවට ඍජු ව බලපාන ගම් මට්ටමේ කෘෂිකාර්මික හෝ කාර්මික ප්‍රාථමික නිෂ්පාදනයට මේ ධනස්කන්ධය යෙදවීමටයි. තිබෙන මුදල අරපිරිමැස්මෙන් වැඩි දෙනාගේ සෙතට යොදවමු. මෙබඳු වැඩට සහය දීම නවතමු. අන්තර්ජාලය බලන බුද්ධිමත් පිරිස අන් අයට නිවැරදි දැක්ම ලබාදෙන්න. දොස් කියන්න එපා. ඔවුන් ද නිසි මගට වැටුණු විට රට දියුණු වේවි. ස්තුතියි! (නදී)

:       0       0

ජෝසප් පෙරේරා Wednesday, 26 February 2014 07:47 AM

රජයට මේ පාරවල් වලින් ප්‍රතිලාභ දෙකක් ලැබෙනවා. එකක් මාර්ගයේ යෑමට අයකරන ගාස්තුව. අනෙක ඉන්ධන වැයවීමේ අඩුවීම.(අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 26 February 2014 07:50 AM

අතුරුගිරියේ තවම හුවමාරු මධයස්ථානය සාදා නොමැත (අ)

:       0       0

මිලින්ද Wednesday, 26 February 2014 08:40 AM

සත්‍යයා, මොනවද මේ කියවන ගොන් කතා? (අ)

:       0       0

කලන Wednesday, 26 February 2014 08:50 AM

මේ පාරවල් ඉදිරි අනාගතය ගැන හිතල හදනවද කියල සැකයි, එක මන් තීරුවයි තියෙන්නේ, එතකොට තව අවුරුදු 5කින් විතර පළල කරන්න වෙනවා... මේව සිහින කියල කියන්නේ පිට රටක් නොදැකපු මිනිස්සු.(අ)

:       0       0

ඉන්දික Wednesday, 26 February 2014 10:06 AM

අග්න, ඔය මේ ප්‍රවෘත්තියවත් හරියට කියවල නැහැ වගේ. මේකේ 3.3Km යන්නේ වගුරු බිමක් උඩින්, හැබැයි ගුවන් පාලමකින්. (අ)

:       0       0

කේ ආරියතුංග Wednesday, 26 February 2014 10:50 AM

මාර්ග සංවර්ධනය ගැන පටු සිතින් බලන්න එපා (දී)

:       0       0

ආශා Wednesday, 26 February 2014 10:56 AM

ට්‍රැෆික් එක අඩු වෙනවානම් අපිට ලොකු සහනයක් (දී)

:       0       0

ඉර්පාන් Thursday, 27 February 2014 10:27 AM

කොලඹ නුවර පාරත් අදිවේගී පාරක් කලානම් හරි. නුවර ඉඳන් එනකොටත් වාහන තදබදය වැඩියි.(නදී)

:       0       0

චමත් Sunday, 02 March 2014 06:27 PM

අනේ ඔය මොනවත් ඕනේ නෑ. බොරැල්ල හන්දියටත් ගුවන් පාලමක් දාල දෙන්න.(නදී)

:       0       0

සුනිල් Wednesday, 26 February 2014 02:31 PM

හොද දේට හොදයි කියන්න ඕන. (දිල්)

:       0       0

මංජුල - කැනඩා Wednesday, 26 February 2014 03:12 PM

හොද වැඩක්. අපේ මිනිස්සු කවදාවත් හොද දේට හොද කියන්නෑ. (දිල්)

:       0       0

මහේෂ් Wednesday, 26 February 2014 04:07 PM

සමහරුන්ට මේවාගේ අගේ තේරෙන්නේ නැහැ (දිල්)

:       0       0

නිහාල් Wednesday, 26 February 2014 04:24 PM

නිපදවා ඇති අධිවේග මාර්ග වලින් ලැබෙන ආදායමෙන් ඉතිරිය ණය නොවි කරන්න පුළුවන් (දිල්)

:       0       0

සමන් Wednesday, 26 February 2014 05:53 PM

සතුටක් දැනෙන්ව රට දියුණ වෙනකොට, (අ)

:       0       0

චිත්‍රා Tuesday, 25 February 2014 06:37 PM

ප්‍රමිතිය හොදනම් පිටරට වියාපෘති හා සමානයි. ඉදිරිය ගැන සතුටුයි .(අ)

:       0       0

සුනිමල් පෙරේරා Thursday, 27 February 2014 02:02 PM

මේ වැඩ පිලිවෙලනම් හරිම හොඳයි. , රට මේ වගේ දියුනු වෙනවා දැකීම වාසනාවක්. ඒත් ජනාධිපති තුමනි දුප්පත් ජනතාවට ගොඩ එන්න මගක් නැද්ද? (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 06:58 PM

පුදුම වැඩේ කියන්නේ අධිවේගී මාර්ග හැදෙන්න හැදෙන්න වාහන තදබදයත් වැඩිවෙනවා. පාරවල් වැඩි වෙන්න වැඩි වෙන්න වාහන වැඩිවෙනවා. වාහන වැඩිවන්න වැඩිවන්න පාරවල් වැඩිවන්න වැඩිවන්න මඩියත් තරවෙනවා. හැබැයි මේක රුදුරු චක්‍රයක් වෙන්නේ ජනතාවට පමණයි.(අ)

:       0       0

සමීර Wednesday, 26 February 2014 09:00 PM

සතුටුයි (දිල්)

:       0       0

අග්න Tuesday, 25 February 2014 07:31 PM

වෙලවල් ටික විතරයි ගොඩකලේ. වෙනමුකුත් ඒ පැත්තේ තිබුනේ නැහැ ගොඩ කරන්න. පාර හදන එක හොදා. වතුර බහින්න තියෙන වෙලවල් ටිකයි ඇලවල් ටිකයි ගොඩවෙන එක තමා ප්‍රශ්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 348 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 269 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site