(යොහාන් භාසුර)
කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.
මෙවර පෙරහැර වෙනත් වසරවල පෙරහැරට වඩා වර්ණවත් සහ ජවසම්පන්න පෙරහැරක් බවට පත්වූ අතර ගංගාරාම විහාරස්ථානය සහ අවට මාර්ග අතුරුසිඳුරු නොමැතිව වැසීයන ආකාරයට ජනතාවගෙන් පිරී තිබුණි.
කැලණිය රජමහා විහාරයේ ‘කණ්ඩුල’ හස්තිරාජයා සධාතුක කරඬුව වඩම්මවාගෙන යෑමේ වාසනාව උදාකරගෙන සිටි අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හස්තිරාජයා පිට සධාතුක කරඬුව තැන්පත් කළේය.
මෙවර පෙරහැරට ඉතිහාසයේ පළමු වරට තායිලන්ත නර්ථනයක් ඇතුළත්ව තිබූ අතර එම නර්තනය බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූහ. ඊට අමතරව මුස්ලිම් සංස්කෘතිය නැටුමක් සහ උතුරේ සංස්කෘතිය විදහා දක්වන යාපනයේ ප්‍රදේශ නර්ථන කණ්ඩායම් දෙකක් ද පෙරහැර වර්ණවත් කළේය.
මෙවර පෙරහැරේ අලි ඇතුන් 15 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කළහ. කස, ගිනිබෝල, විවිධ සම්ප්‍රදායන්ට අයත් නර්ථන අංග ඇතුළු අංග 50 කට අධික සංඛ්‍යාවක් මෙවර පෙරහැරට ඇතුළත්ව තිබුණි.
ඡායාරූප : ගයාන් අමරසේකර
හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද
රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී
නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිම
සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේත
මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ