IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නඩු බඩු ගබඩාව පිරික්සයි

(මනෝප්‍රිය ගුණසේකර)

විවිධ මත්ද්‍රව්‍යයන් ගබඩා කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පුද්ගලිකවම පරීක්‍ෂාවට ලක් කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් ‘හෙරොයින්’ කිලෝ 12 ක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳ අවදානය යොමු කිරීමෙන් අනතුරුව නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා එලෙස පියවර ගත්තේය.

විවිධ පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්, කන්සා, අයිස්, විදේශීය මත්පැන්, නීති විරෝධී දුම්වැටි, රත්ත්‍රන් ඇතුළු විවිධ භාණ්ඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ කාමරයේ ගබඩා කර ඇත.

එම කාමරයේ ගබඩා කර ඇති භාණ්ඩවල සහ ඒවාට අදාල නඩුවල ලේඛණයක් සකස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට සහ භාණ්ඩ කාමරය භාර නිලධාරිනියට නියෝග කර ඇති අතර ඔවුන් එක්ව එම ලේඛණය සකස් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෞද්ගලිකවම නඩු භාණ්ඩ කාමරය පරීක්‍ෂාවට ලක් කළේය.

ඉන් අනතුරුව එහි ඇති අනිකුත් භාණ්ඩ පිළිබඳව ද තොරතුරු ලේඛණයක් සකස් කිරීමට නිලධාරීන් පත්කළ මහේස්ත්‍රාත්වරයා මේ ආකාරයටම නඩු භාණ්ඩ කාමර පරීක්‍ෂා කර ඒවායේ ඇති භාණ්ඩ පිළිබඳ ලේඛණ සකස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අතිරේක මහේස්ත්‍රාත්වරුන්ට ද නියම කර ඇත.

 



අදහස් (2)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නඩු බඩු ගබඩාව පිරික්සයි

Rata Perata Tuesday, 03 September 2024 09:49 PM

අලි හොරකමට නම ගෑවිච්ච කෙනෙක් ගබඩා පරීක්ෂා කරනවා .මේක නම් පිස්සු ලන්තයක් ම තමයි

:       0       3

Jay P Tuesday, 03 September 2024 10:08 PM

ඇයි මහේස්ත්‍රාත්වරයා මේ වගේ වැඩ කරන්න ඕන. මෙවැනි කාරණා හැසිරවීමට උසාවියේ ඉහළ පෙළේ පරිපාලකයින් නැද්ද? මෙය සම්පූර්ණයෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ වගකීමකි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 192 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5353 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 869 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4224 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3819 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2491 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16887 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site