IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කොළඹ පුරපතිට හැඳුනුම්පත අමතක වෙලා

කොළඹ නගරාධිපති මුසම්මිල් ඡන්දයදා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. නගරාධිපති මුසම්මිල් සමග රනිල් වික්‍රමසිංහ අගමැතිද ඡන්දය දැමීමට එහි ගියේය.

මුසම්මිල් තම නගරාධිපති හැඳුනුම්පත ඉදිරිපත් කළේය. නමුත් එහි සිටි නිලධරයන් කීවේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය යන තුනෙන් එකක් අවශ්‍ය බවය.

 ‘මමත් මගේ ගමන් බලපත්‍රයත් ගෙනාවා. හදිසියක් වුනොත් පෙන්නන්න.‘ ඒ අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුසම්මිල්ට කීවේය. මුසම්මිල් ගෙදර ගියේය. ගමන් බලපත්‍රය රැගෙන ආවේය. ඡන්දය දුන්නේය.

කොළඹ නගරයේ පළමුවැනි පුරවැසියාට ඇතිවූ පළමු තිගැස්ම එය නොවේ. අගෝස්තු 14 වැනිදා ජුම්මා යාඥාවේදී ඔහු තවත් කම්පනයකට ලක්විය. එහි ඉමාම්වරයා මුසාම්මිල්ට කීවේ මුස්ලිම් කතුන් ඡන්දවලට තරග නොකළ යුතු බවයි. ඒක හරාම්. නැත්නම් තහනම්. තවත් මුස්ලිම් කණ්ඩායම්ද ඉමාම්ගේ කථාව අනුමත කළ බව පෙනිණි. මුසම්මිල්ගේ බිරිය ෆෙරෝසා කොළඹ දිස්ත්‍රික්කයට එජාපයෙන් තරග කළාය. ‘මේ ඔක්කොම දුෂ්ට ප්‍රචාර‘ මුසම්මිල් කීවේය.

බංගලිදේශ අගමැතිනි ශික් හසීනා එහෙමත් නැත්නම් පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ ඒ රටවල අගමැති පදවියට පත්වූයේ කෙසේදැයි මුසම්මිල් ඇසුවේය. බංගලිදේශයත් පාකිස්තානයත් අසල්වැසි මුස්ලිම් රටවල්වේ. ඡන්දයද පැරදීමෙන් උකටලී වූ ෆෙරෝසා සිය සැමියාද සමග සිංගප්පූරුව බලා ගියාය. ඒ නිවාඩුවක් ගත කිරීම සඳහාය.

 

 

 



අදහස් (0)

කොළඹ පුරපතිට හැඳුනුම්පත අමතක වෙලා

ඉමේෂ් Monday, 24 August 2015 10:09 AM

ප්‍රසන්න, එහෙනම් කාටද දෙන්න ඕනේ? කාටද පුළුවන් හොඳට කුණු අදින්න? මම දන්නවා පොදු පෙරමුණටත් බැහැ. මොකද අපේ පාරේ කුණු ටික සතියක්ම පාරේ. ජේ.වී.පී එකටවත් දෙමු ද මේ සැරේ? එයාල කුණු ඇදලම නැහැනේ? (නදී)

:       0       0

අසෝකා Sunday, 23 August 2015 11:36 AM

වාසියට අගමැති විතරක් නෙමෙයි ඕනෙම දෙයක් වෙනස් කරන්න සුදානම් අයත් ඔය ඕනේ තරම් ඉන්නේ! (නදී)

:       0       0

දර්ශ Sunday, 23 August 2015 12:56 PM

අපේ බෞද්ධ ස්වාමින් වහන්සේලා නැතිනම් මේ කාන්තාවන්ට - ඉගෙන ගන්න / ඡන්ද අයිතිය දෙකම නැති වෙනවා. (නදී)

:       0       0

ජිලෝ Sunday, 23 August 2015 02:20 PM

දර්ශ තවම නින්දෙන් වගෙයි (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 24 August 2015 06:16 AM

පුද්ගලික කට්ටිය කියනවා කුණු අදින්නේ කොහොමද දෙන සොච්චම් මුදලට කියලා. කුණු අදින්න එන්නෙම නැහැ. මී ලඟ සැරේ නම් යූ එන් පියට නගර සභා දෙන්න එපා. (නදී)

:       0       0

ධම්ම Monday, 24 August 2015 09:34 AM

මෙයාලා බලාපොරොත්තුවන්නේ මුණ පෙන්නලා නීතියෙන් රිංගන්න. බලන්න මොනතරම් පහත් සිතිවිල්ලක්ද කියලා. මිනිසුන්ට නීති කඩන්න මුලික අදහස දෙන්නේ දේශපාලකයෝ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 264 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 908 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 223 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 31 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 420 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1623 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14589 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 182 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 102 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 145 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site