IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොළඹ පළාත් සභා මන්ත‍්‍රීවරු ගම්පහට පරදිති

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන් අතර පැවැති සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය. වත්තල වැලිසර නවලෝක ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පරදවා ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරු ලකුණු 24 ක ජයක් ලැබුහ. ජයග‍්‍රාහී ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිලේ යු. ජෝර්ජ් පෙරේරා තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය. පියල් නිශාන්ත දක්‍ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත් අතර ආනන්ද හරිස්චන්ද්‍ර දක්‍ෂතම පන්දු රකින්නා ලෙස එහිදී තේරිණ. අමාත්‍ය නිමල් ලන්සා, මෙරිල් පෙරේරා, සිරිකමල් ෆිලිසියන් ද සිල්වා සහ ඩෝල්ටන් ජානක යන මන්ත‍්‍රීවරු මෙම තරගාවලිය සංවිධානය කළහ. පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ පිල ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිල සමග ද තරග කිරීමට නියමිතය. ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 128 (යු.ජෝර්ජ් පෙරේරා නොදැවී 38, පියල් නිශාන්ත 44, මෙරිල් පෙරේරා 15, ගුණසිරි ජයනාත් 10, ශ්‍රීනාත් මහේන්ද්‍ර පෙර්රා 10) කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 104 (සුමිත් සොයිසා 22, මුජිබර් රහුමාන් 18, උපාලි කොඩිකාර 12)



අදහස් (0)

කොළඹ පළාත් සභා මන්ත‍්‍රීවරු ගම්පහට පරදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site