IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොළඹ මුදලාලිට අසු ලක්ෂයක දඩ

සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව  ගබ්සා පෙති, මනස විකෘති කිරීමේ පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග මෙරටට ආනයනය කළ කොළඹ ගෑන්ඩ් පාස් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ අසුවක දඩයක්  නියම කළ රේගුව එම ඖෂධ තොගය රාජසන්තක කර   සෞඛ්‍ය හා පරිසර අධිකාරියේ  අධීක්ෂණය යටතේ විනාශ කිරීමට නියෝග කළේය.

මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එන්.සී ලියනගේ මහතා විසින්    සිදු කළේය.

පසුගිය 6 වෙනිදා  විටමින් වර්ගයක් ලෙස රේගුවට ප්‍රකාශ කොට  කටුනායක ගුවන් බඩු පර්යන්තයට  රුපියල් දාහතර දහස් හාරසිය අනු හයක  බදු මුදලක් ද ගෙවා සැකකරු මෙම ඖෂධ තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර  සිට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබියදී නයිකන්ද රේගු නිවාරන කාර්යාලයේ  නීලධාරීන්  විසින්  අත් අඩංගුවට ගැනිණි.

ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් බවට  රේගුව  ගනන් බලා ඇතත් මෙම  ඖෂධ  අනිසි ලෙස භාවිතා කිරීම නිසා  තරුණ පරපුරට  වන විනාශය රේගු පරික්ෂණයේදී  විශේෂයෙන්  සැලකිල්ලට  ගත්  බව රේගුව කියයි.  

සැකකරු  මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා  ලියාපදිංචි පුද්ගලයෙකු නොවන බවද මේ පිළිබඳව සිදු කළ රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී.ආර් ක්‍රිස්ටි මහතාගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරී ලලන්ත රාජපක්ෂ, සහකාර නිවාරණ නිලධාරී ඩන්කන් හෙට්ටිආරච්චි, ඩී.එම්.ජී ඩැනියෙල්, යු.ඩී.ෙජ්  මොන්ටි, අමිල ප්‍රනාන්දු, ෙජ්.කේ අරඹේවෙල සහ මිලින්ද ජයසුරිය යන නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

කොළඹ මුදලාලිට අසු ලක්ෂයක දඩ

රන්ජිත් Friday, 19 September 2014 03:27 AM

මේ වගේ අයගේ බලපත්‍ර අවලංගු කිරීමත් නැවත ව්‍යාපාර වලට ඇති හැකියාවත් නතර කරන්න ඕනෑ. දැන දැන වැරදි කිරීම අපරාධයක්. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 20 September 2014 04:12 AM

බල්ලෝ මරල හරි කමක් නැහැ සල්ලි හම්බ කරන්න ඇත්නම් නේද.(අ)

:       0       0

බංඩාර Friday, 19 September 2014 10:01 AM

සිංහල ජාතිය අඩු කිරීමේ එක කොටසක්. (නදී)

:       0       0

අපොන්සු Saturday, 20 September 2014 05:07 AM

බඩු එන්න කලින් ලෑස්ති කරගත් "ක්‍රමවේදය" ගැස්සිලා වගෙයි. (නදී)

:       0       0

නදී Friday, 19 September 2014 04:35 AM

මාලි රේගුවේ නීතිය ඒක තමයි එහෙම නම දාන්න නම දෙන්නේ නැහැ. ඔය විදියට කතා කරන්න එපා (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 19 September 2014 05:06 AM

මෙයට මුල්වුණු නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය , ගොඩක් පින් ! රේගු දඩයට අමතරව මේ කළ ජාතිද්‍රෝහී ක්‍රියාවට සුදුසු පරිදි ක්‍රියා කිරීමට උසාවිත් දැම්මනම් තමා හොද,(අ)

:       0       0

සිල්වා Saturday, 20 September 2014 11:13 AM

ලංකාවට කුඩු ගේන්නේ සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව ගබ්සා පෙති, මනස විකෘති කිරීමේ පෙති ඇතුළු විවිධ ගේන්නේ සිංහලයා විනාස කිරීමේ යටි අරමුණ මේක තමයි.(නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Friday, 19 September 2014 08:08 AM

බලධාරිනේ....සිව් කොනෙන්ම මේ සූදානම් වන්නේ ......ප්‍රභාකරන්ට කරගන්නට බැරිවූදේ .. ටිකින් ටික කරන්නයි...කට්ටියක් කුඩු ගෙනත් ජාතිය වනසනවා අනිත් පැත්තෙන් කලලයේ ඉඳන් වනසන්න සූදානම් වෙනවා. දම්පල් තුමා කිව්වා වගේ කුඩු මිරිස් කාපු රිලව් වගේ නියවන්න බලාගෙන ඉන්නේ නැතිව .....මොන සේනාවෙන් හරි කමක් නෑ ජාතිය ආරක්ෂා කරගන්නට හැකිවේවා. (ස)

:       0       0

චමින්ද Friday, 19 September 2014 08:09 AM

නම පොඩ්ඩක් දාන්නකෝ බලන්න,මොන ජාතිකයෙක්ද කියලා බලා ගන්න. (ස)

:       0       0

පැරිස් සමන් Friday, 19 September 2014 08:24 AM

මේ වගේ ව්‍යාපාර කරන්නේ කවුද කියලා අපි දන්නවා. ඒත් අනිත් අයගේ දැනගැනීමට මොවුන්ගේ නම් හෙළි කළානම් වටිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 6 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 47 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 175 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 534 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site