IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත්  මේ අනුව   ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත්  මහජන ආරක්ෂක  හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.



අදහස් (35)

කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

Amith Thursday, 28 July 2022 12:20 PM

ඔය උනන්දුව නැත්තෙ ඇයි පාස්කු ප්‍රහාරය ගැන සොයන්නත , මහ බැංකුව කඩපු එවුන් අල්ලන්න.

:       16       139

lkThursday, 28 July 2022 05:14 PM

මොවුන්ගේ බැංකු ගිණුම් තිබේනම් මුදල් සංසරණය වී තිබෙනම් තාවකාලිකව තහනමකට ලක්කරන්න. රාජ්‍ය දේපල හානිකිරීමට දැඩි දඩුවම් ලබාදෙන්න. ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් පවා රජය දේපල මේ ආකාරයෙන් විනාශ කල අවස්ථවන් තිබේ.

:       0       0

sena Thursday, 28 July 2022 12:22 PM

ඔය ඔක්කොම නීති අරගල කරයො අවිත් රනිල් එලවනකල් විතරයි.

:       48       140

BamunuarachchiThursday, 28 July 2022 01:49 PM

එක සිද්දවෙන්නේ ආරගල කාරයින්ගේ හොඹු බිම ඇනෙන කාලෙට. ඊට කලින් අරගල කාරයෝ පරලොව ගිහිල්ලා. කෝ ජෙප්පෝ කුරුටුගාමියෝ සජබයෝ එනවද බේරා ගන්න.

:       61       32

ගජමිතුරු Friday, 29 July 2022 07:53 AM

බමුණුතුමා කාලෙකින් ඇත්තක් කිව්වා...!!! 

:       0       0

FairoosThursday, 28 July 2022 03:12 PM

රනිල් එළවන එක කෙසේ වෙතත් අරගලකරුවන්ට යන එන මං නැති වෙලා නේද? කට්ටිය හොරෙන්ම පැනලයා යනවා නේද අහිංසකයෝ බිල්ලට දීලා.

:       50       54

මරිසිපාලFriday, 29 July 2022 07:51 AM

අරගල කාරයො විතරක් නෙවෙයි ඔවුන් මාළිගා අත්පත් කරගෙන හිටපු කාලයේ ඒවා බලන්න ගිහිල්ලා ඒවායේ හොරකම් කරපු භාණ්ඩ අතපතගාපු ඔක්කොමලා අහුවෙනවා.

:       0       2

Aviator Thursday, 28 July 2022 12:27 PM

කරුණාකර ජාතික භාණ්ඩාගාරයෙන් කෝටි ගණන් සොරකම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඟිලි සලකුණු ගුවන් තොටුපළට එවන්න

:       16       168

Jayarathna Thursday, 28 July 2022 12:37 PM

ඒ උනාට ඔහෙලගේ ලොකු ලොක්කන්ට නම් පුළුවන් නේද? පරම්පරාවටත් අවුලක් නෑ නේද? අප්පිරියයි හිරිකිතයි දැන් ඔහෙලව. (කවුරුන් හෝ රටේ මහජන දේපොල විනාශ කරනවාට විරුද්ධයි)

:       8       132

BT Thursday, 28 July 2022 12:37 PM

කොහොමටත් ඒ කටයුතුවලට සම්බන්ධ වූ අය රජයේ රැකියා හෝ ආරක්ෂක අංශයේ රැකියා හෝ පතන අය නොවේ.

:       10       92

Tharanga Thursday, 28 July 2022 12:57 PM

"රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.," එහෙම තියෙනවද ? , එහෙම නම් අපි දැක්ක සමහර පොලිස් නිලදරිනුත් ජිම් එකේ එල්ලිලා හිටියා

:       3       86

සෑම් Thursday, 28 July 2022 01:50 PM

පස්ස පැත්තෙන් හිනා කතාව අහලා. ලබන 9 වෙනිදා වෙනකන් ඉන්න තව වටයක් යනවා. එතකොට ඔයාගේ ඇඟිලි සලකුණු තමා ගුවන්තොටුපලට යවන්න වෙන්නේ.

:       23       71

SirisenaThursday, 28 July 2022 03:10 PM

ඒවා ඉතින් හීන තමයි මහත්තයෝ. ගෝඨා එලෙව්වා වගේ රනිල් එලවන්න පුලුවන් කියලා හිතනවනම් ගොඩක් කරදර වෙයි අරගලකරුවන්ට. (ඩීල් කාරයන්ට)

:       63       32

sharm warnFriday, 29 July 2022 09:18 AM

ඒ කියන්නේ ඔයා අනුමත කරනවා.. මේ පාලකයෝ රටට කරපු අපරාධ සහ මේ රටේ ආර්ථිකය කඩාවට්ටපු එක. ඔය කියන්න හදන්නේ රනිල් ඒවට සම්පන්ධ නැහැ කියලා. එහෙමද? අරගලය කරන්නේ පාරට වැටිච්ච මිනිස්සු... අඩු ගානේ ඒක පටන්ගත්තේ පාරට වැටිච්ච මිනිස්සු... ඔයාලා මුල අමතක කරනවද මෙච්චර ඉක්මණට...?

:       1       1

විපරමා Thursday, 28 July 2022 02:07 PM

එහෙම බැලුවොත් රටේ පාලකයෝ පටන් පාර්ලිමේන්තුවේ ඉන්නේ රටම හොරාකාලා ,කාබාසීනියා කරපු ජනතාව මහපාරට ඇදලා දාපු ,රටේ සම්පත් හොරාකාපු ,විකුණපු මහාපරිමාණ යේ හොර දූෂිතයෝ ?

:       4       66

Janindu Perera Thursday, 28 July 2022 02:20 PM

මහ බැංකු හොරා නං චීනෙට ගියාලු නේද?

:       6       53

sri Thursday, 28 July 2022 02:26 PM

ඒක එහෙම වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලවත් නැති, රටක් සදාචාරාත්මකව පාලනය කරන ආකාරය නොදන්නා, නොහික්මුණු උගත් චරිත අවශ්‍ය නැහැ. ආකල්ප වර්ධනය නොඋණු කුහක තරුණ පිරිසක් කොහොමද රටක අභිමානය රකින්නේ? පරම්පරාවේ කිසිම කෙනෙකුටත් ඉඩක් දෙන්න නරකයි තමයි.

:       0       0

Prabha Thursday, 28 July 2022 02:28 PM

මේ මිනිස්සු බලන්නෙ ගින්න නිවන්න නොවේ තව අවුලන්න.

:       6       61

ගමේ එකාලා Thursday, 28 July 2022 02:32 PM

පටන් ගන්ඩ තිබුනේ මැදමූලනෙන් .

:       6       61

Jagath Thursday, 28 July 2022 02:43 PM

Good Job ... we must control these kind of terrorists

:       51       19

senaThursday, 28 July 2022 03:03 PM

good job ! My foot - who care this finger print without court order?

:       12       34

Ruwan Thursday, 28 July 2022 02:44 PM

ඉස්සර මිනිහ වැඩිපුරම හිටියේ ජිනීවා.. ඒ යුධ සමයේ සිදු උනාය කියන මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව. දැන් සිවිල් වැසියන්ට පොලු මුගුරු වලින් බැට දෙන හමුදාව පොලිසිය ගැන කියන්න දෙයක් නැතුව රෙදි නැතුව ඉන්නේ.

:       0       0

lakvidu Thursday, 28 July 2022 02:59 PM

දේශපාලකයෙක් වෙලා රට කන්නනම් ඒකෙන් බාදාවක් නෑ නේද මහත්තයෝ.

:       3       30

pradeep Thursday, 28 July 2022 03:11 PM

මුළු රටම බංකොලොත් කර මිලියන 22 ක් පාරට ඇදදැමූ පාලකයන්ට දෙන දඬුවම මොකක්ද?

:       3       49

Nuwan Thursday, 28 July 2022 03:26 PM

එලවන විශේෂඥයෝ දන්නෙ එපමනයි. මාසෙකට සැරයක් ඇවිල්ලා වැඩ පෙන්නනවා.

:       3       27

Raja Thursday, 28 July 2022 04:01 PM

එතකොට කොහොමද ගෝටා ගියෙ. මිනිහගෙ ඇගිල්ල බැලුවෙ නැද්ද. ලොකුම හොරු ඒ අයනෙ. රටම හොරා කෑවනෙ. ඒක අපේ ආරක්ෂක හමුදාව දන්නෙ නැද්ද?

:       9       41

beau Thursday, 28 July 2022 04:21 PM

මේවා කියන වීරසේකර නේද ජිනීවා ගිහින් ලන්කාවෙ මානව අයිතිවාසිකම් කඩ කරන්නෙ නෑ කියල රන්ඩු උනෙ. ඔන්න දැන් පුහුල් හොරා කරෙන්ම පෙන්නුම් කරනව. ටෙම් පචයා. දෙමල ඩයස්පෝරාව මෙයා ගැන කියන දෙය හරියට හරි බව ඔප්පුවෙලා හමාරයි.

:       10       41

නලින් Thursday, 28 July 2022 07:28 PM

මෙයා කලින් කියපු කතා හොඳින් මතක් කරගන්න. මේ තමයි රජවාසල කවටයා...

:       0       1

Dahanayake Thursday, 28 July 2022 08:06 PM

මේක ඇත්තෙන්ම විහිළුවක්...

:       0       1

subo Thursday, 28 July 2022 08:16 PM

අනිවාර්යයෙන්ම මේ අය ගෙට ගහලා දාන්න...

:       0       0

Siri Friday, 29 July 2022 04:32 AM

මුලින්ම වීරසේකරගේ ඇඟිලි සලකුණු ගමු..

:       1       1

Akila Friday, 29 July 2022 08:57 AM

මේ මනුස්සය දැන් නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි, කිසිම දේශපාලනික පරිණත බවක් නැති කෙනෙක්.. එයාගේ හිතේ තියන වියරු වැටුන ආශාවන් ගැන කියන ඒවා.. මොකටද මෙච්චර ප්‍රචාරය කරන්නේ...?

:       1       2

සේන Friday, 29 July 2022 09:05 AM

හොඳ වැඩේ ගෝඨාභයට... එයාට නැවත අපේ ගුවන් තොටුපළට එන්නම වෙන්නේ නෑ. රනිල් තමයි මොලකාරයා..!!!

:       0       0

Lelwala Friday, 29 July 2022 02:33 PM

රටේ ගිනිතැබීම්, මංකොල්ලකෑම්, රජයේ සහ පෞදගලික දේපල බලහත්කාරයෙන් අත්පත් කරගැනිම... ත්‍රස්තවාදීන් ලෙස හැසිරුණු අරගල කරුවන්ගේ නායකයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       1       3

Thilanka Siriwardana Saturday, 30 July 2022 02:13 AM

indeed. The aragalaya was against only the former president. The constitution and the order of law should not be challenged by any means. It’s true that the politicians are corrupted and responsible for the condition of the country. but no one can justify the misconduct of looters, vandals and criminals work done during peaceful aragalaya. If aragalaya need it’s proper place in history, the criminals must be punished as we wished.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 12 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 188 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 374 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 87 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 983 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 6579 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 276 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1708 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site