IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 7 වැනිදා

ලංකා ස්පෝර්ට් රයිසන් (එල්.එස්.ආර්) වාර්ෂිකව සංවිධානය කරන 12 වැනි කොළඹ මැරතන් තරගය ලබන ඔක්තෝබර් මස 7 වැනිදා කොළඹ නිදහස් චතුරස‍්‍රය අසළින් ඇරැඹී මීගමුව වෙරළ උද්‍යානය දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට සහ විදෙස් රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් කොළඹ මැරතන් තරගය සෑම වසරකම ඔක්තෝබර් මසදී පැවැත්වේ. විදේශිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 200 ක් සමග තරගකරුවෝ 3000 ක් පමණ මෙවර තරගයට සහභාගිවනු ඇතැයි සංවිධායකවරු අපේක්‍ෂා කරති. කෙන්යාව ඇතුළු දිගු දුර විදෙස් තරගකරුවන් රැුසක් මෙවර ද තරගයට සහභාගිවීමට නියමිතය. කිලෝමීටර 42.195 ක දුරකින් සමන්විත විවෘත මැරතන් තරගය ජය ගන්නා ක‍්‍රීඩකයාට හා ක‍්‍රීඩිකාවට ඩොලර් 2500 ක් (රුපියල් 275,000) සමග ගුවන් ප‍්‍රවේශපත් දෙකක් පිරිනැමේ. දෙවැනි හා තෙවැනි ස්ථානයට පිළිවෙලින් ඩොලර් 1500 ක් සහ ඩොලර් 1000 ක් ලෙස මුදල් ත්‍යාග පිරිනැමේ. ලෝක මැරතන් වාර්ෂික තරග කාල සටහනටද ඇතුළත් වන කොළඹ මැරතන් තරගය ලන්ඩන්, නිව්යොර්ක් සහ හවායි වැනි අන්තර්ජාතික මට්ටමේ මැරතන් තරග මෙන් ලෝකයේ වැඩි අවධානයක් දිනා ගත් තරගයක් බවට පත් කිරීම මෙහි අරමුණ වේ. පසුගියදා චෙක් ජනරජයේ ප‍්‍රාග් නුවරදී පැවැති ලෝක මැරතන් සම්මේලන වාර්ෂික සමුළුවේදී මැරතන් තරග සංවිධානයෙන් ශ්‍රී ලංකාව රටවල් 106 කින් 54 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇතැයි ස්පෝර්ට් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය. පසුගිය වසරේ පැවැති 11 වැනි තරගයේ කාන්තා ශූරතාව ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී දිනා ගත්තාය. සිවු වරක් කොළඹ මැරතන් තරගය ජයගත් ජාතික ශූර අජිත් බණ්ඩාර සහභාගි නොවු එම තරගයේදී පිරිමි ශූරතාව ඇතුළු හයවැනි ස්ථානය දක්වා කෙන්යානු කී‍්‍රඩකයන් තරගය නිම කිරීම කැපී පෙණින. ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය ඇතුළු අන්තර්ජාතික තරගාවලි ඉලක්ක කරමින් මැරතන් ජාතික සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම තේරීම් තරගාවලියක් ලෙස ද ක‍්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපති සුනිල් ජයවීර මහතා පැවසීය. කොළඹ නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිටින් ඔක්තෝම්බර් මස 7 වැනිදා පෙරවරු 6.15 ට ආරම්භවන තරගයේදී තරගකරුවන් බොරැුල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල මාර්ගය ඔස්සේ පමුණුව, තලාහේන, පිටිපන දූව සිට මීගමුව වෙරළ උද්‍යානය දක්වා ගමන් කළ යුතුවේ. තරගයට ක‍්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ මලල කී‍්‍රඩා සංගමය, ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන රැුසක්ද තරගය සංවිධානය කිරීමේදී සහයෝගය දක්වයි. විවෘත, අර්ධ, ප‍්‍රවීණ හා විනෝද ලෙස කොටස් තුනකින් සමන්විත තරගයේ අයැඳුම්පත් ලංකා ස්පෝර්ට් රයිසන්, නො: 29, බී. එස්. ද. එස්. ජයසිංහ මාවත, කළුබෝවිල, දෙහිවල යන ලිපිනයට සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර යොමු කළ යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0112824500 හෝ 0112824955 යන දුරකතන අංක මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.



අදහස් (0)

කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 7 වැනිදා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 54 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 133 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 104 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 83 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 315 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 72 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site