IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොළඹ මැරතන් තරගයේ ජය කෙන්යාවේ ටොම් බර්ඩන්ට

කොළඹ මැරතන් තරගය (පිරිමි) ජය ගැනීමට කෙන්යානු ක‍්‍රීඩක ටොම් බර්ඩන් ජෙෆ්රි සමත්විය. එහිදී ශ්‍රී ලංකාවේ ප‍්‍රකට මැරතන් ශූරයකු වන අජිත් බණ්ඩාරට දෙවැනි ස්ථානයෙන් සෑහිමට පත්වීමට සිදුවිය. ලංකා ස්පෝර්ට් රයිසන් (එල්.එස්.ආර්) ආයතනය 12 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගය කොළඹ නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිටින් ඊයේ (7) පෙරවරුවේ ආරම්භ වු අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 3400 ක් පමණ විවෘත, අර්ධ, ප‍්‍රවීන හා විනෝද යන කාණ්ඩ හතරක් යටතේ තරග කළහ. කිලෝමීටර 42.195 ක දුරකින් සමන්විත සමස්ත තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් විය. දුර ධාවන ඉසව්වලට උපන් හපන්කම් ඇති කෙන්යානු කී‍්‍රඩකයන් පිරිසක් මෙවරත් තරගයට සහභාගි වුහ. එහිදී ජෙෆ්රි, පැය 2යි. විනාඩි 26.40. ක කාලයකින් තරගය නිමකර සමස්ත ශූරතාව දිනාගත්තේය. ජෙෆ්රි, පසුගිය වසරේදීත් පිරිමි තරගය ජයගත් ක‍්‍රීඩකයාවේ. සිවු වරක් කොළඹ මැරතන් තරගය ජයගත් යුද හමුදාවේ අජිත් බණ්ඩාර මෙවර තරගය පැය 2යි. විනාඩි 28.00. ක කාලයකින් නිම කළේය. කෙන්යානු ක‍්‍රීඩක කිප්රොප් ජෝන් සැමොයි පැය 2 යි. විනාඩි 36. 45 කින් තරගය නිමකර තෙවැනි ස්ථානය ලැබීය. ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී, කාන්තා ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට සමත් වූවාය. විවෘත කාන්තා ශූරිය වූ ගුවන් හමුදාවේ රුවිනි දීපානි පැය 2 යි විනාඩි 55.47 ක කාලයකින් තරගය නිම කළාය. නාවික හමුදාවේ බී.වී.ත‍්‍රිෂාන්තිනී පැය 3 යි. විනාඩි 04.52 කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර නාවික හමුදාවේම ක‍්‍රීඩිකා එච්.එම්.හර්ෂමාලි ගුණරත්න (පැය 3 යි. විනාඩි 11.15) තුන්වැනි ස්ථානය ද දිනා ගත්තාය. විවෘත මැරතන් තරගය ජය ගත් කෙන්යානු ක‍්‍රීඩක ජෙෆ්රිට හා ශූරිය වු දීපානිට ඩොලර් 2500 ක් (රුපියල් 275,000) සමග ගුවන් ප‍්‍රවේශපත් දෙකක් පිරිනැමිණ. මෙවර තරගයට කෙන්යාව, ඉතියෝපියාව, ජපානය, ප‍්‍රංශය, ඉතාලිය, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, පින්ලන්තය, ජර්මනිය, එංගලන්තය සහ තායිලන්තය ආදී රටවල්වලින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 75 කට වැඩි පිරිසක් සහභාගිවුහ. ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය ඇතුළු අන්තර්ජාතික තරගාවලි ඉලක්ක කරමින් මැරතන් ජාතික සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම තේරීම් තරගාවලියක් ලෙස මෙවර කොළඹ මැරතන් තරගය සංවිධානය කෙරිණ. තරගය ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ අධීක්‍ෂණයෙන් පැවැත්විණ.  අජිත් බණ්ඩාර, තරගයේදී........... විවෘත කාන්තා ශූරතාව දිනාගත් රුවිනි දීපානි (මැද), දෙවැනි ස්ථානය දිනාගත් බී.වී.ත‍්‍රිෂාන්තිනී (වමේ) සහ තෙවැනි ස්ථානය ලැබු හර්ෂමාලි ගුණරත්න



අදහස් (0)

කොළඹ මැරතන් තරගයේ ජය කෙන්යාවේ ටොම් බර්ඩන්ට

චන්ද්‍රසිරි Tuesday, 09 October 2012 12:45 PM

පදක්කම් ගෙදර හදපුවා (ස)

:       0       0

නාරද Tuesday, 09 October 2012 02:05 PM

පළමු ස්ථානය දිනපු එක්කෙනගේත් ඡායරුපයක් දැම්මනම් නරකද ??(ස)

:       0       0

යොහාන් Monday, 08 October 2012 04:56 PM

අපිට ඉතිං කොහොමත් දෙවැනි තැනනේ හිමිවෙන්නේ. (නි)

:       0       0

අමාලී Tuesday, 09 October 2012 03:09 AM

පදක්කම් තුනේම පාට ලෝකඩ වගේ (ස)

:       0       0

තිළිණි Monday, 08 October 2012 05:29 PM

අජිත් සිංදු කියන්නකෝ (ස)

:       0       0

දිනේෂ් Monday, 08 October 2012 06:15 PM

මොනවා කරන්නද? ලද දෙයින් සතුටු වෙමු. (නි)

:       0       0

අළුදෙනිය Wednesday, 10 October 2012 10:18 AM

සුබ පැතුම් අජිත් .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 343 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 599 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 920 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1541 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 522 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 987 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site