IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


කොළඹ විවෘත ටෙනිස් ශූරතාව 13 හැවිරිදි ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේට

කොළඹ හිල්ටන් රෙසිඩන්ස්’හි කී‍්‍රඩා කමිටුව 9 වැනි වරටත් මෙහෙයවු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ සමත්වුවාය. කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුම ලබන නෙත්මි තවමත් 13 හැවිරිදි වියේ පසුවන ලාබාල ක‍්‍රීඩිකාවකි. නෙත්මි තරගාවලියේ 16 න් පහළ වයස් කාණ්ඩයේ (බාලිකා) ශූරතාව ද දිනා ගනිමින් ද්විත්ව ශූරතා දිනා ගත්තාය. කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ෂනෙලි අබේසේකර තරග වට 2-0 කින් පරදවා නෙත්මි ශූරතාව දිනා ගත්තාය. එහිදී   6-3, 6-0 ක් ලෙස ලකුණු තත්ත්වය සටහන්විය. ඇය පසුගියදා මහනුවරදී පැවැති සමස්ත ලංකා විවෘත ටෙනිස් තරගාවලියේද ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුවාය. පසුගියදා කොළඹ හිල්ටන් රෙසිඩන්ස්’හි ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලිය විවෘත කාන්තා කේවළ, වයස 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ සහ 16 න් පහළ යන වයස් කාණ්ඩවලින් සමන්විත විය. අවසන් තරග ප‍්‍රතිඵල: 10 න් පහළ (බාලක) ෂේන් ෂැන්ඩර්සන් විසින් ටී.ෂිවාප‍්‍රියන් පරාජය කරන ලදී. (9-1) 10 න් පහළ (බාලිකා) ඔනිලි පෙරේරා විසින් ෂවිනි ජයසුරිය පරාජය කරන ලදී. (9-0) 12 න් පහළ (බාලක) ඇන්ඩෘ මුත්තයියා විසින් උදයචන්ද්‍රන් ශ්‍රීනාත් පරාජය කරන ලදී. (6-3, 6-0) 12 න් පහළ (බාලිකා) අසාල්‍යා බණ්ඩාර විසින් පියුමි වික‍්‍රමසිංහ පරාජය කරන ලදී. (1-6,   6-2, 6-4) 14 න් පහළ (බාලක) නබීල් ෂාබ්රි විසින් ෂනිත පෙරේරා පරාජය කරන ලදී. (6-2, 6-1) 14 න් පහළ (බාලිකා) ටාෂා ප‍්‍රනාන්දු විසින් රුක්‍ෂානා ආබ්දීන් පරාජය කරන ලදී. (6-1,6-2) 16 න් පහළ (බාලක) ධනුෂ්ක අබේවර්ධන විසින් ජේ.මොරායස් පරාජය කරන ලදී. (6-1, 6-0) 16 න් පහළ (බාලිකා) නෙත්මි වඩුගේ විසින් ටාෂා ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (6-1, 6-0) 14 න් පහළ (බාලක, යුගල ඉසව්ව) අර්චන ලොකුගේ සහ ෂිවන්ක සිල්වා විසින් කවිඳු දිලූක සහ ඇන්ඩෘ මුත්තයියා පරාජය කරන ලදී. (7-6, 6-0, 6-1,0-7) නෙත්මි



අදහස් (0)

කොළඹ විවෘත ටෙනිස් ශූරතාව 13 හැවිරිදි ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට
2025 අප්‍රේල් මස 14 1305 1

මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්


ලංගමෙත් වාර්තා ගත ආදායමක්
2025 අප්‍රේල් මස 14 2005 3

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ


කෝටි හතරක කුඩු ගුවන්තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 14 932 0

රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන


අධිවේගයේ ආදායම කෝටි 13 පනී
2025 අප්‍රේල් මස 14 675 1

අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං


ජී.එස්පී ප්ලස් කණ්ඩායම මේ මස අග දිවයිනට
2025 අප්‍රේල් මස 14 691 0

ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස


රතිඤ්ඤා අනතුරුවලින් ගැලවෙන්න ඇස් රෝහලෙන් උපදෙස්
2025 අප්‍රේල් මස 14 282 0

රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 869 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site