IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොළඹ සිට මත්තල යන්න පැය දෙකහමාරයි

මාතර ගොඩගම සිට හම්බන්තොට මත්තල දක්වා ඉදිකරන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මැනීම් කටයුතු අරඹා ඇත.

ආරම්භයේදී මංතීරු හතරකින් යුත් කිලෝමීටර් 80ක් දිග මාර්ගයේ වැඩ 2018 අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති ඉංජිනේරු එල් ජී ලලිත් ප්‍රියන්ත සිල්වා මහතා පවසයි.

පළමු කොටස ගොඩගම සිට බෙලිඅත්ත දක්වාත්, දෙවැනි කොටස බෙලිඅත්තේ සිට වැටිය දක්වාත්, තුන්වැනි කොටස සිට වැටිය සිට අන්දරවැව දක්වාත්, හතතර වැනි කොටස අන්දරවැව සිට මත්තල දක්වාත් ඉදි කිරීමට නියමිතය.

ගොඩගම, බෙලිඅත්ත, කසාගල, අඟුණගොඩ පැළැස්ස, වැටිය, සූරියවැව, අන්දරවැව සහ මත්තල අන්තර් හුවමාරු පිවිසුම් අටක් ඉදි කැරේ.

පරේ වැඩ අවසන් වූ විට කොළඹ සිට මත්තලට යෑමට ගත වන කාලය පැය දෙකහමාරකි.

 

 



අදහස් (54)

කොළඹ සිට මත්තල යන්න පැය දෙකහමාරයි

හරිත් Wednesday, 17 July 2013 02:18 PM

තිලක් ඩුබායි. ඩුබායි ඉන්නකොට හිතෙනවා ඇති ලොකු රටක ඉන්නවා කියලා. තමුන් දාන ප්‍රතිචාර දිහා බැලුවම පේනවා. අධ්‍යාපන තත්වය, මොලේ තියෙන්නේ ගොම. ඔබගේ ප්‍රතිචාර වලින් දැකලා තියෙනවා හැම විටම පුද්ගලයන් හා රට පහත් කොට තියෙනවා.(නදී)

:       0       0

ලසන්ත Monday, 15 July 2013 02:31 PM

නිවුවට වැඩක් නැති නිසා කියන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 17 July 2013 10:40 AM

ද සිල්වා.ඔරවා රටේ මොළ හෝදපු හරිත් ල වගේ බත් කන හරක්ට කියල වැඩක් නැහැ රටම විනාසවෙලා ඉවරයි.(අ)

:       0       0

තිලක් Monday, 15 July 2013 06:48 PM

අපි මත්තලට යන්නේ කුරුල්ලෝ බලන්නද? මේවා තමයි ජාතික අපරාධ කියලා කියන්නේ. (නි)

:       0       0

තිලක් Monday, 15 July 2013 06:49 PM

ද සිල්වා, ඕවා රටේ ඉන්න මොළ හෝදපු අයට කියල වැඩක් නැහැ.රට නිදහස් කරගෙන අවරුදු 60 කට ගත්තු ණය ප්‍රමාණයෙන් බාගයකට වඩා මේ අවුරුදු 4-5 ට අරන් ඉවරයි.උපදින දරුවත් ලක්ස 3.5 ක ණයක් අත මිට මොලවාගෙනයි උපදින්නේ.රටේ අනාගත දරුවන් මොන තරම් අවාසනාවන්තද? (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Monday, 15 July 2013 02:49 PM

මාතර සිට මත්තල දක්වා ඉදිවෙන අදිවේගී මාර්ගය කිලෝ මීටර් 80 යි. ගාල්ල සිට මාතරට කිලෝ මීටර් 42 යි. එවිට ගාල්ල සිට මත්තල ගුවන් තොටුපොළට කිලෝමීටර් 122 යි. ගාල්ල සිට කටුනායක ගුවන් තොටුපොළට කිලෝමීටර් 158 යි. වෙනස කිලෝමීටර් 36 යි. දැන් ඔබම තීරණය කරන්න මේ ගුවන් තොටු පළෙන් සෙතක් ඇතිවී තිබෙන්නේ කවුරුන්හටද යන බව? රට වටේම අධි වේගී මාර්ග තැනීම ගැන අපට ඇත්තේ විශාල සතුටක් ඒ ගැන කිසිදු තර්කයක් නැහැ. මෙහි දැක්වෙන කිලෝමීටර් ප්‍රමාණය සඳහන් කර තිබෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව.(නදී)

:       0       0

තිලක් Monday, 15 July 2013 07:01 PM

අපි ලංකාවට ආව දවසේ කටුනායකට වැස්සා.මීටර් 100 ක් දුරක් තියෙන අපේ ගමන් මලු ටික අරන් එන්න වාහන නැහැ.අපේ ප්ලේන් එකේ ෆයිලට්ලා දෙන්නත් බලන් ඉන්නවා එයාලගේ ගමන් මලු එනකම්.දුබි සිට ආව සුදු ජාතිකයන් බලන් ඉන්නවා. එනවුන්ස් කරනවා වැස්ස නිසා ඔබේ ගමන් මලු ප්‍රමාද වෙනවා කියලා.දුබි සිට ලංකාවට එන්න පැය 4 යි.ප්ලේන් එකේ බඩු ටික ගෙන්න ගන්න පැය 2.5යි.ඔක්කොම වාහන ටික මත්තලට අදාලයි.වැසි දවසට ගමන් මලු ටික ගේන්න වාහනයක් ගන්න සල්ලි නැහැ. (නි)

:       0       0

තිලක් Monday, 15 July 2013 07:04 PM

කිසිම ජාත්‍යයන්තර ගුවන් යානයක් දැන් මත්තලට එන්නේ නැහැ කියන්නේ ඇත්තද? ඒ මදිවට තව පාරවලුත් කෝටි ගානක් වියදම් කරලා හදනවා.මිනිසුන්ට පාරවල් තමා බඩගින්නට කන්න වෙන්නේ. (නි)

:       0       0

තිලක් Monday, 15 July 2013 07:05 PM

මොනවා බලන්නද මත්තලට යන්න හදන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 16 July 2013 08:43 AM

අනුරාධපුරයට වෙසක් පොසොන් වගේ විශේෂ මාස වලටයි අවුරුද්දේ හැමදාමයි එන දේශීය විදේශීය සංචාරකයන් ගණන අනුරාධපුරයට නිතර යන එන අය දැකලා ඇති. කොළඹ ඉදන් අනුරාධපුරයට අධිවේගි මාර්ගයක් හැදුවා නම් ඔය සල්ලි අයියෝ සල්ලි වෙන්නෙ නැහැ (නි)

:       0       0

ඕමාර් - සෞදි Monday, 15 July 2013 03:16 PM

අපේ ලංකාවේ සමහරක් ඉන්නවා කොච්චර හොඳ දෙයක් කළත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒක එයාලගේ හැටි. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 15 July 2013 03:17 PM

'බඩගිනිකාරයන්ටද'? නැත්නම් 'ලැම්බෝගිනි කාරයන්ටද'? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 17 July 2013 09:40 PM

හරිත්, මම බෙර්ලින් වල ජිවත් උනාට මගේ උපන්ගම හුංගම කහඳමෝදර, අර දඩුවම් මුදලාලි හිටිය පැත්තේ, මම ලංකාවට වියාපාරික කටයුතු සඳහා අව්රුද්දකට 2 නැත්නම් 3 පාරක් එනවා. අපේ ගම පළාතේ ඉන්න ජනගහනය සමග සංසන්දනය කරලා බැලුවම , තිබෙන පාරවල් හොඳටෝම ඇති. ප්‍රශ්නෙකට තිබෙන්නේ රජයේ රෝහල්වල බෙහෙත් නැහැ, බස් ගාස්තු , භූමිතෙල් , කප්පම් කල්ලි සහ දේශපාලන මැරයන් මෙහෙ බහුලයි. මම නිතර ලෝකයේ වෙනත් රට වලට යන එන නිසා මට පුළුවන් අපේ රට ඒවත් සමග සංසන්දනය කරන්න. සංචාරක ව්‍යාපාරය දියුණු කළ පලියටම රට දියුණුවෙන්නේ නැහැ. රටේ ජනතාවගේ , ආර්ථික , සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අංශ දියුණු උනොත් තමයි රට දියුණු වෙන්නේ. මේ විදියට රට ඉදිරියට ගියොත් සුලු පෝසතුන් ප්‍රමාණයක් රටේ ඉදිද්දී දුපතුන් මහා මගට වැටේවි. මට සල්ලි තිබුනට මම පිටරට හිටියට මගේ නෑයෝ යාලුවෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. එතකොට ඒ ගොල්ලන්ට වෙන්නේ මොකද?(නදී)

:       0       0

Kumudu de Vas Gunasekara Monday, 15 July 2013 03:25 PM

සුදත්, ඔබේ තර්කයේ කිසිදු පදනමක් නොමැත. හැකි නම් තව විස්තර කරන්නන.(අ)

:       0       0

සුජීව Monday, 15 July 2013 03:49 PM

කිමී80 හදන්නේ අවුරුදු 5කටද? තව ඉක්මන් කරන්න වෙයි (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Monday, 15 July 2013 03:58 PM

කුමුදු, ඇත්තෙන්ම මෙතන මගේ කිසිදු තර්කයක්වත් අලුත් අදහසක්වත් නැහැ.මේ පුවත හොඳින් කියවන්න.ඊට පසුව ගුගල් "මැප්"වෙත ගොස් "ගෙට් ඩිරෙක්ෂන්" මත ක්ලික් කරන්න.පසුව ඔබට අවශ්‍ය නගර යන් "ඒ" හා "බි" මත යොදන්න. එවිට නිවැරදි දුර ප්‍රමාණය ලැබේවි.මේවා පොඩි ළමුන් විනෝදයට කරන වැඩනේ.කරුණාකර නැවත ප්‍රතිචාරයක් දාන්න. (නි)

:       0       0

හරිත් Monday, 15 July 2013 04:00 PM

සුදත්, ඔයා හැම දෙයක්ම බලන්නේ ගාල්ලට සාපේක්ෂවද? එතකොට මාතර ඉදලා කටුනායකට දුර සහ මාතර සිට මත්තලට දුර වෙනසක් නැද්ද ? පිටබැද්දර, මෝඩයෙක් වගේ උත්තර දෙන්න ඉස්සෙල්ලා ගොඩගම තියෙන්නේ කොහෙද කියලා බලන්න (නි)

:       0       0

චානක Monday, 15 July 2013 04:16 PM

ජපානයේත් ඔසාකා සිට ටෝකියෝ දක්වා තමයි අධිවේගී මාර්ග තියෙන්නේ. ප්‍රධාන නගර යාකර තමයි අධිවේගී මාර්ග හදන්නේ. තේරෙන විදියට හිතාගන්න (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 July 2013 12:36 PM

ඉතින්....මත්තලට පැය දෙකකින් ගිහිල්ලා මොනවා කරන්නද? (නි)

:       0       0

ෂෙහාන් Monday, 15 July 2013 12:39 PM

පිටිගල ඇත්තටම ඉන්නේ මිලනො වලද? දැනගන්න අහන්නේ (නි)

:       0       0

සත්‍යපාල Monday, 15 July 2013 12:42 PM

මත්තල ගුවන් යානා නොඑන නිසා මොනරු ,නැතිනම් බත් කුරෝ ,හරි බලන්න පුළුවනි.(නදී)

:       0       0

ද සිල්වා Monday, 15 July 2013 04:27 PM

මේ වගේ යන්න වාහන ගන්න මට වත්කමක් නැත. අපේ ඉතුරු කරගත් සොච්චමෙන් ගන්න පුළුවන් වුනේ අවරුදු 25 විතර පැරණි කාර් එකකි. එම වාහනය අදිවේගී මාර්ගයට ඇතුල් කරන්න හදනකොට එතන හිටපු පොලිස් රාළහාමි කෙනෙක් කිවුවා මහත්තයා, තරහගන්න එපා,කාර් එක පරණ නිසා අධිවේග මාර්ගයේ යන එක හොඳ මදි නේද කියලා. මම ආපසු හරවාගෙන ආවා. අලුත් වාහන වලට ආණ්ඩුව 200% විතර බදු ගහන නිසා ඒවා ගන්න අපේ මාසික වැටුප මදි.මේ පාරේ යන්න වාහන ගන්න පුළුවන් දේශපාලකයන්ට සහ බලපත්‍ර ලාභී රජයේ සේවකයන්ට සහ ලොකු සල්ලිකාරයන්ට පමණි. මේවා හදන එක හොඳයි. නමුත් වාහන බදු , පැට්‍රොල් මිල අඩුකර මධ්‍යම පන්තික අපිටත් පොඩි සහනයක් දෙන්න. එහෙම බැරිනම් ඔය කැලේ,කුබුරු යායවල් බොරුවට විනාශ කරන්නේ නැතුව ඔහොම තිබෙන්න හරින්න.මම හිතන විදියට ඔය මුදල් සහ සම්පත් අපේ තිබෙන මාර්ග පද්ධතිය නඩත්තුවට යෙදවුවා නම් අපිට පුළුවන් අපේ ත්‍රිරෝද රථයකින් හෝ මෝටර් බසිකලයකින් හෙමිහිට අපේ ගමන් යන්න (නි)

:       0       0

ශිරාන් තාබ්‍රෙව් Monday, 15 July 2013 12:50 PM

මේ අදිවේගී මාර්ගයෙන් ගොඩක් සේවාවන් සැලසෙනවා. මත්තලට ගුවන් යානා එන්නේ නැති නිසා මත්තල යාල තිස්සමහාරාම ඉන්න විවිධ සතුන් බලන්නත් මේ මාර්ගය යොදා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව ලොව බැබලේවා! (නි)

:       0       0

සෑම් Monday, 15 July 2013 04:32 PM

ඔස්ට්‍රේලියාව වගේ දුප්පත් රටකට තමන්ගේ අග නගරයටවත් (කැන්බරා වලට) ජාත්‍යන්තර ගුවන් තොටක් හරියකට නැහැ. ලගම ජාත්‍යන්තර තොටුපොලට කිමි 400 විතර දුරක් තියනවා, සිඩ්නි. මත්තල ජීවත් වන මිනිසුන් ගැන අපිට ඊර්ෂ්‍යාවයි. ඒ මිනිසුන්ට බොන්න වතුර, ලෙඩකට බෙහෙතක් තියන ඉස්පිරිතාලයක් ,පහසුකම් ඇති පාසලක් මිසක් ගුවන් තොටක් මොනවා කරන්නද? (නි)

:       0       0

මුන්සීර් Monday, 15 July 2013 01:08 PM

ඒ කියන්නේ තව අවුරුදු පහක් බලාගෙන ඉන්න ඕනෑ මේ පැය දෙක හමාරට. (නි)

:       0       0

උපාලි Monday, 15 July 2013 01:10 PM

ඒක නම් හොඳ වැඩක්. හදිස්සියකට අහස්‌ යාත්‍රාවක් වුනත් තටු ගලවලා දාලා මේ පාරෙන් යවන්න පුළුවන් ඒ වේගෙන්ම. (නි)

:       0       0

ජානක Monday, 15 July 2013 01:10 PM

මත්තල ගුවන්යානා නැහැ වගේම යාල සත්තුත් නැහැ.ඉස්සර නම් මුවෝ වල් ඌරෝවත් හිටියා. දැන් උනුත් නැහැ. අපේ අයියලා මරාගෙන කාලද දන්නේ නැහැ. මේ ලගදී මම විදේශිකයෝ පිරිසක් සමග යාල ගියා. ලැජ්ජාවේ බැරිව ගියා. අයියෝ සල්ලි!! (නි)

:       0       0

වජිර Monday, 15 July 2013 01:09 PM

මං තිරු දෙක වුනාට කමක් නැහැ. ජාත්‍යන්තර ප්‍රමිතියට හදන්න ඕනෑ. (නි)

:       0       0

හරිත් Tuesday, 16 July 2013 06:56 PM

ද සිල්වා, ඔබ කියන විදියට ලංකාවේ ප්‍රමුකත්වය දිය යුතු ගොඩක් දේවල් තියෙනවා.ඔබ සූරියවැව, වීරකැටිය පැත්තේ ජීවිත් වෙලා තියෙනවා නම් ඔහොම කතා කරන්නේ නැහැ.ඔබ කතා කරන්නේ, අධිවේගී මාර්ගයක් බාවිත කරන්නේ සංචාරකයෝ විතරද? මෙවැනිම ප්‍රශ්නයට මම මීට පෙර පිළිතුරු දී ඇත.අන්තිමටම තන්ගල්ල, කතරගම, වීරකැටිය පැත්තට ගියේ මොන කාලෙද? ඔබ බෙර්ලින් වලම ඉන්න වදයක් වෙන්නේ නැතුව.නිවාඩුවකට ඇවිල්ලා යන්න.මෙහෙ වෙන දෙයක් අපි බලා ගන්නම්. (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Monday, 15 July 2013 04:58 PM

හරිත්, මම ගාල්ල කේන්ද්‍රස්ථානය කරගත්තේ, ගාල්ල දකුණේ පිහිටි ප්‍රධාන නගරය නිසා. අනික දකුණු පළාතේ විදේශ ගතව සිටින්නන් හා සංචාරක කර්මාන්තය වැනි දෑ පිලිබඳ අවධානය යොමු කරමින්. අඩු තරමේ ගුවන් තොටු පල ගාල්ලේ වත් තිබුනානම්, අපට සතුටු විය හැකිව තිබුනා. මාතර සිට හෝ ගාල්ලේ සිට මත්තලට ඇති දුර ගැන අපට එතරම් කරදර වෙන්න අවශ්‍ය තවයකුත් නැහැ. මොකද අපි යාළ පැත්තට යන්නේ සත්තු බලන්න මිසක් ගුවන් ගතවීමට නොවන නිසා. මගේ අදහස අනුව මාතර පැත්තේ දුෂ්කර ගම්මානයක බස් නැවතුම් පලක් හැදුවානම් දිනකට 30 ක් 40 ක් මගින් එයින් උපරිම ප්‍රයෝජන ගන්නවා.(නදී)

:       0       0

නිලන්ත Monday, 15 July 2013 01:13 PM

මම නම් දකින්නේ වෙන පැත්තක්. එයාර් පෝර්ට් එකක් හින්දා පාරවල් දානවට වැඩිය කරන්න වැඩ නැද්ද ? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 15 July 2013 01:26 PM

මේ ව හැදුවට දුපත් මිනිසුන්ට යහපතක් නැත , බස් වලින් අධිවෙගෙට ගන්න ගාස්තුව අඩුකර , මගීන්ගෙන් ගන්න ගාස්තුවත් අඩු කරන්න එතකොට හැමෝටම මේ ම මාර්ගයේ ප්‍රතිපල ලැබේවි , නැත්නම් දෙසපලකයන්ට සහ සලිකරයන්ට කොලබට පැය 2 1/2 සාමාන්‍ය ජනතාවට පැය 7, (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 15 July 2013 01:26 PM

ඉස්සර අපි කුඩාකාලේ කටුනායකට ආව ජම්බෝ ජෙට් එක කියල එකක්.ඉතින් ඕක බලන්ඩ අපේ ගම් ලොරි වලින් එනවා.මම මුලින්ම එයාපෝර්ට් එකට ආවේ ඕක බලන්ඩ.දැන් මත්තලට ප්ලේන් එකක් අවොත් මිනිස්සු ලොරිවල එනවා ඇති බලන්ඩ.මම ඉන්නේ හීත්රෝ එයාපෝර්ට් එක ළඟ මෙහි විනාඩියක් ඇතුලත ප්ලේන් 10 ට වඩා නග්ගනවා බස්සවනවා.

:       0       0

සියපත් Monday, 15 July 2013 01:38 PM

වැඩේ නම් හොදයි නමුත් ලංකාව පුරාම කලොත් නේද හොද (දී)

:       0       0

චානුක බ්‍රෙසිකා Monday, 15 July 2013 01:45 PM

කොළඹ සිට කටුණායකට මිනිත්තු 15 යි. කොහොම නමුත් රට වටේටම අධි වෙගි මාර්ගයක් හදන එක හොදයි. කාලය ඉතුරුයි ඒකෙන්. නමුත් මත්තල ගුවන්තොටුපලක් හදපු එක අනුමත කරන්නේ නැහැ මම. ඒ වියදම් කරපු මුදල්වලින්, ඩොමෙස්ටික් ගුවන් තොටුපොළ වල් ටික හැදුවා නම් , රටට තව විදේශ විනමය එනවා. ඒ ගැන මට 200% විශ්වාසයි.(නදී)

:       0       0

හරිත් Monday, 15 July 2013 05:24 PM

සුදත්, ගාල්ල කියන්නේ එක සංචාරක නගරයක් පමණයි. මත්තල දක්වා අදි වේගී මාර්ගය සෑදීමෙන් කටුනායක සිට මත්තල දක්වා මේ මාර්ගය භාවිතා කරන සියලු පුද්ගලයන්ට එහි වාසියක් අනිවාර්යෙන්ම ලැබේ. මෙම මාර්ගය ගුවන් ගත වෙන පිරිස් සදහම ඉදි කෙරෙන මාර්ගයක් නොවේ. බස් නැවතුමක් හදනවට වඩා පාරක් හදන එකේ වටිනාකම ඔබට නොතේරෙන්නේ ඇයි ? සරලව කිව්වොත් දකුනු පලාතේ වගා කරන දේ, මාලු, සංචාරකයින් , කෙටි කාලයකින් සහ අඩු ප්‍රවාහන වියදමකින් තම අවශ්‍ය ස්ථානය කරා යයි. බස් නැවතුමක් සෑදීමෙන් ඊට සමාන කාර්යක් සිදුවෙනවාද? (මම අනුමාන කරනවා ඔබ ලංකාවේ අඩි වේගී මාර්ගය එක වරක් හෝ බාවිතා කර නැති බව).(නදී)

:       0       0

සේනක සිඩ්නි Monday, 15 July 2013 05:25 PM

මත්තල ගැන මෙතෙක් ලියල තිබුන ප්‍රතිචාර හැම එකක්ම මම එකතු කරගෙන ඉන්නේ. මම ඒවා මගේ පුතාට දීල කියනවා තව අවුරුදු 30ක් ගියහම පත්තරේට යවන්න කියලා. මට දුක ඒ කාලේ වෙනකොට මෙතන අදහස් දක්වපු අය නැති වීම. හැමෝම අදහස් දාන්නෙ හිතේ තියන කුහක කමට. (නදී)

:       0       0

සරත් ආතාවුද Monday, 15 July 2013 01:51 PM

මොකද දකුණට විතරක් අනිත් පළාත් වලට දෙන්නකෝ (දී)

:       0       0

විරාජ් කාලිංග Monday, 15 July 2013 05:34 PM

පලවෙනි අදහස දාපු චානක ගේ අදහසට මාත් එකයි. අදිවේගී මාර්ග හදන්න ඕන රටේ ප්‍රදාන නගර වලට ඉක්මනින් ලගාවෙන්න ඕන විදියට. ජනගහන අනුපාතයට විහිදෙන්න ඕනා. එහෙම නැතුව (අ)

:       0       0

හරිත් Tuesday, 16 July 2013 12:14 PM

සුදත්, 1. මෙම ලිපිය මත්තල ගුවන්තොටුපල ගැන ලියුවක් නොව, මෙය දක්ෂිණ අධිවේගී මාර්ගය පිලිබදවයි 2. 14:49:07 - ඔබයි ගුවන්තොටුපල ගැන කතා කරන්න ගත්තේ 3. මට කියන්න ඉස්සෙල්ලා ඔබ ලිපියට අදාලව පිළිතුරු ලියන්න... (දී)

:       0       0

ප්‍රියාන් Monday, 15 July 2013 01:58 PM

මත්තල යන්නේ කුරුල්ලෝ මරන්නයි. ඕක විතරයි දැන් අඩුවෙලා තිබුනේ. පාරවල් වල තියෙන තාර කකා තමයි දැන් ඉන්න වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

මලින්ද Monday, 15 July 2013 02:02 PM

මගේ සිහිනය, ලොකු පුතාට රේස් කාරෙක වේගයෙන් පැදගෙන ගමට ඉක්මනින්ම යන්න පාරක්.පොඩි පුතාට පයිලට් කෙනෙක් වෙලා මත්තලින් ඉක්මනින් කොළඹ එන්න පාරක්,බාල කොල්ලට නැවෙන් බැහැලා පහසුවෙන් ගෙදර එන්න සුදුසු පරිසරක් මැවීමයි. (නි)

:       0       0

උදිත පිංගය Tuesday, 16 July 2013 07:47 PM

මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න කැමතියි තංගල්ල හා තිස්ස මට යන්න (අ)

:       0       0

ජෙෆ් Monday, 15 July 2013 02:01 PM

ඔය අදිවේගී මාර්ගය කුළුණු උඩ ඉදි කෙරුවොත් වඩා හොදයි. අලින්ට කරදරයකුත් නැහැ. යන අය‍ට අලි,මොනරු බලාගෙනම ගුවන් ගත වෙන්න පුළුවන්. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 16 July 2013 03:25 PM

හාරිත් සුරියවැව, අගුනුකොල පැලැස්ස , මත්තල පැත්තේ ඔය කියන තරම් වාහන තදබදයක් නැහැ. සංචරකයොත් නැහැ. ණයවෙලා අධිවේගී මාර්ග හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.සංචාරකයෝ ලංකාවට ඇවිත් මත්තලින් බැහැලා අධිවේගී මාර්ගය දිගේ ඉක්මනට කොළඹ ගිහින් කටුනායකින් ගුවන් ගත වෙනවා කියලයි සමහරු හිතන් ඉන්නේ. දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කොට්ටාවේ සිට මිගමු පාරට දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න. මත්තලට අධිවේගී මාර්ග හදනවට වැඩිය අත්‍යවශ්‍ය දේවල් අපේ රටේ තිබෙනවා. රෝහල්වල බෙහෙත් නැත. රටේ ජනගහනයේ ප්‍රමාණයට අවශ්‍ය කරන තරම් විශ්ව විද්‍යාල නැත. ඒවගේ පහසුකම් මදි. ලංගමට අවශ්‍ය තරම් බස් සහ අමතර කොටස් නැත. දුම්රිය සේවය අකාර්යක්ෂමයි (දී)

:       0       0

නන්දන Monday, 15 July 2013 05:57 PM

නුවරට පැය පහයි, මත්තලට පැය දෙකයි...ආශ්චර්යකට යන්න අපුරු සැලසුම! (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Monday, 15 July 2013 05:57 PM

හරිත්,යමක් ලියන්න කලින් හොඳින් කියවන්න. ඔබ බලන්න මගේ මුල්ම අදහසේ "රට වටේම අධිවේගී මාර්ග තැනීම ගැන අපට ඇත්තේ සතුටක් "යන්න මම පැහැදිලිව ලියා තිබෙනවා. ඔබ මා ගැන අනුමාන කරනදේ මෙහි ලිවීමෙන් පලක් නැහැ. මම ලිවුවේ මත්තල ගුවන් තොටුපල ගැන විනා අධිවේගී මාර්ග ගැන නොවේ. (නි)

:       0       0

නීල් Monday, 15 July 2013 02:02 PM

සල්ලි ඔක්කොම සංවර්දනයට නිසා සමහර අමත්‍යංශ වල රුපියල් 30000 චෙක් එකක් වත් ලියන්න සල්ලි නැහැනේ.(නදී)

:       0       0

රුවන් පෙරේරා Monday, 15 July 2013 02:03 PM

මේ පාර හදන එක නම් හොදයි. ඉතින් මේ පාර හදපුවාම මත්තල ඉඳලා කටුනායකට එන්න පුළුවන්නේ. මොකටද මත්තල ගුවන්තොටුපොළක්.(නදී)

:       0       0

විදානගේ Monday, 15 July 2013 06:05 PM

කොළඹ ඉදලා මත්තලට ඇති දුර පැය දෙකහමාරෙන් බෙදුවහම කාර් එකක පැයට කිමී කීයක වේගෙන් යන්න ඕනෑද? (නි)

:       0       0

උදිත Tuesday, 16 July 2013 07:57 PM

මත්තල යාල තිස්සමහාරාම ඉන්න විවිධ සතුන් බලන්නත් මේ මාර්ගය යොදා ගන්න පුළුවන්. මත්තල යාල තිස්සමහාරාම අධිවේගී මාර්ග හදන්න අවශ්‍යයි. සංචාරකයෝ යාල අධිවේගී මාර්ගයක යන්න කැමතියි. (නි)

:       0       0

හරිත් Tuesday, 16 July 2013 12:24 PM

මෙම වියාපෘතිය ගුවන්තොටුපලව සම්බන්ද කළත්, බස් නැවතුම් සම්බන්ද කළත්...අවසානයේ මෙය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් වනු නොඅනුමානයි. සංචාරකයෙක්ගෙන් හෝ ආයෝජකයෙක් ලංකාවේ පළමු දුර්වලකම ලෙස දකින්නේ ක්‍රමවත් නැති මහාමාර්ග හා වාහන තදබදයි... (දී)

:       0       0

ද සිල්වා Monday, 15 July 2013 06:11 PM

සේනක මහත්තයෝ, මේවා හදන්නේ කෝටි ගණන් ණය අරගෙන. මෙම මුදල් වලින් 50% විතර දේශපාලකයෝ හොරා කනවා. මේවට ගන්න ණය වලට පොලි ගෙවන්නේ දුප්පත් අපේ සිනි ටිකෙන් , පරිප්පු 250 සහ පැට්‍රොල් ලීටරෙන් ගන්න බදු වලින්. නමුත් මේවයේ ප්‍රතිලාබ ‍දේශපලකයන්ට සහ සල්ලිකාරයට. එහෙම අපිව කනවා මදිවට කැලේ ඉන්න අලිත් කුලප්පු වෙලා උන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:15 PM

ගොඩගම ඉඳල අලුතෙන් පාරක් හදනවට වඩා කොට්ටාවෙන් පටන් ගත් දක්ෂිණ අධිවේගී එක මාතරට දික් කලානම් මේ යන වියදමෙන් බාගයක්වත් යන්නේ නැහැ නේද ? අනික රටේ භූමියත් ඉතුරුයි . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 417 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 896 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 576 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 917 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1390 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 578 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site