IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොළඹ සිනමා උලෙළට මොකද වෙන්නේ

2016-10-03-ent-12

20160830Sara-1මීට අවුද්දකට දෙකකට උඩදී පටන් ගත්තු කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ මේ අවුරුද්දෙත් කරනවද කියලා බොහෝ දෙනෙක් විමසිලිමත්ව ඉන්න බව පේනවා. අපෙනුත් මේ ගැන සමහරු අහනවා. සැප්තැම්බර් මාසේ කිට්ටුව තමයි ගිය අවුරුද්දෙත් කොළඹ සිනමා උලෙළ පැවැත්වුණේ. ඒත් දැනගන්න තියෙන ආරංචිවලට අනුව මේ අවුරුද්දෙ මේ වැඩේ නෑ. ඒ වෙනුවට වැඩේ ලබන අවුරුද්දෙ පෙබරවාරි - මාර්තුවලට කල් ගිහින් කියලා තමයි ආරංචිය.

අපේ රටේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සන්ධානය විසින් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හම්බවුණා. මෙසේ සංවිධායකවරු බලාපොරොත්තු වුණු ආකාරයට අතිවිශාල සිනමා අනුරාගයක් මේ හරහා මතු වුණා. කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ෆැෂන් එකක් වේගෙන එනකොටම නියමිත කාලයට පවත්වන්න බැරුව කල්යන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. පුදනකොටම කාපි යකා කියලා සිනමා රසිකයෝ මේ වැඩේ හරිබරි ගැහෙන කොටම ඒ උනන්දුව පහළට වැටෙන විදියට වැඩේ කල් යනවානම් එක මාර අවුලක්. ආරංචි විදියට මේ වතාවෙත් ජාපානයේ ඔකිනාවා ජාත්‍යන්තර සිනමා උලෙළෙ අනුග්‍රහය පෙර පරිදිම නැතත් ලැබෙන බව කියැවෙනවා. ඒ කට්ටියටත් ඉතින් මේක පස්සෙන් ඉඳන් හැමදාම අපිට පහන අල්ලන්න බෑ. මුල පුරලා දුන්නම අපි දැනගන්න ඕන වැඩේ ඉස්සරහට තල්ලු කරගෙන යන්න. අනුන්ගේ පහනෙන් එළිය බලන්නම ඉඳලා හරියන්නේ නෑ.

මීට පෙර වතාවල්වල මේ වැඩේට සිලෝන් තියටර්ස් සහ ජාතික චිත්‍රපට සංස්ථාව ලොකු සපෝර්ට් එකක් දුන්නා. මේ සැරේ ජාතික චිත්‍රපට සංස්ථාවේ පැත්තේ සහයෝගය ගැන පැහැදිලි නෑ. ඒ අයට කලින් වගේ සපෝර්ට් කරන්න බැරි මුදල් අතින් අග හිඟකම් තියෙන නිසා කියලයි ආරංචිය. කොහොම වුණත් ජාතික චිත්‍රපට සංස්ථාවත් රිම් එකෙන් දුවද්දි තවත් අයට උදවු කරන්නේ කොහොමද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මේ හේතු කොහොම වුණත් මේ වගේ සිනමා උලෙළක් රටකට අත්‍යවශ්‍යයි. ඒක රටේ සිනමා කර්මාන්තයටත් විශාල රුකුලක්. මේ හරහා මතු වුණු සිනමා ප්‍රබෝධය සිනමාවේ අනාගතයට හොඳ ආයෝජනයක්.

සමහරු කියයි නිකන් පෙන්නන චිත්‍රපටි බලන්න කට්ටිය පෝලිම් ගැහුණු පමණින් රටේ සිනමා ප්‍ර‘බෝධයක් ඇති වෙනවද කියලා. ඒත් මේ තරමින් පටන් අරගෙන කාලයක් යනකොට මේක හොඳ තැනකට තල්ලු කරගන්න අපට පුළුවන් වෙයි.

මීට කලින් වතාවල්වල වගේ චිත්‍රපට ගොඩ වැඩි කරගෙන අවුල් කාලසටහනකට චිත්‍රපට පෙන්වීම වෙනුවට තෝරාගත් චිත්‍රපට කිහිපයක් හරි සැලසුමකට පෙන්නන්න උනන්දුවීමත් වැදගත්.

එතකොට ප්‍රේක්ෂකයන්ටත් අසාධාරණයක් වෙන්නේ නෑ. මේ සඳහා කැපවුණු සියලු දෙනා සිනමාවට ඇලුම් කරන නිසා ස්වෙච්ඡාවෙන් වගේ තමයි මීට කලින් වැඩේට බැහැලා හිටියේ. ඒත් මේක ප්‍රොෆෙෂනල් වැඩක් විදියට ඉදිරියට යනකොට මේකට හොඳ ස්ටාෆ් එකක් අවශ්‍ය වෙනවා. ඒවා ගැනත් හිතන්න ඕන. දැන් අධ්‍යක්ෂවරු මේ වැඩේ කරන්නේ එයාලගේ දහසකුත් එකක් වැඩ අතරමනේ. අපි දන්න විදියට ජනප්‍රිය ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ සියල්ල වගේ වසර පුරා කරන කැප කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඉතා ඉහළම මට්ටමේ සිනමා උලෙළක් වසරක් පාසා පවත්වන්න ඒ අයට හැකියාව ලැබෙනවා. අපිත් ඒ තැනට ළඟා වීමයි අවශ්‍ය වෙන්නේ.

මේ වැඩේට සහයෝගය දියහැකි සහ දිය යුතු බොහෝ පිරිසක් මේක ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා මේ සඳහා මැදිහත් වෙන්න හිතුවොත් ඒක ඉතාම කදිමයි. මේවාට ආණ්ඩුවෙන් නම් හැන්ද පුරවලා උදවු හම්බවෙයි කියලා බලාගෙන ඉඳලා නම් වැඩක් නෑ. මොකද ඒ අයට හැමදාම වැඩ කරන්නේ ඉදිරි අනාගතය බලලා නෙවෙයි ඊළඟ ඡන්දය බලලා. ඒක නිසා ආණ්ඩුව මේවාට මැදිහත් වෙනකම් බලාගෙන ඉන්න එක අර මොකක්ද හැලෙනකම් එළුවගේ පස්සේ යනවා වගේ වැඩක්. එක නිසා අපිට පුළුවන් විදියට මේ වැඩේ ගොඩ දාගමු කියන යෝජනාව අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට කරන්න කැමැතියි.

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 

 



අදහස් (0)

කොළඹ සිනමා උලෙළට මොකද වෙන්නේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 284 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 286 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 367 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 292 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 414 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 443 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site