IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


’’කොළඹ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරනවා’’

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 3800 ක් වැය කරමින් කොළඹ සමුද්‍රීය මාර්ගයේ දෙහිවල සිට පානදුර දක්වා කිලෝමීටර 17 ක කොටසේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එහි මූලික ශක්‍යතා අධ්‍යනය මොරටුව විශ්වවිද්‍යාලය මේ වන විට අවසන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් සහ දේපල අහිමිවූවන් වෙත වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 2100 ක මුදලක් වෙන්කර ඇති බව සඳහන් කළේය.

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩාත් සුදුසු විකල්පය ලෙස හදුනාගත් සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් මේ වන විට අදියරයන් 6 ක් යටතේ ඉදිකිරීම් අවසන් කර ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

 



අදහස් (21)

’’කොළඹ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරනවා’’

de silva Thursday, 26 August 2021 04:30 PM

ආණ්ඩුවට ඉදිරියට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි බෙහෙත්, ආහාර ගන්න බැරි තත්වයකට යමින් සිටින වෙලාවේ මේවා කරන එක හරිද.?

:       3       4

duminda Thursday, 26 August 2021 04:46 PM

අපිට සල්ලි තියෙනවා ඕකයි ඔය කියන්නේ.

:       0       4

Don Thursday, 26 August 2021 04:55 PM

නියමයි. කෝටි 3800න් කෝටි 38ක් ලැබුනත් මොකද නේ. කොහෙ හොයන්නද නේ... මේක තමයි රස. මරු සංවර්ධනය.

:       1       3

Nihal Thursday, 26 August 2021 04:57 PM

වතුර සහ විදුලිය නුතන සමාජයේ අයිතියක්, පාරවල් නෙවෙයි.

:       2       3

abadi Thursday, 26 August 2021 05:07 PM

දැන් කියියක් විතර මාටියා ගහන්නද සැලසුම් කරලා තියෙන්නේ.

:       1       4

Nuwan Thursday, 26 August 2021 05:22 PM

රට චිනාගේ ණය මර උගුලේ දාලා හරි ඕවා කරන්න ඕනනේ

:       2       4

Jayashantha Thursday, 26 August 2021 05:29 PM

හොඳ තීරණයක්

:       3       3

Sena Thursday, 26 August 2021 05:32 PM

මිනිස්සු තොග පිටින් මැරෙනවා, සමහරුක්ට කන්න නෑ. රටේ බෙහෙත් නෑ. ළමයින්ගේ අධ්‍යාපනය අවුරුද්දක් තිස්සේ නතර වෙලා. මෙතුමා පාරවල් හදනවා. දරුවෝ ලෙඩවෙලා මැරෙනවා බල බලා බෙහෙත් වලට වියදම් නොකර දෙමව්පියෝ ගෙවල් අළුත්වැඩියා කරන්න සල්ලි වියදම්කරන්නෙ නෑනේ. එහෙම කරනවානම් ඒ අයට කියන්නෙ නරුමයෝ කියලා.

:       1       4

K Perera Thursday, 26 August 2021 06:03 PM

දැන් මේකද අපේ රටට අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ.?

:       2       3

ranjith Thursday, 26 August 2021 06:08 PM

සල්ලි තියෙනවානම් මේ කොවිඩ් වලින් මිනිස්සු ගොඩදාමු.

:       1       2

rocky Thursday, 26 August 2021 06:15 PM

ඕන තරම් සල්ලි තියෙනවා වගෙයි නේද.?

:       1       3

Lalith M Thursday, 26 August 2021 07:15 PM

ඕකත් චීන්නුන්ටනේ දෙන්නේ. ඒකෙන් කොමිස් ගහයි. අපි ණය ගෙවයි. ඉන්පසුව විදේශ විනිමය නෑ කියල චීනෙටම විකුණයි. අන්තිමට ජරාව කන්න අපි වන්දි ගෙවන්න ඕන.

:       1       4

කිලෝමීටරයට රුපියල් මිලියන දෙදාස් දෙසිය තිස් පහයි Thursday, 26 August 2021 10:03 PM

රටට කන්න බොන්න නැති මොහොතක මේසා මුදලක් යට කිරීමට විශේ්‍ෂ හේතුවක් තිබේද? මෙය අවුරුද්දකට පරක්කු කල නොහැකිද? තේ වගාවත් පොහොර නොමැතිව වැටී ඇති මොහොතක මෙයට මුදල් කොහෙන්ද?

:       0       11

swene Friday, 27 August 2021 06:17 AM

ජනතාවගේ මළමිනී මතින් හෝ පාරවල් හදමු. ඉතිරිවන ධනපති රැලට සුඛෝපභෝගී ව වාහන වලින් යන්න පුළුවන්

:       0       2

ඩේමියන් Friday, 27 August 2021 06:56 AM

ව්‍යපෘති වලට දෙන විදෙස් ආධාර වලින් කන්න දෙන්න, බෙහෙත් දෙන්න බැරි බව නොදත් අය බොහෝ සිටින බව පෙනේ.

:       3       0

NuwanFriday, 27 August 2021 11:06 AM

විදෙස් ආධාර කිවුවේ චීනාගේ ණය වලට වෙන්න ඇති

:       0       4

L.G.P.Jathunarachchi. Friday, 27 August 2021 07:44 AM

රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා හොඳ අනාගතයක්

:       0       2

ගමයාFriday, 27 August 2021 01:49 PM

ගජ මිතුරු හිතවත් කිහිපදෙනෙකුට විතරයි ජය වෙන්නේ. ඒ ගොල්ලන්ට දුන්නොත් බිස්නස් ගොඩ කිව්ව ව්‍යාපාරිකයන්ටත් වැලේ වැල් නෑ. හැබැයි අනුකම්පා නොමැතිව සංවර්ධනය යන්නේ එතැනින්නේ... ඡන්දෙට ලෑස්තිවෙන්නනේ යමක් හොයාගන්නේ.

:       0       4

Nihal Friday, 27 August 2021 10:21 AM

මන් කල්පනා කෙරුවේ මේවා වල යන්න රටේ ලෝකේ මිනිසා ඉතුරු වෙයිද ?

:       0       2

සුනිල් ෆොන්සේකා Friday, 27 August 2021 05:22 PM

ඉතාමත් හොඳ තීරණයක්. කොරෝනා කියකියා වැලලෙන්නේ නැතුව අනාගතය වෙනුවෙන් කළයුතු සංවර්ධන වැඩ නොපමාව කළයුතුයි. රට කොරෝනාව සමඟම වලලන්න උත්සාහ කරන අයගේ පසුගාමි අදහස් නොසලකා මේ පාර හදන්න ඕනෑ... නැතිනම් කොරෝනා ඉවර වෙලා රට යථා තත්වයට පත්වෙන දවසට තමයි පාර මතක් වෙන්නේ. වඳුරො ගෙවල් හදනවා වගේ...

:       1       0

මෝඩ ජනයාFriday, 27 August 2021 06:43 PM

ඡන්දෙට කලින් ජනතාව ජනතාව යනුවෙන් මතුරන අපේ ඇත්තෝ ඡන්දෙන් දිනුවාට පස්සේ සංවර්ධනේ සංවර්ධනේ කියමින් වෙහෙසව වැඩකරන ගොවියන් ඉන්න ප්‍රදේශවලත් ඇවිදින මංතීරුවක් වත් ලහිලහියේ දාගන්න තනන්නේ මොකද කියලා දූෂිත රටවල් ලැයිස්තුවේ දිනපතා ඉහළට යන අපි නොදන්නවැයි නේද? අනේ වාසනාවන්...!

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 5 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 7 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 621 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 2918 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 76 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1491 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1407 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site