IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොළඹ සරසවියෙන් රජරට දුෂ්කර පාසලකට පුස්තකාලයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන පණ්ඩුකාභයපුර විදුහලේ සිසුනට විශාල අඩුවක්ව පැවැති පුස්තකාලයක් හා සිසු දරු දැරියන්ට අභ්‍යාස පොත් පාසල් හා ක්‍රීඩා උපකරණ ද  ලබා දීමට කොළඹ විශ්ව විද්‍යාලයයේ 60 දශකයේ විද්‍යාර්ථින්ගේ එකමුතුව එහි ගියේය.

අනුරාධපුරයේ සිට කිලෝමීටර 17ක් පමණ දුරින් පිහිටි ඉතා අඩු පහසුකම් සහිත  පණ්ඩුකාභයපුර විදුහලට මෙම මහඟු පරිත්‍යාගය කිරීමට එකමුතුවේ නිලධාරී මණ්ඩලය හා විධායක සභාවේ තිහකට ආසන්න පිරිසක් ගොස් සිටියහ.

විදුහල්පති  එම් ජයවර්ධන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය හා සිසු දරු දැරියෝ ඔවුන් සාධරයෙන් පිළිගත්හ.

ඉන්පසු පැවැති කෙටි උත්සව සභාවේ දී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කබඩ්, මේස, පුටු, පොත්පත් හා පරිගණකයක් ද සිසු දරු දැරියන්ට වෙනම පොත් පාර්සල් ද ක්‍රීඩා උපකරණ ද බෙදා දෙනු ලැබුවේ එකමුතුවේ සභාපති ටී ජී ජයසිංහ මහතා සහ ලේකම් මුදිතා රුද්‍රිගු මෙනවිය ඇතුළු විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සාමාජික සාමාජිකාවන් විසිනි.

 



අදහස් (0)

කොළඹ සරසවියෙන් රජරට දුෂ්කර පාසලකට පුස්තකාලයක්

මුදිතා Friday, 20 September 2013 07:28 PM

ධර්මසේන නවරත්න මහතාණෙනි , ඔබගේ පරිත්‍යාග සදහා සංගමයේ සභාපති හෝ ලේඛම් වෙත ඔබව සම්බන්ධ කරගත හැකි අයුරු දන්වන්න (නි)

:       0       0

අනුර Thursday, 19 September 2013 08:08 PM

මෙවැනි ශ්‍රේෂ්ඨ උතුම් කාර්යයන් දිනෙන් දින වැඩිවේවා. ඔබලාට දෙවි පිහිටයි (නි)

:       0       0

ච්ය්රිල් ප්‍රනාන්දු Thursday, 19 September 2013 08:10 PM

හොද වැඩසටහනක් (නි)

:       0       0

මහී Friday, 20 September 2013 07:47 PM

මේවා හොද වැඩ (නි)

:       0       0

ධර්මසේන නවරත්න Thursday, 19 September 2013 08:57 PM

කරුණාකරලා මෙම විදුහලේ ලිපිනය දන්වන්න. මමත කොලොම්බ් විශ්ව විද්‍යාලයේ 60 දසකයේ සිටියේ. මගේ උපන් ගමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ. දෙනාට මම ලග තියෙනවා විශාල පොත් තොගයක්. මම කැමති මෙම පොත් මේ විදුහල පරිත්‍යාග කරන්න. (අ)

:       0       0

ධර්මසේන නවරත්න Thursday, 19 September 2013 08:59 PM

මම මෙය ලියන්නේ එංගලන්තයේ සිට. කරුණාකරලා මේ උතුම් පරිත්‍යාගය කරපු අයගේ තොරතුරු පල කරන්න පුලුවන්ද? (අ)

:       0       0

සෙන්තිල් Thursday, 19 September 2013 10:08 PM

රෝසේ පාට සාරියක් ඇද ගෙන ඉන්න නෝනා ලස්සනයි.(නදී)

:       0       0

සිල්වා Friday, 20 September 2013 02:27 PM

ඉතාම හොද වැඩක්. අගය කරනවා ඔබගේ හොද වැඩ සහ ගමේ දරුවන් වෙනුවන් වැඩක් කිරිම (නි)

:       0       0

කුමාරි Thursday, 19 September 2013 03:38 PM

මහත් පුන්‍ය කර්මයක්. ගුන නැන වඩා යහපත් පුරවැසියන් බිහිවේවා!(නදී)

:       0       0

ජයසූරිය Thursday, 19 September 2013 04:09 PM

මේ උතුම් සත්කාරයට ගෞරවනීය ප්‍රණාමය.(නදී)

:       0       0

ප්.ද ගුණවර්ධණ Thursday, 19 September 2013 05:03 PM

මෙන්න මේවා තමයි නියම වැඩ, පාර තියෙනකම් දුරට පෙළපාලි යනවට වඩා.....මේ උතුම් සත්කාරයට ගෞරවනීය ප්‍රණාමය. (නි)

:       0       0

අශාන් Friday, 20 September 2013 09:14 AM

ඉතාම උතුම් ක්‍රියාවක්. සහභාගි වූ සැමට පින්! (නි)

:       0       0

කන්නන්ගර Friday, 20 September 2013 09:31 AM

කොළඹ විශ්ව විද්‍යාලය කියන්නේ ලෝකයේ නම් දරපු තැනක්. රැග් නොමැති තරම්, පින් අතේ වැඩ බොහොමයි. මුදල් පසුම්බියක්/වටිනා දෙයක් දමා ගියත් ඊළඟ දවසේ ඒක එතනමයි. තමන්ට අයිති නැති දේවල් කවුරුත් ගන්නේ නැහැ. සතුන්ට තිබෙන්නේ පුදුම කරුණාවක්.බොහොමයක් බිම් සැකසීමේ වැඩ කරන්නේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන්. අනෙක් විශ්ව විද්‍යාල වලට ආදර්ශයක් (නි)

:       0       0

දර්ශන් Thursday, 19 September 2013 05:22 PM

ලොකු පිනක්. දැක්කද පොඩි එවුන්ගේ මුහුණේ තිබෙන ප්‍රීතිය,අනිත් අයත් ආදර්ශයට ගනිත්වා. (නි)

:       0       0

ටුආන් Thursday, 19 September 2013 06:05 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

මහවැලි Thursday, 19 September 2013 06:43 PM

ඇති හැකි අයගේ දරුවන්ගේ මෙන්ම නැති බැරි අයගේ දරුවන්ගේ ද බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය විය යුතුය. මේ උතුම් පුණ්‍ය මෙහෙවරේ යෙදුනා වූ නානා නැණ නුවණින් සපිරි මහැදුරු හා අදුරු පින්වත් උතුමන්ලාගේ පමණක් නොව දුවා දරුවන්ගේ ද ආයු, වර්ණ,සැප,බල, සහ ප්‍රඥාව තව තවත් වැඩි දියුණුවීමට හේතු වාසනා වේවා! චිරං ජයතු!!!. (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 19 September 2013 07:22 PM

ලොකු දෙයක් මෙහෙමවත් මේ ළමයින්ට උපකාර කරන එක.යහපත් පුරවැසියන් බිහිවේවා! (නි)

:       0       0

සුභාෂිනී Friday, 20 September 2013 12:11 PM

කන්නන්ගර, කොළඹ විශ්ව විද්‍යාලය ගැන කරපු වර්ණනාවට බොහොම ස්තුතියි .සමහරු හිතන්නේ කැළණියෙයි පේරාදෙනියෙයි විතරයි කැම්පස් තියෙන්නේ කියලා .අද රටේ ලෝක මට්ටමේ ඉහලින්ම තියෙන නිහඩ, ඒත් ගුණාත්මක විශ්ව විද්‍යාලයක් තමයි එය .අපේ සරසවි මෑණියන් දිනේවා......... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 826 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5144 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3014 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1517 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28236 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site