IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොළඹ සරසවියෙන් වයසට යාම පමා කරන ස්වාභාවික ඖෂධයක්

(ගයාන් සූරියආරච්චි)

වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි.

මෙම ඖෂධය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සකසා ඇතිබව කොළඹ සරසවියේ විද්‍යාඥයෝ පවසති.

දීර්ඝකාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මේවන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ අවසන් අදියරේ පවතින බවත් මහාචාර්යවරයා පැවැසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය සහ විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් හරහා පෞද්ගලික සමාගමක් සමග එක්ව ඉතා ඉක්මනින් වෙළෙදපොළට නිකුත් කරන බව ද විද්‍යාඥයෝ කණ්ඩායම පවසති.

 



අදහස් (8)

කොළඹ සරසවියෙන් වයසට යාම පමා කරන ස්වාභාවික ඖෂධයක්

Pradeep Kumara Monday, 29 January 2024 03:39 PM

ඔන්න ඉතිං ඕන නැති වැඩක් කරලා. මේක දැන් අපේ නාකි දේශපාලුවෝ ටික බොන්න අරන් තව තවත් රට විනාශ කරනවා. සොබා දහමට අවනතව ඉන්න බලමු.

:       0       0

බද්රානි Monday, 29 January 2024 03:44 PM

අනේ නිකම් මෙතන කෙබර කෙලින්නේ නැතිව ඉන්න මහත්තයෝ, තක්කඩි ආයතනයක් සමග එකතු වෙලා මෝඩයින්ගේ පොකට් එකට විදින්න නේද මේ හදන්නේ..? ඕවා හොඳයි ලංකාවේ පල් මෝඩයින්ව චූන් කරන්න...

:       0       0

මුදිත් Monday, 29 January 2024 03:53 PM

ඒ උනාට මහාචාර්යතුමා වයසයි නේ! ඉතින් කොහොමැයි විස්වාස කරන්නේ ?

:       0       0

බං ගොයියා Monday, 29 January 2024 04:06 PM

අපේ මයින් ද මාත්තයා, වික්කමසිංහ මාත්තයා ඇතුලු කවුන්සිලේ ඉන්න රට කරවන උතුමන්ට මුලින්ම මේ මාහැගි ඖෂධය ලබා දී චිරාත් කාලයක් අපිව පාලනය කොරන්ට අවස්ථාව ලබා දිය යුතුයි.

:       0       0

Perera Tuesday, 30 January 2024 02:46 AM

මෙයාගේ රැවුලත් සුදු වෙලා කොන්දෙත් සුදු ගෑවිලා නේ.එයා හොයා ගත්තු බෙහෙත ඊයේ බීලා නැද්ද ?

:       1       3

Anura Tuesday, 30 January 2024 05:40 AM

මේ ඩොක්ටත් එක එක කාලෙට එක එක විකාර කියවල මොකක් හරි නිශ්පාදනයක් එලියට දානව කීයක් හරි හොයාගන්න. හැබැයි ඒවාගේ ප්‍රතිඵලනම් පාරිබෝගිකයන්ට ලැබෙන්නෙ බිංදුවයි , ඒ නිසා මෙයාලගෙ බොරුවලට රැවටෙන්නෙ නැතිව ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්

:       1       3

Nadadawa withanage sisira kumara Tuesday, 30 January 2024 05:44 AM

බෙහෙත ගන්න දේශපාලකයෝ පෝලිමේ පොරකයි

:       0       2

chandima Tuesday, 30 January 2024 05:49 AM

ඒ කියන්නේ මේ හොරු 240 යි අලි බබාලයි දිගටම ඉන්නවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1365 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 831 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2097 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 714 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1776 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site