IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජනපති අණින් නවතියි

(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එම ව්‍යාපෘතිය වහාම නතර කර එහි ව්‍යාපෘති කාර්යාලයද වසා දමන ලෙස ජනාධිපති ලේකම්වරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එන්.බී මොන්ටි රණතුංග මහතාට ඉකුත් 21 වැනිදා ලිපියක් යවමින් දක්වා ඇත.

එම ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ එක්ව සකස් කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇත.

කොළඹ නගරය හා ඒ ආශ්‍රීතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස කොළඹ සිට මාලඹේ දක්වා මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර ඊට වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 185 ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි.

එම මුදල ජපන් ණය ආධාර යටතේ ලබාගැනීමට එකඟතාව පළවී තිබණි.

 

 



අදහස් (54)

කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජනපති අණින් නවතියි

විජිත් Wednesday, 23 September 2020 03:52 PM

ඔන්න දැන් පූසා මල්ලෙන් එළියට පැන්නා. ජයිකා එකෙන් 0.1% ට දෙන ණය ආධාර වලින් ගසාකන්න බැරිබව දන්නා නොම්මර එකේ මනුස්සයා තමයි පීබී ජයසුන්දර කියන කෙනා. එදා මිනිහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වෙලා හිටපුකාලේ ජයිකා එකෙන් දෙන අඩු පොලී ණය ගත්තේ නැහැ. හේතුව ඒ ණය දුන්නම "පසු විපරම්" කරනවා. ප්‍රොජෙක්ට් එකක් කොටස් කීපයකට බෙදලා පළවෙනි අදියර සාර්ථකව, නියම ප්‍රමිතියට කරලා නම් තමයි දෙවන කොටසට මුදල් නිකුත් කරන්නේ... ශ්‍රී ලංකාවේ සිටින ජයිකා නියෝජිතයින් නිතරම පරීක්ෂාවෙන් සිටින්නේ. ඒ සල්ලි හොරාකන්න බැහැ. කීයටවත් බැහැ. ඒ නිසා පී.බී කලේ පසු විපරම්නොකරන 6% හෝ 7% වැනි අධික පොලියකට ණයදෙන ආයතනවලින් අපේ රටට අවශ්‍ය ණය ලබාගැනීමයි. ඒ නිසා තමයි අපේ රට ණය උගුලට හිරවුණේ. දැන් මිනිහා ජනාධිපති ලේකම්. දැන් ඉතින් කාට බයද? අර වටිනා, මහජනතාවට අඩු පොලියට කරගන්න තිබුණු ප්‍රොජෙක්ට් එක අවලංගු කරලා... වෙන ලොකු පොලි අනුපාතයකට සල්ලි දෙන කළුකඩ කාරයෙක්ගෙන් සල්ලි " හිඟාකාවි ". බුද්ධිමත්, උගත්, අවංක, පාලකයිනුත් නැති, නීතියත් නැති රටක ආර්ථික ඝාතකයා තමයි රජා...!!! 69 ලක්ෂයක්වූ අයගේ සිහින කුමාරයා තව වැඩ පෙන්වයි 20 සම්මත කරගත්තට පසුව....

:       30       409

කුමාරWednesday, 23 September 2020 06:08 PM

ඔහොම කියන්න එපා.... රට බේරිලා තියෙනවනේ.

:       6       4

අජිත්Thursday, 24 September 2020 12:00 AM

20 ට අකමැති, රට බෙදන්න කැමති අය. යහපාලන කාලයේ මහ බැංකුව මහ දවාලේ කොල්ල කන කොට කතා නොකළ කට්ටිය, දැන් ව්‍යාප්තියක් නතර කළාම කලබල වෙනවා.

:       28       14

සෙනෙවිThursday, 24 September 2020 09:32 AM

මේ කෝච්චි යන්නේ තනි කණුවක් උඩ. යට මහපාර. ඉතාම භයානක ගමනක්. අම්ම මුත්තා කාලෙවත් අපි මෙහෙම ගමන් ගිහින් නෑ. කකුල් වෙවුල වෙවුලා තමයි යන්න වෙන්නේ. ඔය බටහිර පුරුදු අපිට ගැලපෙන්නේ නෑ. මේක තහනම් කිරීම ඉතාම හොඳයි.

:       14       5

sachithThursday, 24 September 2020 12:54 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඉතින්.

:       0       18

allionThursday, 24 September 2020 04:44 AM

නොදන්නා කමට මෝඩ කතා කියන්න එපා. අවුරුදු 5ක් තිස්සේ ණය බර වැඩි වෙලා ආර්ථිකය පහලටම ගියා. ඔකේ වාරිකය කියියද ගෙවනකොට පොලිය විතරක් නෙවෙයි.

:       34       15

AsankaThursday, 24 September 2020 07:00 AM

ඔබ ජයිකා වාර්තාව කියවලා එන්න. එකේ තියෙනවා චීන කොන්ත්‍රාත්කරු විසින් බාල විදියට මෙම ව්‍යාපෘතිය කල ආකාරය සහ සල්ලි නාස්ති කල හැටි.

:       2       20

ChannaThursday, 24 September 2020 04:57 AM

පොලිය විතරක් නෙවෙයි වාරිකයත් තියෙනවා.

:       4       7

A47Thursday, 24 September 2020 07:58 PM

තේරෙන සිංහලෙන් කියලා දෙන්න පුළුවන් , හැබැයි වැඩක් වෙන්නෙ නෑ කියලා තේරෙනවා මෙකේ දාල තියෙන අදහස් ටික දැක්කම.

:       0       3

gaamini Wednesday, 23 September 2020 03:53 PM

දවසින් දවස මොකක්හරි කඩා වැටෙනවා. ළඟදිම මැතිවරණයක් තියයි වගේ.

:       8       92

dewa Wednesday, 23 September 2020 04:19 PM

ජය වේවා..!!! 

:       7       37

Akila Wednesday, 23 September 2020 04:23 PM

විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබ්බේ මෙය චීනයේ බලපෑම් මත සිදුවූවක් කියා.., බලමු දැන් ඊළඟට ඕකම චීනය සමග පටන් ගන්න ගියොත්... ඔක්කොම ටික තේරුම් ගන්න පුළුවන්..

:       4       87

kapila Wednesday, 23 September 2020 04:30 PM

මා සිතන්නේ මීට හේතුව පසුගියදා අග්‍රාමාත්‍යවරයා විසින් විදේශීය රටවලින් ගත් ණය ආපසු ගෙවීම සඳහා විරාමයක් ඉල්වා සිටීමයි. එවැනි පසුබිමක් තුළ, මේ ණය දීම නතර කලේ ජපානයේ JICA ආයතනයයි.

:       154       22

gaaminiWednesday, 23 September 2020 05:40 PM

ලෝකයේ කිසිම රටක්.., පවුල් වාදය අනුමත කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපේ රට අනිත් හැම රටකින්ම ප්‍රතික්ෂේප වෙන්නේ.

:       4       10

gaaminiWednesday, 23 September 2020 05:40 PM

ලෝකයේ කිසිම රටක් මේ පවුල්වාදය අනුමත කරන්නේ නැහැ.

:       4       9

පෙරේරාThursday, 24 September 2020 12:43 AM

කවුද කියන්නේ ජෙයිකා එක පැත්තෙන් මේක මුලින්ම නැවැත්තුවා කියලා...ජෙයිකා එක මුලින්ම ඇහුවේ රටේ ණය ගැනීමේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න කියලා... දැනට රටවල් දෙකක් අතර (exchange of notes) අත්සන් කර ඇති මේ ගිවිසුමෙන් ඒක පාර්ශවීය ලෙස ඉවත් උනොත් අදාල දඩ මුදල් සමගින් දැනට ලබා ගෙන ඇති මුදල ඒ සැනින් ගෙවිය යුතුය

:       0       5

sapumalThursday, 24 September 2020 02:05 AM

වැරැදි අවබෝධයක්... එහෙම නැතිනම් තනිකරම රජපක්ෂ වහලෙක්. මේක නැවැත්තුවේ සල්ලි හොරකම් කරන අලුත් වැඩක් විදිහට චීන ණයවලින් පටන් ගන්න.

:       3       16

ranaThursday, 24 September 2020 03:58 AM

ජායිකා ලංකා නියෝජිතයගෙ මේ ගැන ලියා තිබෙන වාර්තාව කියවන්න සත්‍ය තේරෙවි.

:       0       36

samThursday, 24 September 2020 04:21 AM

රජයේ තීරණයේ සමබර බව මදි කියලනම් හිතෙනවා. මෙයින් ඉහල ආදායමක් උපයන්න පුලුවන්නම් ණය ගෙවීමට පහසුයි නේද කියලා පෙනුනොත් හොඳයි.

:       0       8

ranaThursday, 24 September 2020 06:38 AM

කපිල බැලුවද? පළමු ගෙවීම අවුරුදු 12කින්, සම්පුර්ණ ගෙවිම අවුරුදු 40කින්, මීට වඩා මොනවද?

:       0       16

kapilaThursday, 24 September 2020 10:40 AM

රනා, දැන් රටේ තියෙන අාදායම හැටියට, එවැනි දීර්ඝ කාලීන නායකත්වයක් නැවත ගෙවාගත නොහැකියි. එ්කයි යථාර්තය...

:       1       2

Prabha Thursday, 24 September 2020 01:47 PM

කපිල අඩුම ගානේ පුවතවත් කියවලා එන්න. මේක නවත්වලා තියෙන්නේ ආණ්ඩුවෙන්. නැතිව ජපානයෙන් නොවේ. කඩේ ගියාට කමන් නැ. ඔහොම රෙදි නැතිව යන්න එපා. මිනිස්සු හූ කියයි.

:       0       2

NIMAL Wednesday, 23 September 2020 04:48 PM

දේශීය ආර්ථිකයක් ගොඩ නගන්න උත්සාහ කරන නිසා ඉවසගෙන ඉන්න. මේ මනුස්සයා මොනවාහරි කරන්න යනකොට බනින්න එපා... කාලය ලබාදෙන්න.

:       8       4

isuru Wednesday, 23 September 2020 04:51 PM

කොමිස් කේස් ...!!!

:       0       4

rohana Wednesday, 23 September 2020 04:55 PM

තාම පටන් ගත්තා විතරයි. ඉස්සරහට ගොඩක් දේවල් සිද්ද වෙයි. අපි බලාගෙන ඉම්මු.

:       3       5

tiudar wanasingha Thursday, 24 September 2020 12:08 AM

කොමිස් ගන්න පුළුවන් ඒවාට තැන දෙන්න කියලා මහ තැනගෙන් නියෝගයක් ලැබුණා. 20 සම්මත වුණාම කෑලි ටික තියෙන්නේ. විගණනය කරන්නත් බැරි නිසා කල්ල මරේ...

:       1       14

ලුම්බිණි Thursday, 24 September 2020 12:35 AM

ඇත්තටම මේක හොඳ ව්‍යාපෘතියක්. මාලඹේ ඉඳලා කොළඹ එන මිනිස්සු දන්නවා විඳින දුක. මේක හැදුවා නම් ඉතාම පහසුවෙන් කාලය ඉතුරු කර ගෙන ගමන් කරන්න තිබුනා. මේක පටන් ගත්තේ කවුද කියන එක වැදගත් නැහැ. අවාසනාවට අපේ රටේ දේවල් සිදු වෙන්නේ මහජනතාවට ප්‍රයෝජනවත් වෙන විදියට නොව පාලකයන්ට ප්‍රයෝජනවත් වෙන විදියට.

:       2       9

චාමර Thursday, 24 September 2020 02:09 AM

කපිල වගේ අය වැඩි වැඩියෙන් ලංකාව තුළ පහළ වේවායි යන්න ලාංකීය දේශපාලුවන්ගේ නිමල පැතුමයි..

:       0       10

Damayanthie Thursday, 24 September 2020 03:21 AM

ඔය දුම්රිය දකුණට සැලසුම් කරලා තිබුණා නම් කොහොමහරි හදනවා. බස්වල යන අයගේ අමාරුව ලොක්කන්ට තේරෙන්නේ නැහැ.

:       1       11

Damayanthie Thursday, 24 September 2020 03:21 AM

ඔය දුම්රිය දකුණට සැලසුම් කරලා තිබුනානම් කොහොමහරි හදනවා, බස්වල යන අයගේ අමාරුව ලොක්කන්ට තේරෙන්නේ නැහැ.

:       1       4

sam Thursday, 24 September 2020 04:26 AM

මේක නවත්වන්න හේතුව කියන්න. අනික මේකට වියදම් කරපු මුදලට වගකියන්නේ කවුද.?

:       1       8

sam Thursday, 24 September 2020 04:26 AM

මේක නවත්වන්න හේතුව කියන්න.

:       0       11

HemaThursday, 24 September 2020 05:27 AM

මීට හේතුව අනුවණකමයි.. තව මොනවද?

:       0       22

JeewaneeThursday, 24 September 2020 05:53 AM

අහේතුව...!!! 

:       0       17

AmaraThursday, 24 September 2020 07:48 AM

කොමිස් එන ප්‍රමාණය වෙනස් කරගන්න තමයි...

:       1       10

janahitha Thursday, 24 September 2020 04:48 AM

මේ වෙනුවට ජනතාව අවදානම් දුම්රිය මාර්ග ගාලු පාර සිට වේයන්ගොඩ දක්වා මෙට්‍රෝ ව්‍යාපෘතියක් කරන්න පුලුවන්.

:       7       3

Tharaka Thursday, 24 September 2020 04:55 AM

පහුගිය අවුරුදු 5 ණය බර වැඩි වෙලා ආර්ථිකය යටටම ගියා.

:       15       5

Tharaka Thursday, 24 September 2020 04:56 AM

මේක ලොකු ගානක් වැයවන අනවශ්‍ය ප්‍රොජෙට් එකක්.

:       19       4

HemaThursday, 24 September 2020 06:59 AM

69 න් එකක්

:       2       13

TharakaThursday, 24 September 2020 07:32 AM

ලක්ෂ 69න් කෙනෙක් වීම ගැන ආඩම්බරයි. රට කාපු අයට කඩේ යනවට වඩා.

:       13       4

ආනන්ද වනසිංහ Thursday, 24 September 2020 05:20 AM

මට තේරෙන විදිහට නම් ජපන් ආධාර ගිවිසුම යටතේ මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කළහොත් ලැබෙන කොමිස් මුදල අඩුවන අතර වැඩි පොලියට ණය ලබා ගත හොත් වඩා වැඩි කොමිස් කුටිටියක් ලබාගත හැක. රජයේ සේවය සඳහා නුසුදුසු පුද්ගලයෙක් බවට අධිකරණය මගින් දන්වා ඇති කෙනෙක් නියෝග කරන විට තවත් කවර කතාද..?

:       2       30

SL Thursday, 24 September 2020 05:24 AM

පොර්ට් සිටිය දෙක. එකෙක් පටන් ගන්නවා අනිකා නවත්තනවා. කොන්ත්‍රාත්කාරයින් නිකන් යන්නේ නෑ.. සල්ලි අරන් යන්නේ..

:       0       16

kamal Thursday, 24 September 2020 05:26 AM

චීනයත්, ජපානයත් අතර ජාතික වෛරයක් සහ තරගයක් තියෙනවා. ජපානය, චීනය සහ කොරියාව යටත් කරගත්ත නිසා... කිසිම හේතුවක් නැතිව මේ වගේ වැදගත් රටට මහත් ප්‍රයෝජනයක් වන යහපත් ව්‍යාපෘතියක්, හේතුවක් නැතිව නැවැත්තුවේ ඇයි කියලා හිතාගත හැකියි.

:       2       19

AsankaThursday, 24 September 2020 06:59 AM

අහේතුකව කරපු දෙයක් නොවේ... ඔබ මෙම වාර්තාව කියවන්න.

:       7       0

Nimal Thursday, 24 September 2020 07:20 AM

මොනවා වුණත් වටපිටාවෙන් අප ලැබූ අත්දැකීම්වල හැටියට විජිත් මහත්තයාගේ අදහස පිළිගන්නට පිළිවනි. ඒකම තමයි මේ වෙන්නේ. 01% පොලියට වඩා අඩුවට මේ ව්‍යාපෘතියට ණය ගන්නවාද කියලා අපි බලාගෙන ඉමු. ඩොලර් ට්‍රිලියනයක් වන ණය වාරිකය ට්‍රිලියන 2ක් වුණත් කමක් නැහැ. ඒ මහත්වරු කොහොම ණය ගත්තත් ගෙදර සැපෙන් ඉන්න අයනේ. ගෙවන්න අපි ඉන්නවානේ..

:       3       8

pj Thursday, 24 September 2020 08:08 AM

20 නැතුව මෙහෙම නම් ?

:       3       9

Rohana Thursday, 24 September 2020 10:02 AM

මදැයි 69 ලක්ෂයක් ඡන්දෙදීලා කරගත්ත අපරාධයක්... පොලියක් නැතුවම වගේ දෙන ණය මුදලකින් ප්‍රයෝජනයක් ගන්න බැරිතරමට අපි අවාසනාවන්තයින් වෙලා.

:       4       5

Raja Thursday, 24 September 2020 10:07 AM

ඕකේ මුළු ගාණට පොලියත් එකතු කරලා තියෙන්නේ. බොරුවට චීනයට බැන්නට වැඩක් නැහැ. දෙකම එකයි. මෙලෝ දෙයක් දන්නේ නැතිව චීනයට බැන බැන ඉන්නවා.

:       4       2

pjThursday, 24 September 2020 12:04 PM

ඔව් මෙයා අපේ චීනයට දොස් කියන එක හරිම වැරදියි. මහ රජාගේ කාලේදී නොමිලේම ලංකාවේ නමින් චන්ද්‍රිකාවකුත් යැව්වනේ. බලන්නකෝ මෙයා මේ ගොල්ලන්ට මේ ඉක්මණටම මේවා අමතක වෙන හැටි...

:       0       2

Chandu Thursday, 24 September 2020 10:53 AM

කෝටි 34000ක් කියන්නේ ලොකු ගාණක්. පොඩි පිරිසකට සෙත සලසනවාට වඩා ඕක ජාතික රෝහල්වලට වියදම් කළා නම් දුප්පත් මිනිස්සුන්ට සෙතක් වෙයි.

:       3       2

Champa Thursday, 24 September 2020 12:50 PM

මේක නවත්තපු එක හොඳ තීරණයක්. ගිය ආණ්ඩුව කාලේ මම මේ ව්‍යාපෘතිය හුඟක් විවේචනය කළා. කොළඹ ඉඳන් මාලබේට කිලෝමීටර 17ක් වගේ කුඩා දුරක ට්‍රැෆික් නැති කරන්න ඇමරිකන් ඩොලර් බිලියන් 2.2ක ණයක් !!! සිහි බුද්ධියෙන් කල්පනා කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා, මේ ණය මුදල මහා අපරාධයක් කියලා.

:       4       3

JanithThursday, 24 September 2020 02:52 PM

මේකේ කමෙන්ට් කරන අයට තේරෙන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය එනකල් බලාගෙන හිටපු කොමිස් කාක්කන් වගේ පේන්නේ.

:       0       3

රාජේශ් ඛන්නාSaturday, 26 September 2020 02:21 AM

නෙලුම් කුළුණක් හදලා මීටර් 356ක් උඩට යන්න ඩොලර් මිලියන 104.3ක් චීනයෙන් ණය ගන්නකොට කොහෙද හිටියේ. පොළිය කීයද කියලාවත් දන්නවාද?

:       0       3

sarangaSunday, 27 September 2020 07:52 PM

චම්පා, පච හලන්න එපා. ඩොලර් බිලියන 2.2 කියන්නේ කීයක්ද ? මිලියන 2000 ක්. ගණිතය ඉගෙන ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 623 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1917 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1493 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1454 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 944 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 731 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25648 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site