IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කළුවිතාන මුනිවත රකී

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම මෙතරම් කාලයක් ජයග්‍රහණ ගත්තත් ඒ ගැන නිසි ප්‍රචාරයක් ලබා නොදුන් මාධ්‍යය ඒ කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ සිද්ධියක් සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දුන් බවත්, එම සිද්ධිය ගැන අදහස් දැක්වීමට තමා අකමැති බවත් ‘ඒ‘ කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාන  කියයි.

අමිත රඹුක්වැල්ල ගුවන් යානයකදී හැසිරුණැයි කියන ආකාරය ගැන ‘එසැණ‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් කළුවිතාන එසේ පැවසීය.

තමාද ක්‍රීඩා කළ 1996 ලෝක කුසලානය ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය හා දැන් විනය සලකා බැලීමේදී විශාල වෙනසක් දැකිය හැකිදැයි විමසූ විට කළුවිතාන මහතා පැවසුවේ ඒ ගැනද අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.



අදහස් (0)

කළුවිතාන මුනිවත රකී

රෝහණ Friday, 05 July 2013 06:59 PM

වරුණ මහත්තයා හරි. එදා හිටපු නායකයා ( අර්ජුන) කෙලින් මිනිහෙක්. ඇයි අමතකද ඕස්ට්‍රේලියාවෙදි මුරලිදරන්ව බෙර ගන්න අම්පයර් ලා සමග කතා කරපු හැටි. ඒකට දැන් ඉන්න අය. ඒකට වරදක් කියන්නත් බැහැ අද කතා කලොත් හෙට මිනිය පාරේ. නාදුනන කළු ඇඳගත් අයෙක් වෙඩි තිබ්බා කියයි.(නදී)

:       0       0

කුරුවිට Friday, 05 July 2013 07:06 PM

ඇත්තනම් කියන්න එපා වැනියන් කළු වැනීයන්.(නදී)

:       0       0

ජයේ Saturday, 06 July 2013 07:31 AM

යන්නේ කොහෙද? මල්ලේ පොල් ! (නි)

:       0       0

අරුණ Saturday, 06 July 2013 05:55 PM

කළු ඔයාට මොකුත්ම මතක නැද්ද?(නදී)

:       0       0

ලසන්හ Saturday, 06 July 2013 07:49 AM

පුවත්පත්වලින් අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ මුදල් කාබාසිනියා කරන ඊනියා දේශපාලුවන්, ඔවුන්ගේ නෑදෑයන්, හිතවතුන් මහජන මුදලින් නඩත්තුවෙන අන්දම රටට හෙළි කිරීමයි. අද කිසිම ආචාරශීලි බවක් තියෙනවද? කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

චන්දා Saturday, 06 July 2013 06:08 PM

සුදු ටෝනි තරම් මාත් කලුට ලව් කළා ඉස්සර.(නදී)

:       0       0

ජෙරාඩ් Friday, 05 July 2013 07:20 PM

මෙතන කළුට මඩ ගහන්න එපා එයා කණ්ඩායමේ පුහුණු කරු මිසක් කළමනාකරු නොවේ එය කතා නොකරන එක හරි මෙම කරුණ එයාට අදාල නොවේ.(නදී)

:       0       0

සුමනා Friday, 05 July 2013 07:24 PM

"මුනිවත හොදයි දෙබසින් දුක වැඩිහින්දා".(නදී)

:       0       0

ටෙනිසන් Friday, 05 July 2013 07:27 PM

සමහරුන්ගේ අදහස් දැක්කහම විශාල කණගාටුවක් දැනෙනවා. කළු ‘ඒ‘ කණ්ඩායම සමග ගියේ විනය පාලක ලෙස හෝ කළමනාකරු වසයෙන් නොවෙයි. එනිසා කළුට නිස්සබ්දව ඉන්නවා මිසක් වෙන කියන්න දෙයක් නැහැ, කළු රස්සාවට බය මිනිහෙක් නොවෙයි. එහෙත් අහක යන මරාල වලට කර තියලා ජීව්තය නැති කරගන්න කවුද කැමති. අපි දන්නා තරමින් කළු කියන්නේ අවංක ,නිහතමානී පිරිසිදු චරිතයක්.(නදී)

:       0       0

දිසානායක Friday, 05 July 2013 07:50 PM

රගර් විනිසුරුවෝ ගුටිකන රටක නි.විදුහල්පතිලා තමන්ගේ කට උත්තරේ ඉල්ලා අස් කර ගන්න රටක,නිදහසේ අදහස් පල කල හැකිද? ,ඔබ හරි මල්ලි.(නදී)

:       0       0

හේරත් Saturday, 06 July 2013 07:34 PM

කලු කවදත් කළු මැණිකක් තමයි. (නි)

:       0       0

සින්ඝ Saturday, 06 July 2013 09:08 AM

එදා අර්ජුන යටතේ කණ්ඩායමේ තිබුණු විනය අද කෝ? බීලා තිබුනොත් කොහොමද? අනෙක එයා ආදර්ශමත් විදිහට කණ්ඩායමේ හිටියේ. එදත් අර්ජුන නන්ද මැතිව් අරවින්දට අසාධාරණයක් කරපු වෙලාවේ කොන්දක් කෙලින් තියෙන නායකයෙක් වගේ තීරණයක් ගත්තා. නුසුදුසු අයට එයාගේ ටීම් එකේ ඉඩ දුන්නේ නැහැ. කණගාටුව කළු කියන්න තියෙන දේ කෙලින් නොකියන එකයි. කලුටත් අර්ජුනව අමතක වෙලාද ? (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 08:05 PM

කළු අයියේ, ඔබ අපට වඩා වයසින් වැඩිමහල් වුනත් අපි ඔබව කවදත් අමතන්නේ ලිට්ල් කළු යන නමින්මයි. ඒ අන්වර්ථ නාමය ඔබට ලැබුනේ නැසීගිය ප්‍රවීන විස්තර ප්‍රචාරක ටෝනි ග්‍රේග් මහතාගෙනි. (නි)

:       0       0

සමීර Saturday, 06 July 2013 09:43 AM

කළු ගෙන් ඇහුවේ මොකද නිසි බලධාරින්ගෙන් අහන්නෙ නැතුව ? (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 06 July 2013 09:47 AM

හැම අතින්ම මුදලට යටපත්වෙච්ච සමාජයක් මේ‍‍‍‍.දේශපාලනය පමණක් නොව සෑම දෙයක්ම ක්‍රීඩා ඇතුළු සියල්ලත් දැන් මූල්‍යකරණය වෙලා හමාරයි.ඉතිං එවැනි සමාජයේම ජීවත්වන අපේ "කළු"ත් තම ‍තනතුරට අනතුරක් ගෙනදෙන කිසිදු පියවරක් ගනීවි යැයි අපි බලාපොරොත්තු වීම සාධාරණද ? දඩිබිඩෙන් ඔහු අනාගන්න යෑමෙන් හෙට ඔහු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ කවුද ?ආදී වශයෙන් ප්‍රශ්නාර්තය ඔහු ඉදිරියේ ඉතුරු වන බව දන්නේත් ඔහු පමණයි. අප රටේ ඕනෑතරම් කතා කළ හැකියි. නමුත් ක්‍රියාවට නැංවීම ලේසි පහසු කාර්යක් නම් නොවේ (නි)

:       0       0

ජයනාත් ප්‍රියන්ත Friday, 05 July 2013 08:45 PM

අවංකවම කළු හරි. මොකද ඒක කළුට අයිති දෙයක් නෙමෙයි. කළු ඔබ එදා වගේම අදත් අප තුල ඉන්නවා. ඔබට දීර්ඝායුෂ පතමි.(නදී)

:       0       0

කවී Saturday, 06 July 2013 10:06 AM

කලුවත් එහෙනම් එහෙම කළා?? (නි)

:       0       0

ලක්මාල් Saturday, 06 July 2013 10:13 AM

දෙන වැරැද්ද කරලා තියෙන්නේ කලුවිතාරණද ? (නි)

:       0       0

සිල්වා Friday, 05 July 2013 03:48 PM

කලුවිතන නෙවෙයි මෙයා කළුවිතාරණ.(නදී)

:       0       0

සරත් අතාවුද Friday, 05 July 2013 03:50 PM

මුනිවත රැක්කේ නැත්තම් තැන නැතිවෙනවා ඒකයි මුනිවත රකින්නේ.(නදී)

:       0       0

ලෙස්ලි විජේසිංහ Friday, 05 July 2013 03:52 PM

කළු ඇත්ත කියන්න බය වෙන්න එපා. ඇත්ත නොකියා ඉන්නවා නම් ඒක වැරදියි. අපි ඔබව ගොඩක් අගය කළා (දී)

:       0       0

සෑම් Friday, 05 July 2013 03:58 PM

බයයි තමයි. ඇත්ත කිවුවොත් වෙන දේ අපිත් දන්නවා. මේක තමයි අද මෙරටට වෙලා තියන දෙය. ලොකු ලොකු බලපුළුවන්කාරයෝ කරන හැම වරදක්ම සාමාන්‍ය මිනිස්සු අනුමත කරන්ඩ ඕනෑ. (දී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 05 July 2013 09:34 PM

මාධ්‍ය මොනවා ප්‍රචාරය කලත් ඒවා බලන්නේ කියවන්නේ ක්‍රීඩා ලෝලී අපි. ඒ කාලෙ විදේශ මාධ්‍ය මඩ ගහනකොට අපේ දක්ෂ ක්‍රීඩකයො වෙනුවෙන් අපිත් නැගී සිටියා. ඒත් මේ වගේ ගොං පාට් වලට අවවාද කරන්න ඕනෙ වැරැද්ද කරපු අයට. පුහුණු කරු වශයෙන් වැරැද්ද සාධාරණීකරනය කරන්න යෑමෙන් මෙවැනි වගකීමෙන් තොර වැඩ තවත් සිද්ද වෙන්න පුළුවන්. (නදී)

:       0       0

වරුණ Friday, 05 July 2013 04:00 PM

එදා 96 දී කණ්ඩායම ක්‍රීඩා කළේ අභීතවත් හා මනා විනයක් හික්මීමක් ඇති නොසැලෙන නායකයෙක් යටතේ. අද ලංකාවේ තත්වය මුදලට යටවෙලා. ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම පාලකයන්ද සල්ලි පස්සේ හති දා ගෙන දුවනවා. ක්‍රීඩකයන්ව පාලනය කරගන්න බැහැ දේශපාලනය ගාගෙන. මම හිතන්නේ මේ වරදට අයි සි සි ය මගින් දඩුවම් කල යුතුයි (දී)

:       0       0

සමන් Friday, 05 July 2013 04:02 PM

කළු කියන එකත් ඇත්ත තමයි. (දී)

:       0       0

අමිල Friday, 05 July 2013 04:06 PM

මේ පුවත ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ප්‍රචලිත වුනා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බීමතින් ගුවන් යානයේ පිස්සු නටයි කියලා තමයි ඒ බොහෝ පුවත්පතකම සදහන් කරලා තිබුණේ. මෙහෙම කැලලක් ලංකාවේ ක්‍රීඩකයෙකුට ඇතිවෙලා නැහැ මීට කලින් (දී)

:       0       0

මනෝ Friday, 05 July 2013 04:11 PM

මෙයත් මෙයාලටම කඩේ යන කෙනෙක්ද?(නදී)

:       0       0

මාටින් Friday, 05 July 2013 04:12 PM

කළු අයියේ, ඔයා රස්සාව නැති කරගන්න එපා. මම ඔතන හිටියත් ඔය වගේම මුනිවත තමයි රකින්නේ (දී)

:       0       0

කුමාර Friday, 05 July 2013 10:07 PM

මාධ්‍යයට පිළිතුරු දෙන්න බැඳී සිටිනවා යන්න පිළිගත නොහැකියි. ඕන නම් පිළිතුරු දීමෙන් වැලකි සිටිය හැකියි. යමෙක් කළු විතාරණ ගේ ජොබ් එකට තට්ටු කරන්න ඔහුගෙන් මාධ්‍ය ප්‍රකාශ ගන්න යනවා නම් ඒකත් වැරදියි. ඔහු ප්‍රකාශ ලබා දිය යුත්තේ විනය කමිටුවට පමණයි.(නදී)

:       0       0

චමිල Friday, 05 July 2013 04:19 PM

කලුවිතාරණ කියන්නේ අපි ආදරේ කරපු ක්‍රීඩකයෙක්. ඒ නිසයි ඉස්ස්ර වගේම කළු කියලා ලිව්වේ! කළු, දැන් අපිටත් මේ කියන්නේ ඔය සිද්ධිය ගැන ඔයා ඉන්නවා වගේ සද්ද නැතුව ඉන්න කියලද ? අදහස් ප්‍රකාශ කල නොහැකි බව නම් ඇත්ත. (දී)

:       0       0

ගයාන් Friday, 05 July 2013 04:19 PM

මගුලක් කතාකරනවා. මගේ ජොබ් එක. අනේ අම්මෝමෝ.(නදී)

:       0       0

සුජිත් Friday, 05 July 2013 04:21 PM

මාධ්‍යයට පිළිතුරු දෙන්න මේ අය බැඳී සිටිනවා. මෙයාලා මහජන මුදලින් යැපෙන අය බව මතක තබා ගත යුතුයි. ඇත්ත කතා කරන්න බය වියයුතු නැහැ (දී)

:       0       0

සමන්තා Saturday, 06 July 2013 11:46 AM

සින්ඝගේ කතාව හරි. කෝ එදා අර්ජුන මහත්මයාගේ කාලේ තිබුන විනය. මුලින්ම ක්‍රීඩකයෙකුට විනය කියල දෙයක් තියෙන්න ඕනා. එදා ලෝක කුසලානය දිනන්න විනය තමයි මුල් වුනේ නායක අර්ජුනගේ අදහස් නීති වලට හැමෝම හිස නැමුව ,ගරු කලා. අද ක්‍රීඩාවත් දේශපාලනයවෙලා. ක්‍රීඩා ඇමති තුමනි නිහඩ ඇයි?(නදී)

:       0       0

නන්ද Friday, 05 July 2013 04:25 PM

කළු විනය තකා වැඩ කරනවා ද ?(නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Friday, 05 July 2013 10:44 PM

හැම දේටම දේශපාලනේ සල්ලි ගෑවෙන තැන කට වහගෙන ඉන්න එක තමා හොඳ.(නදී)

:       0       0

වරුණ Friday, 05 July 2013 04:32 PM

කට ඇරියොත් කළු නසී වගේ වැඩක් (දී)

:       0       0

ජයන්ත-නවසීලන්තය Friday, 05 July 2013 10:45 PM

ඇමති පුතා නින්දෙන් ඇවිද්දලු, බෝතල් තියාගෙන බොන පින්තුර වෙබ් අඩවි වල ප්‍රචාරය වෙනවා දැක දැක තාත්තා කියනවා මගේ පුතා බොන්නේ නැතිලු , කළුලා ජයන්තලා ජොබ් එකට කෙලවෙයි කියලා කට වහගෙන ඉන්නවා. මේවා නිකම් ගොන් පාට් විතරයි. අපිත් බල බලා ඉන්නවා. අපි තමයි පව්.(නදී)

:       0       0

ජනිතා Friday, 05 July 2013 10:56 PM

ලංකාවේ ක්‍රිකට් විනාශ වෙලා (දී)

:       0       0

විදානගේ Friday, 05 July 2013 04:44 PM

ජොබ් එක ඊට වඩා වටිනවා නේද ?(නදී)

:       0       0

අමිල Friday, 05 July 2013 04:53 PM

කළු, ඔහොම යන්. (දී)

:       0       0

බන්දුල-කටාර් Saturday, 06 July 2013 01:18 PM

කළු ඔබ දක්ෂ වගේම විනය ගරුක ක්‍රීඩකයෙක් බව මුළු ලෝකෙම දන්නවා. ඔබ ඉන්නේ දේශපාලකයන්ගේ පුත්තුන්ගේ කුණු හෝදන්න නෙමෙයි. එයගේ තාත්තා ඒ දේ කරයි. අනික වෙනත් දක්ෂ ක්‍රීඩකයෝ නැතිවටද හීනෙන් ඇවිදලා පිස්සු කෙලින අය ජාත්‍යන්තර ක්‍රීඩාවලට නම් කරන්නේ. නවක ක්‍රීඩකයන්ගේ විනය කොයිතරම් පිරිහිලද කියල මේකෙන්ම ඔප්පුවෙනවා ක්‍රීඩාවත් දැන් දේශපාලනීකරණය වෙලා නිසා.(නදී)

:       0       0

සිල්වා Friday, 05 July 2013 05:11 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ක්‍රිකට් මණ්ඩලේ අවසර නැතුව අදහස් දැක්වීමට පුලුවන්ද? (දී)

:       0       0

ශාන්ත Friday, 05 July 2013 05:12 PM

ආදරණීය කළු, ඇත්ත කතා කරලා පැත්තක් ගියත් කමක් නැහැ (දී)

:       0       0

බමුණු Friday, 05 July 2013 05:28 PM

මෙයා ලෝක හොරෙක් ද කොහෙද?(නදී)

:       0       0

හුසේන් Saturday, 06 July 2013 01:16 AM

අපි දන්නවනේ සමහර ඇමතිවරු නිලධාරීන් ගස් බැඳලා, පස්සේ තමන්ම බැඳගත්තා කිව්වා. ඉතින් කළුත් දන්නවා කට ඇරියොත් යන්න වෙන්නේ කොහාටද කියලා.ඔය වගේ අවස්ථා වලදී ලොකු ලොකු නිලධාරීන් පවා අසරණ වෙනවා (නි)

:       0       0

නිමල් ජයසිංහ Friday, 12 July 2013 09:16 AM

බීවේ කවුරුවත්. හීනෙන් ඇවිද්දේ කවුරුවත්. පැත්තක හිටපු කළුවිතාරණ මේකට ඇද ගන්නේ ඇයි. මූලික කාරණාව මුල්කර ගෙන අදහස් දක්වන්න. අදහස් දක්වන්නන්ටත් ආචර ධර්ම තියෙන වග අමතක කරන්න එපා.(නදී)

:       0       0

සෑම් Saturday, 06 July 2013 01:44 AM

අනේ ඔයත් 96 කණ්ඩායමේ නේද හිටියේ? කෝ එදා තිබුන විනය? එම විනය දේශපාලනීකරණය වෙලා නේද කළු කොල්ලෝ? ඔබත් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වෙලා, අනේ පවු. හොඳම වැඩේ ඔය දේශපාලුවන්ගෙන් මිදිලා පිටරටවත් කෝච් පට්ටමක් හොයාගන්න. (නි)

:       0       0

කේෂන් Saturday, 06 July 2013 02:41 AM

ටෙනිසන්, ඔයා හරියටම හරි. කළු කියන්නේ කාටවත් බය නැතිව ජයසුරියටත් කලින් පලවෙනි ඕවර්ස් 15 බෝලර්ස්ලට දුවන්න ගහපු අපේ කොල්ලෙක්. ඒ ගැන දන්නේ නැති අය ඒ ගැන කතා නොකර පැත්තකට වෙලා හිටියා නම් හොදයි (නි)

:       0       0

තිස්ස Friday, 05 July 2013 05:57 PM

කරුණා කරලා ලංකාවේන් ක්‍රිකට් තුරන් කරන්න එපා (දී)

:       0       0

රෙමා Friday, 05 July 2013 06:05 PM

කළු මෙම සිද්ධියට වගකිවයුතු කෙනෙක් නෙමෙයි. එයා පුහුණුකරු පමණි. මෙම සිද්ධිය විනය සම්බන්ධ වැඩක්. ඒකට වෙනම බලදාරියෙක් ඉන්නවා (දී)

:       0       0

නාත් Saturday, 06 July 2013 04:04 AM

වරුණ, ඔබ කියන ඒ නායකයාම තමයි 1999 ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයට වගකිව යුත්තෙත් (නි)

:       0       0

පිටබෙද්දර ජයා Friday, 05 July 2013 06:20 PM

ඇත්ත කතා කරලා පැත්ත ගියත් කමක් නැහැ කිවුවේ ඉස්සර. අද පැත්ත පරිස්සම් කරගන්න ඕනෑ නම් සද්දේ වහලම තමයි ඉන්න වෙන්නේ. මේක කලුගේ වරද නෙමෙයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රරවාදේ තරම තමයි. (දී)

:       0       0

පෙරේරා Friday, 05 July 2013 06:33 PM

වරුණ මහත්තයෝ, එදා ක්‍රීඩකයෝ අද ක්‍රීඩා කළා නම් එයාලත් ඔය බෝට්ටුවේම තමයි යන්නේ. එදා එහෙම තත්වයක් තිබුනේ නැති නිසා අද එයලා ලොකු කතා දානවා. (දී)

:       0       0

රංග ශනි Saturday, 06 July 2013 04:42 PM

කළු ඇත්ත කීවත් බොරු කීවත් අපි කලුට කවදත් ආදරෙයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 06 July 2013 05:55 AM

කළු ඇත්ත කියන්න බය වුනාද ? (නි)

:       0       0

අමිල Saturday, 06 July 2013 05:58 AM

මේ දේශපාලකයෝ සහ ඔවුන්ගේ නෑදෑයෝ, අපේ රණවිරුවෝ සහ ක්‍රිකට් ක්‍රීඩකයෝ රටට ලබාදුන්න ජයග්‍රහණ වලට කළුපැල්ලම් එකතු කරනවා.ජනතාව සහ රට ගෙන නොසිතා ක්‍රියා කරනවා. (නි)

:       0       0

සංඛ Sunday, 07 July 2013 08:47 AM

කළු මොන කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 88 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 136 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2452 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 901 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1536 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37755 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site