(සුමිත් පොතුපිටිය)
කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි ආරක්ෂක සංඥා පද්ධතිය අද (13) රාත්‍රි ක්‍රියාත්මක වීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගිනි බියකින් කලබලයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගිනි ආරක්ෂක සංඥා නාදවීමත් සමගින් කළුතර මහ නගර සභාවේ ගිනි නිවේමේ ඒකකය දැනුවත් කර, ආරක්ෂක අංශ සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව නේවාසික රෝගීන් පිරිසක් රෝහල් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ගිනි නිවන භඨයින් ක්ෂණිකව ළඟාවී පැයකට ආසන්න කාලයක් රෝහලේ විදුලි පද්ධතිය සහ රෝහල නිරීක්ෂණය කර , ආරක්ෂිත භාවය තහවුරු කරගැනීමෙන් පසු නේවාසික රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නැවත රෝහල් තුළට යොමු කර තිබේ.
දෙවන මහලේ ස්ථාපිත ව්දුලි සංඥා දැනුම් දීමේ ස්විචයක් කිසියම් පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කර ඇති බවත්, ඉන්පසු ගොඩනැගිල්ලේම ගිනි සංඥා එලාම් ක්‍රියාත්මක වී ඇති බවත් සඳහන්වේ.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි බියකින් කලබලයක්