IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කළු කොටියෙක් සැඟවී මාධ්‍යවේදීයාට ගොරවයි

කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ වයමින් වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය වාර්තා කළ මාධ්‍යවේදීයකුට මරණ තර්ජනය කළ බව කියන විජයකලාගේ ආධාරකරුවෙකු යැයි කියන පුද්ගලයකු සොයා කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙලෙස තර්ජනය කර ඇත්තේ කිලිනොච්චිය නිදහස්  මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන් මහතාට වන අතර ඔහු මේ සම්බන්ධයෙන් පෙරේදා 31 වැනි දා කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

‘අපේ අක්කට මොනවා හරි වුණොත් උඹව නිකන් අතඅරින්නේ නැහැ.බෝම්බ ගහන්නත් පසුබට වෙන්නේ නැහැ. තමුන් ඇයගේ කතාව වෙනස් කර වාර්තා කර තියෙනවා.සමහර වේලාවට අක්කා වැරදි අදහසින් දෙයක් කියුවත් ලියන මාධ්‍යවේදියා දැනගන්න ඕනෑ ඒක වෙනස් කරලා හරිගස්සලා ලියන්න. මේ නිවුස් එක නිසා අක්කාට බරපතල ලෙස තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ නිසා අක්කට මොකක් හරි අනතුරක් වුණා නම් මම ක්ලිප් චාර්ජ් (බෝම්බ තැබීමට) පවා පසුබට වෙන්නෙ නැහැ. මට හැම ආයුධයක්ම පාවිච්චි කරන්න හොදින් දන්නවා. මට ගොඩක් අය සමඟ සබඳතා තියෙනවා.හැම තැනම කට්ටිය ඉන්නවා. අනික මම පුහුණුව ලත් කළු කොටි කොටි සාමාජිකයෙක් ගමම පැහැරගෙන ගිහින් මරන්නත් දන්නවා. අතුරුදන් කරන්නත් දන්නවා.’ යනුවෙන් චන්ද්‍රිකා තාක්ෂණය හරහා නිබෝජන් මහතාට ගත් දුරකතන ඇමතුමකින් තර්ජනය කර තිබේ.

ලෝකයේ නායකයින් අතරින් වීරත්වයෙන් හා පෞර්ෂත්වයෙන් පරිපූර්ණ එකම නායකයා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බවත් මොහුට සම කළ හැකි නායකයකු මෙතෙක් හමුවී නැති බවත් අප සැවොමගේම අවාසනාවකට ඔහු ජීවතුන් අතර නොමැති බවත් ඔහු අද සිටියේ නම් ඔහු මෙරට අගමැති වුවද වන්නට ඉඩ තිබූ බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයක දී පැවසුවාය.  

මෙම සිද්ධිය මුල්කරගනිමින් මෙම තර්ජනය සිදුකර ඇති අතර අදාල තර්ජකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම විදේශයක සිට මෙම ඇමතුම ගෙන ඇති බව අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

කළු කොටියෙක් සැඟවී මාධ්‍යවේදීයාට ගොරවයි

ජනහිත Monday, 02 January 2017 11:29 PM

ඒ මල්ලිගේ අක්කනේ කතාව කරලා තියෙන්නේ. ඉතින් සමහර පක්ෂ වල ඉන්නේ ත්‍රස්තවාදීන්ට අතහිත දෙන ඒ අය වෙනුවෙන් ගුණ ගායනා කරන, අගය කරන අය බවයි හැඟෙන්නේ. දැන් ජනතාවට කිසියම් අදහසක් එයි. (නි)

:       0       0

තිලක් Monday, 02 January 2017 08:35 AM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

ගයාන් Monday, 02 January 2017 08:57 AM

අපි ඉතින් සංහිඳියාව නාමයෙන් ඉවසමු නේද? මේවට හිනාවෙන්නෙ කොහෙන්ද තේරෙන්නේ නැහැ (නි)

:       0       0

චින්තක Monday, 02 January 2017 09:01 AM

මම මේකට මොකුත් කියන්නේ නැහැ. අපේ සීයලා, ආච්චිලා ඉස්සර කියාදුන් පැරණි ප්‍රස්ථා පිරුළක් විතරක් කියන්නම්. "නිවටයා දැක්කම එළුවාත් නිකට පානවලු". මීට අවුරුදු දෙකකට කලින් ඔය විදියට කිසිම කෙනෙක් ගෙරෙව්වේ නැහැ. (නි)

:       0       0

නිහාල් Monday, 02 January 2017 09:16 AM

නායකයෝ රටේ ආරක්ෂාව ගැන ඇල්මැරුණ ස්වභාවයෙන් ඉන්නකොට ඔයිට වඩා දේවලුත් ඉදිරියේදී වෙන්න පුළුවන්.(අ)

:       0       0

දහම් Monday, 02 January 2017 09:17 AM

දැන් මොනවද කියන්නේ මේකට. (අ)

:       0       0

අමාලි Monday, 02 January 2017 09:16 AM

අක්කා ඔච්චර උඩගියේ මෙහෙ අයියලගේ නිවටකම නිසා තමා (අ)

:       0       0

ලුම්බිණි Monday, 02 January 2017 09:29 AM

මේ තර්ජනය ගැන මට නම් සැකයි (නි)

:       0       0

ඇසළ Monday, 02 January 2017 09:46 AM

යහපාලන සහජීවනය නිසා ගණන් ගන්න එපා. (නි)

:       0       0

සිසිර පැරිස් Monday, 02 January 2017 10:07 AM

පවතින රජයේ ඇමති කෙනෙක් මෙවැනි ප්‍රකාශ කරනකොට මේක ජාතිවාදය අැවිස්සීමක් නෙමෙයිද? (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Monday, 02 January 2017 10:13 AM

ලංකාවේ නම් තියෙන්නේ මහා පුදුම ජාතිවාදයක්. කොන්ද කෙළින් තියාගෙන තමන් කැමති අකමැති දේ කියලා කිසිම දෙයක් කියන්න අයිතියක් නැහැ. එක්කෝ කොටි. එක්කෝ අයිඑස්. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 02 January 2017 10:44 AM

යහපාලනයට තිත තියන්න දැන් හොඳම කාලයයි. මේක දිගටම තිබුනොත් අපිට කන්න වෙන්නේ පොළවේ පස් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 02 January 2017 11:14 AM

අපේ සමහර දේශපාලුවොයි, බටහිර රටවල බංකොළොත් රාජ්‍ය නායකයොයි හිතාගෙන හිටියාට තාම කොටි එයාලගේ ගමන අත්හැරලා නැහැ. එයාලා නිදාගෙන විතරයි. අපේ රට දුර්වල වෙනකොට එයාලා දුහුවිලි ගසාදාලා නැගිටියි ආයෙමත්. (නි)

:       0       0

සෙනෙවි Monday, 02 January 2017 12:41 PM

කොටින්ට කරුණාව පෑ අමිර්තලිංගම් ,රජීව් ගාන්ධි ,රණසිංහ ප්‍රේමදාස වැනි අය උන් අතින් මිය යාමට සිදුවූ බව අපේ ලොක්කන්ට ඉක්මනින්ම අමතක වෙලා (බ)

:       0       0

දොන් උපාලි Monday, 02 January 2017 01:51 PM

දැන් නම් පුල්ලි පේනවා හොද වෙලාවක් බලල මේ ගොල්ලන්ව ගත්තනම් හොද නැද්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 84 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4961 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4148 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6742 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 939 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1662 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site