විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් රටට ජනතාවට හිතකර ආකර්ශනීය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලබන 19 වැනිදා රටට හඳුන්වාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද (15) කොළඹ විපක්ෂයේ පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීය.
යහපත් ආකාරයෙන් රටට ඩොලර් බිලියන ගණනකින් ආදායම් උපදවන තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන රටේ සියලුම මාධ්‍යවේදීන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණයක් මැච ජනතාවට හිතකර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බවට එය පත්වනු ඇතැයිද සේනාරත්න මහතා කීය.
රටින් පිටතට ගොස් තිබෙන කළු සල්ලි නැවත රටට ගෙන්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගත් පියවර පූර්වාදර්ශයකට ගනිමින් ඩොලර් මිලියන ගණනින් විදෙස් බැංකුවල ඇති මෙරට කළු සල්ලි නැවත මව්බිමට ගෙන ඒමට මෛත්‍රි පාලනයේ දින 100 ක සැලැස්ම තුළ ඉටුකරන බවද හෙතෙම කීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළු සල්ලිත් මවුබිමට
විපුල Tuesday, 16 December 2014 05:17 AM
තව කෙනෙක් තමන්ව පාලනය කරන්න ඕනෑ නැහැ. පාලකයෝ පත්කරලා නීතියට පිටින් වැරදි කරන්නේ ජනතාව. (නි)
යශෝද් Monday, 15 December 2014 06:28 PM
එහෙම සල්ලි ඔක්කොම නැවත ගෙන්වන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
සිසිර Wednesday, 17 December 2014 11:03 PM
ඒත් 8 වැනිදට පසු ඒක කුණු කුඩේට දාන්න වෙන එකනම් ස්ථීරයි.(හේ)
පද්මා Monday, 15 December 2014 11:22 PM
ලංකාව දුෂණයෙන් වංචාවෙන් තොර රටක් වේවා (දී)
මොහොමඩ් ඛාන් Tuesday, 16 December 2014 12:31 AM
මට කියන්න තියෙන්නෙත් එච්චරයි අන්තිමට කරපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (දී)
ටෙක්ලා Monday, 15 December 2014 11:46 AM
මේ දේවල් කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
විමල් Monday, 15 December 2014 11:48 AM
ඉතාම හොඳ තීරණයක්. සල්ලි අයිති කාටද කියලත් කියන්න (නි)
දයා අළහකෝන් Monday, 15 December 2014 12:02 PM
ඉතාමත් කාලෝචිත වැඩක්. හොඳ ඉදිරි පියවරක් (නි)
අජිත් කරුණාරත්න Tuesday, 16 December 2014 02:51 AM
අපේ රටට ඉතා ඉක්මනින් අවශ්‍ය විනිවිදභාවයෙන් යුත් යහපාලනයක්. වංචා දුෂණ සියල්ල මැඩපවත්වන්නට ශක්තියක් ඇති රජයක්. මෛත්‍රී මහතාට ජයවේවා! (නි)
සේනක Monday, 15 December 2014 12:44 PM
දින 100 යකින් නැතත් කමක් නැහැ කලු සල්ලි ඔක්කොම ලංකාවට ගෙනාවොත් ඒ ඇති. (හේ)
කස්තුරි Monday, 15 December 2014 12:48 PM
ඔහොම තමා හැමෝම පොරොන්දුවෙලා එන්නේ. අන්තිමේට කරපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැහැ. (අ)
ඇසිලින් Tuesday, 16 December 2014 03:09 AM
අනේ! අපි නොදන්නා ලයිව්! (නි)
රෝයි Monday, 15 December 2014 01:19 PM
ඔන්න කරනවානම් වැඩේ. (අ)
ඇසළ Monday, 15 December 2014 01:21 PM
ඕව හොඳයි කොන්ඩේ බැදපු චිනෙකුට කිවුවනම්. (අ)
ශිරන්ති Tuesday, 16 December 2014 03:15 AM
වෙනසක් වෙයි කියලා අපිට නම් හිතෙන්නේ නැහැ (නි)
රූපසිංහ Monday, 15 December 2014 01:40 PM
ඩොලර් කෝටි ගණනින් කළු සල්ලි විදියට විදේශ බැංකු වල තැන්පත්වී තිබෙන්නේ අපේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලිද? ඔය සල්ලි රටේ අනාගතය ගැන හිතලා නැවත අරගෙන එයි නේද ඒවාට ලැබෙන පොළිය ගැනවත් නොසිතා. (නි)
ටියුඩර් Monday, 15 December 2014 01:52 PM
හ්ම් හ්ම්..... බලමු බලමු, මෙච්චරම කියනවා නම්.... (නි)
සිරි Monday, 15 December 2014 02:11 PM
නියමයිනේ. ජයවේවා! (නි)
රොබින්සන් වත්තල. Monday, 15 December 2014 02:19 PM
ඔහොම එනවා නම් පණ වුණත් දෙන්නම්කො. ප්‍රතිපත්ති ප්‍රකාශනය වගේම වැඩත් ඒ විදියටම කරන්න හොඳේ. "විශ්වාස පරමා ඥාතී " කියලා කියනවනේ! (නි)
හෆීල් Tuesday, 16 December 2014 09:21 AM
මේවා කලානම් අගය කළ යුතු වැඩ. (නදී)
මාටින් Tuesday, 16 December 2014 04:18 AM
වරද ඇත්තේ පාලකයින් අත නොවේ. එවන් පාලකයින් පත්කරගන්නා මිනිසුන් අතය.එනිසා අප කළයුත්තේ එවන් පාලකයින් පත්කර නොගන්නා මිනිසුන් කොට්ඨාශයක් බිහිකර ගැනීමය. (නි)
ෆාතිමා Monday, 15 December 2014 02:37 PM
මම පොඩිකාලේ හිතුවේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියෙන් පස්සේ ලංකාව දිව්‍ය ලෝකයක් වෙයි කියලා.ඒත් එකෙන් වුනේ දෙතුන් දෙනෙක් ආසියාවේම ලොකු පෝසත්තු වුන එක විතරයි කවුරු දිනුවත් අපිතමා හැමදාම පරාද.(හේ)
ප්‍රසන්න කොරියා Tuesday, 16 December 2014 05:00 AM
එහෙම කරන්න ගියොත් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලියි. කාටද අප්පා මේ කතා කියන්නේ? බලාගෙන ගියාම හැමෝම එක වගේ,ජනතාව රවටනවා නියමෙට (නි)