(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) නීති හා රෙගුලාසි මත පදනම්ව ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ජාක්‍යන්තර ක්‍රීඩා තරඟ නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය එකී නීති රෙගුලාසිවලට අනුගතව ක්‍රියාත්මක විය යුතුය.
ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සෑම රටකම උත්තේජක මර්දන නීතිය වරින් වර විමසීමකට ලක් කර එය නියමිත මට්ටමක පවතී දැයි සමාලෝචනය කර, සිදු කළ යුතු සංශෝධන නිර්දේශ කරනු ලබයි.
2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සකස් කිරීමේදී 2013 වර්ෂයේ පැවති අන්තර් ජාතික ප්‍රතිපාදන ඊට අදාළ කර ගෙන ඇත. 2024 වර්ෂය සඳහා ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම පනතට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් නිර්දේශ කර තිබේ. ඒ අනුව, 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියය
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
දිළිඳු බව තුරන් කිරීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ’’ ප්‍රජා ශක්ති’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියල දී ඇත.
යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්‍ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට
අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ Article 3 bis සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ක්‍රීඩා උත්තේජක එරෙහි පනත සංශෝධනයට