IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


කාදිනල් තුමෝ ගම්මන්පිලට උත්තර දෙති

(සුජිත් හේවාජුලිගේ)

වර්තමාන රජයේ සිටින උසස් නිලධාරීන් දෙදෙනකුට  එරෙහිව  නීතිමය  කටයුතු කරන්නැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ කොමිටියට  යෝජනා දුන්නේද ඒ  ආණ්ඩුවම යැයි  මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසුහ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දැරුවත් ඒවා පිළිගැනීමට සූදානම් නැතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අගරදගුරුතුමන් මෙසේ පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මෙසේද ප්‍රකාශ කළහ.

ගිය රජය පත් කරපු කොමිෂන් සභා දෙකක වාර්තා රදගුරු මණ්ඩලයට ලබා දුන්නා. පළමුවැනි කොමිෂන් සභා වාර්තාවේ තියෙන්නේත්  ජනාධිපති කොමිෂන් සභාව දුන්න නිර්දේශමයි. ඒ කොමිසමේ නිර්දේශ ලියන්න තව කොමිටියක් පත් කරන්න ඕනද. හැබැයි එතන පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අමතරව දැන් රජයේ ඉන්න උසස් නිලධාරීන් දෙදෙනෙකුට විරුද්ධව නීතිමය කටයුතු කරන්න කියලා ඒ කොමිටිය යෝජනා කළා. කොමිටියට ඒ යෝජනා දුන්නේ ආණ්ඩුවමයි.  ආණ්ඩුවට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට  ඒවා අපි පිළිගන්න සූදානම් නැහැ.  අපිට ඕන මේ සිද්ධියේ ඇත්ත දැනගන්න විතරයි.

මේ රටේ නායකයා පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ අනුව විමර්ශනයක් අරඹලා තියෙනවා. එය ඉටු කරනතුරු අපි දෑස් දල්වා බලා සිටිනවා.

රටේ ගංගාවල පා කර ඇරපු මිනිස්සු සුදු වෑන්වලින් උස්සප මිනිස්සු පාරෙ මරාපු මිනිස්සු ගැනත් යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. අසරණ මව්වරු පියවරු දරුවෝ අසරණ වෙලා ඉන්නවා. ඒවා  වහන්න දෙන්නත් බැහැ.

අහිංසක මිනිස්සු එල්ලන්න අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන ඇත්ත දැනගන්න විතරයි. මහමොළකරුවන්  කවුද කියලා දැනගන්න විතරයි.



අදහස් (0)

කාදිනල් තුමෝ ගම්මන්පිලට උත්තර දෙති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රතිකාරවලට එහා ගිය මීගලෑව රෝහල
2024 ඔක්තෝබර් මස 21 114 0

රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අම


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 1195 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින්
2024 ඔක්තෝබර් මස 21 123 0

සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයී


මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි
2024 ඔක්තෝබර් මස 21 180 0

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි


මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි
2024 ඔක්තෝබර් මස 21 313 0

මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍


හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 21 1181 0

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 529 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site