IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්

(යොහාන් භාසුර)

මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු ජූජකවරුන්ට අපහාස කළේ යැයි විරෝධය දක්වමින් මීගමුව පිටිපන මීසම් හතරක ජනතාව අද (25) පෙරවරුවේ විරෝධය දැක්වූහ.

අගරදගුරු හිමියන්ට සහයෝගය දක්වමින් පැවැති එම විරෝධතාවට තලාහේන, පාසියවත්ත, මංකුලිය සහ පිටිපන වන මීසම් නියෝජනය කරමින් ජනතාව විශාල පිරිසක් මීගමුව ශුද්ද වූ කානික්කා දේවමාතාවගේ දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අතර තලාහේන, පාසියවත්ත සහ මංකුලිය වන මීගම්වල කතෝලික පූජවරු සහ ජනතාව පෙළපාලියකින් එම දේවස්ථානයට පැමිණ විරෝධය දැක්වූහ.

එහිදී ජනතාව පිටිපන එක්සත් ධීවර සමිතියේ පිරිසට එරෙහිව කළු කොඩි සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ දේවස්ථානවල සීනු නාඳ කරමින් විරෝධය දැක්වූහ.

අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ට, සියලුම ජූජකතුමන්ලාට සහ පිටිපන කතෝලික ජනතාවට විරුද්ධව කළ අසත්‍ය ප්‍රකාශවලට සහ අපහාසවලට බලවත් විරෝධය දක්වන බව එහිදී ජනතාව පැවසූහ.

‘අධිකරණ නියෝගයට ගුරු කරමු, අපි කාදිනල් හිමිපණන් සමඟයි සහ ටික දෙනෙක් බුක්ති විදින ලෙල්ලමේ ආදායම පිටිපන ධීවරයන්ට දෙන්න’ යනුවෙන් සටහන් තැබූ පුවරු ද ජනතාව අත තිබුණි.

එම විරෝධතාවට සහභාගි වූ අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා පියතුමා පැවසුවේ පිටිපන එක්සත් ධීවර සමිතියේ චෝදනාව සත්‍යද අසත්‍යද යන්න ඔවුන්ට විරෝධය දැක්වීමට පැමිණ සිටි විශාල ජනතවගෙන් පැහැදිළි වන බවයි.

ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය පිළිබඳව ගැටලුවක් හේතුවෙන් පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ට විරෝධය දක්වමින් පසුගිය සතියේ කොළඹදී අගරදගුරු නිවස අසළ විරෝධතාවක් පැවැත්වූහ.

 



අදහස් (4)

කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්

sam Monday, 26 February 2024 01:18 AM

ආගමික නායකයන් සහ සමාජයේ තිබෙනාවූ ගැටළු සකජා මාර්ගයෙන් විසදා ගැනීම සිදුවිය යුතුම වේ, මහපාරේ හෝ මාධ්‍යයට voice cut ලබාදී වෛරය හෝ චෝදනාව, වේදනාව හෝ අපහස එල්ල කලද ගැටලුවට විසදුම් ලැබෙන්නේ නැත. සකජාවෙන් ඕනෑම ගැටළුවක් විසදා ගැනීමට හැකියාව ඇත.

:       81       3

පිටරැටියා Monday, 26 February 2024 03:16 AM

කාදිනල්තුමාට හෝ වෙන කිසිම ආගමික නායකයෙකුට නින්දා අපහාස කිරීම කිසිම ශිෂ්ට සමාජයක් අනුමත කරන එකක් නැහැ .තමුන් උපමාවට ගෙන අනුන්ට හිංසා පීඩා කිරීම නුසුදුසු බව බුදුන් වහන්සේ පවා දේසනා කරලා තියෙනවා .කාදිනල්තුමාට කෑකෝ ගසමින් අපහාස කරපු උදවිය තමුන්ගේ තියෙන නොහික්මුණු බව, විනයක් චාරයක් නැති හැසිරීම් ලෝකෙටම පෙන්නුවා..පාස්කු ප්‍රහාරය හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිට හඬක් නගපු නොසැළී කටයුතු කරපු එතුමා ඔවුන්ට සමාව දෙයි.එතුමා පිළිබඳව අප තුළ ඇත්තේ ගෞරවයකි

:       67       2

Hira Monday, 26 February 2024 08:02 AM

අපි දැන් නේ දන්නේ කාදිනල් බිස්නස් කරනවා කියලා

:       11       120

Jayasekara Monday, 26 February 2024 10:43 AM

දැන් දැන් සභාවෙත් කචල් නේද ?කොහේ හරි කතෝලිකම දෙස්පාලුවෙක් ඇති ඕකට ගෑවිලා

:       5       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 616 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 502 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site