IMG-LOGO

2024 අගෝස්තු මස 24 වන සෙනසුරාදා


කැකිරාව දොස්තරට මරණ තර්ජන

( කුෂාන් ජයවර්ධන)

‘ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා‘. යැයි පවසා  මරණ තර්ජන එල්ල කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව තර්ජනාත්මක පොස්ටර් ගසා එම කාර්යාලයට  කලුතෙල් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි කැකිරාව පොලීසිය කියයි.

සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් කැකිරාව පොලිස් ස්ථානයට සිදු කළ පැමිණීල්ලකට අනුව පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට කැකිරාවෙන් ඉවත්ව යන ලෙසත්, එසේ නොවුනහොත් ක්ලබ් වසන්තට අත්වූ ඉරණම තමන්ටද අත්වනු ඇතැයි එහි අලවා ඇති පෝස්ටර්වලින් කියැවේ. සැකකරුවන් විසින් එහි ගොඩනැගිලි 03කට කලුතෙල් ප්‍රහාර එල්ලකර තිබිණි.

රුපියල් කෝටි ගණනක් වටිනා වස මිශ්‍රබව කියන පාන්පිටි තොගයක් අත්අඩංගුවට ගැනීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය තොගයකට හානි කිරීම සම්බන්ධන්ධයෙන් නීතිඥවරුන් දෙදෙනෙකු ට එරෙහිව යනාදී වශයෙන් විශේෂනඩු කිහිපයක්ද ඉකුත් දිනවලදී කැකිරාව සෞඛ්‍ය වෛද්‍යවරයා විසින් අධීකරණයේ ගොනුකර තිබිණ.

මේ වනවිට එම නඩු විභාග වෙමින් ඇති පසුබිමක කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මෙලෙස මරණ තර්ජන එල්ලව තිබේ.

 

 



අදහස් (7)

කැකිරාව දොස්තරට මරණ තර්ජන

රම්බොඩ Tuesday, 16 July 2024 12:48 PM

මෙහෙම කට්ටියට නටන්න දුන්නොත් නම් කිසිම නිලධාරියකුට රාජකාරි කරන්න වෙන්නේ නෑ. පොලීසිය වහා ක්‍රියාත්මක වී මේ වඳුරු වසංගතය නිමක් කළාවි යැයි බලාපොරොත්තු වෙමු

:       0       96

Muthu Tuesday, 16 July 2024 12:53 PM

අවු 76 තිස්සේ රට හිඟමනට දාපු දේශපාලු රංචුවට සාප වේවා...මිනිස්සු මේ තරම් පහත වුණේ....උන්ව අන්ත හිඟමනට දාපු නිසා...රු 5000 - 10000 ට අම්ම අප්පා මරා දාන ගානට මිනිස්සු තිරිසන් වුණා.... උන් බිලියන ගණන් හොරා කාලා සුරසැප විඳිනවා...මිනිස්සු එක එකා මරා ගන්නවා..

:       13       66

ජයනාත් Tuesday, 16 July 2024 01:11 PM

ඔන්න ඕක තමයි රජයේ නිලධාරීන්ට රාජකාරි අකුරට ඉටු කරන්න තියෙන බාධාව.

:       0       71

Hafeel Tuesday, 16 July 2024 01:23 PM

ළඟදී ජනාධිපති රනිල් කියා තිබුණා පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාරයක් තවත් සිදු වෙන්න ඉඩ තියන්න නැහැ කියලා. ඔහු ජාතික ආරක්ෂාව තර කරාලු. අඩු තරමින් මේවා හරි පාලනය කරන්න බැරි නම්, වැඩක් නැහැ.

:       7       69

Citizener Tuesday, 16 July 2024 09:20 PM

මෙහෙම ගියොත් පාතාලයටම ගිය රටක් වේවි

:       0       1

KAHAWITA Wednesday, 17 July 2024 01:34 AM

ක්ලබ් වසන්ත මැරුවට පස්සේ හොරු දැන් නිකන් චන්ඩි වෙලා මොකද උන් දන්නවා සල්ලි විසි කරපු හැටිය කළු ඇඳ ගත්තු සුදු කට්ටිය ඕන තරම් කෙල හල හලා ඉන්නවා උන්ව බේරාගන්න කියලා

:       0       2

Tillak Wednesday, 17 July 2024 12:56 PM

ඕවට වැරදිකාරයො රට පාලනය කරපු අය තමයි

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයෝ 20ක් ආරක්ෂාව එපා කියති
2024 අගෝස්තු මස 23 850 0

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.


ඡන්ද නිසි කලට පවත්වන්න ඕනෑ බව හිටපු මැකෝ කියයි
2024 අගෝස්තු මස 23 465 0

මරණාධාර සමිතියක හරි පාසලක ආදි ශිෂ්‍ය සංගමයක හරි නැත්නම් වෘත්තිය සමිතියක මොන තත්වයක් යටතේ හරි නිලවරණය, ජන්ද විමසිම කල් දැමීම සාමාජිකයන්ගේ අයිතීන් යටප


ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට
2024 අගෝස්තු මස 23 1852 0

අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටි ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී අ


විජයදාස කාදිනල් හිමි අතර හමුවක්
2024 අගෝස්තු මස 23 465 0

ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට අද (23) පස්වරුවේ පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිම


රතඹලාඔය පිටාර ගැලීමෙන් කුඹුර අක්කර 300ක් විනාශයි
2024 අගෝස්තු මස 23 308 0

රතඹලාඔය පිටාර ගැලිමේන් අස්වැන්න නෙළිමට ආසන්න අක්කර 300 කට ආසන්න කුඹුරු යාය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව ගොවිහු පවසති.


දේශපාලන අරමුණු ඉටුකර ගන්න රට විරුවන් බිල්ලට අරන්
2024 අගෝස්තු මස 23 787 0

විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සූරා ගෙන පෞද්ගලික දේශපාලන අරමුණු ‘ජයගන්න’ ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 534 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 506 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 692 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

Our Group Site