IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට කැනඩාවේ බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු  මාක් කාර්නි පක්ෂ නායකයා ලෙස තෝරා ගැනුණි.

කැනඩා අග්‍රාමාත්‍යවරයා ලෙස වසර 9 ක් එම ධුරය හෙබවූයේත් පක්ෂයට නායකත්වය දුන්නේත් ජස්ටින් ටෲඩෝය. පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට පත්වීමෙන් අනතුරුව, ටෲඩෝ ට පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි විය.

පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම සිදුවූයේ ඒ අනුවය. කාර්නි කැනඩා පුරවැසිභාවයත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් ඇති අයෙකි. මොහු බ්‍රිතාන්‍ය මහ බැංකු අධිපති ලෙසත්, කැනඩා මහ බැංකු අධිපති ලෙසත් කටයුතු කර තිබේ.

කැනඩා මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙයි. ඊට ලිබරල් පක්ෂය මෙහෙයවීම මාක් කාර්නිට පැවරෙනු ඇත. ඊට අමතරව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ද කාර්නිට සිදුවෙයි.

(බීබීසී)



අදහස් (1)

කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි

රුවන් Monday, 10 March 2025 05:56 AM

සෙවනැලි ආණ්ඩුවට අනුව තමයි ලෝකය පාලනය වන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන
2025 මාර්තු මස 10 272 0

ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරට


ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් කටුනායකට
2025 මාර්තු මස 10 483 0

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් මහතා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ට පැමිණියේය .


උඩරට දුම්රිය 4ක් අවලංගුයි
2025 මාර්තු මස 10 377 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල සහ මහනුවර බදුල්ල අතර දුම්රිය හතරක් අද (10) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .


පොලිසියට අල්ලස් දෙන්න ගිය හරක් හොරා අත්අඩංගුවට
2025 මාර්තු මස 10 560 0

නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරින්ට අල්ලස් දීමට උත්සාහ කළ අඹුසැමි යුවළක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.


හෂිෂ් සමඟ පොලිස් කොස්තාපල් මාට්ටු
2025 මාර්තු මස 10 419 0

රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරයකු හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි .ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස


උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට
2025 මාර්තු මස 10 163 0

බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් නතර වූ දුම්රිය ධාවනය අද (10) උදෑසන සිට යළි යථා තත්වයට පත් කළ බව නාව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 42 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 548 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site