IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි

(පී.එම්. රාජපක්ෂ සහ චමිල් රූපසිංහ)

මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා  අනුමැතිය ලබා දුන්නේය.

මෙම ප්‍රාථමික විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තෙම්න්තුවේ ව්‍යුහ කමිටුව  ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දීම ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත.

මව්පියන්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබු යෝජනා රැසක්  සැලකිල්ලට ගනිමින් පළාත් දෙපාර්තමේන්තුව නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙම විද්‍යාලය 1939 එස්.ඩබ්ලිව්.ආරඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමිව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම් වලින් ද හදුන්වා ඇත.

මෙම පාසල කුණ්ඩසාලෙ අධ්‍යාපන කොට්ඨාසයේ  ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා විද්‍යාලයකි.

වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී  එහි කොටසක් ජලාශයට යටවී ඇත. පසුව   බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබිය.

වැසි යාමේ තර්ජනයට ලක් වූ මෙම විදුහල ‘ලගම පාසල හොදම’ පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේ දී ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය’ යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කළේය.

 



අදහස් (0)

කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහෝදා බෙන්තොට මත් සාදයක්
2024 ඔක්තෝබර් මස 17 48 0

බෙන්තොට ප්‍රදේශයේ නිවසකට එක් රැස්වී වප් පුර පොහෝ දිනය යෙදී තිබූ අද මත් ද්‍රව්‍ය භාවිතා කරමින් මිතුරු සාදයක් පවත්වමින් සිටි කාන්තාවක සහ පිරිමි එකොළොස


අපේක්ෂක වියදම් සීම පැනවෙයි
2024 ඔක්තෝබර් මස 17 92 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමි


ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
2024 ඔක්තෝබර් මස 17 371 0

මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.


තැපැල් ඡන්දෙට දින දෙයි
2024 ඔක්තෝබර් මස 17 86 0

පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මධ්‍යම අධිවේගයේ වැඩ ඉක්මනින් පටන් ගන්න යයි
2024 ඔක්තෝබර් මස 17 883 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් ස


රට පුරා හොර පාරේ යන ව්‍යාපාර 272ක්
2024 ඔක්තෝබර් මස 17 386 0

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 599 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1537 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site