IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනයේ දී සැකකාර ගුරුවරයා අතින් එම සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය.

පාසලේ ආදි සිසුන් සහ මවුපියන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මෙම විමර්ශනය පැවැත්වීය.

මේ සිද්ධියවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ය.

මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බවට මවුපියෝ පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට මෙයට පෙර පැමිණිලි කර සිටියහ.

ඒ අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරිනී කාංචනා සුබසිංහ, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරිනියන් වන චමීරා රාමනායක සහ ලක්මිණි ධර්මදාස යන මහත්මීහු මෙම විමර්ශනය කළහ.

විමර්ශන කණ්ඩායම අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියන්ගෙන්, ඔවුන්ගේ මවුපියන්ගෙන්, පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

සැකකාර ගුරුවරයා අවස්ථා කීපයකදීම පාසල් කාල වේලාවේදී සිසුවියන් සිවුදෙනා අපයෝජනයට ලක් කර ඇති බව පැහැදිලිව ම අනාවරණයවී ඇතැයි විමර්ශන වාර්තාවේ දැක්වේ.

මෙම ගුරුවරයා සේවය කරමින් සිටින පාසලේ රාජකාරි සඳහා වාර්තා කර නැති බව ද ඔහු සිටින තැනක් හෝ සොයා ගැනීමට නොහැකිවී ඇති බවද වාර්තා වේ.

නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් සැකකාර ගුරුවරයාගේ සේවය අත්හිටුවා ඇති අතර, පාසලේ විදුහල්පතිවරයා ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් වාර්තාවක් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට බාරදී ඇතැයි වාර්තා වේ.

අවිවාහක 56 වැනි වියෙහි පසුවන මෙම ගුරුවරයාට එරෙහිව මීට පෙර වැල්ලව ප්‍රදේශයේ පාසලකින් ද මෙවැනිම අපයෝජන චෝදනාවක් එල්ලවී තිබූ බවට කියති.

එම චෝදනාව සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (1)

කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු

දිමුත් Monday, 26 February 2024 03:28 PM

මීට පෙරත් චෝදනා එල්ල වුණු මේ ගැන නැවත සේවයට යොදවපු කෙනා ගැනත් විමර්ශනයක් කර ක්‍රියාමාර්ගයක් ගත යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 650 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 180 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 541 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site