IMG-LOGO

2025 පෙබරවාරි මස 26 වන බදාදා


කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ළහිරු හර්ෂණ සහ තිලකරත්න දිසානායක)

මිනුවන්ගොඩ  පත්තඩුවන ත්‍රීරෝද රථ ගාලක් අසලදී ත්‍රීරෝද රථ රියදුරකට නාඳුනන පුද්ගලයකු අද (26) වෙඩි තබා ඇතැයි මිනුවන්ගොඩ  ‍පොලිසිය කියයි

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ ,පත්තඩුවන පදිංචි කොටගම මුදියන්සේලාගේ ලහිරු රන්දීර් කාංචන නමැති 38 හැවිරිදි  ත්‍රීරෝද රථ රියදුරෙකි 

වෙඩි වැදුණු පුද්ගලයා පාතාලයෙකු වූ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනය ඉතාලියේ සිට සැලසුම් කළ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි

තුවාල ලද පුද්ගලයා අනෙකුත් ත්‍රීරෝද රථ රියදුරන් සමග කතාබස් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් පසු පැදිකරු කුඩා ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතිි බවත් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත


(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (12)

කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි

fairoos Wednesday, 26 February 2025 02:09 PM

මේක දුරදිග යන්න කලින් ඉවරයක් කරන්න ඕන

:       5       50

karolisWednesday, 26 February 2025 04:02 PM

ඕන පචයක් ගිලින හරක් 68 ලක්ෂයක් රවට්ටනවා වගේ ලේසියෙන් පාතාලේ පෝය දෙකෙන් ඉවර කරන්න බෑ නේද?

:       42       58

රම්බොඩ Wednesday, 26 February 2025 03:54 PM

පාතාල කණ්ඩායම් ඇන කොටාගන්න එක කවදත් සිද්ධ වුණා. එය ස්වාභාවික සංසිද්ධියක්. කර්මය ඵල දෙන්න ගියාම එහෙම වෙනවා. මෙවැනි අකුසල් කරන අයගෙ සසරම දුකක් ධර්මයට එනතුරු .

:       9       44

karolisWednesday, 26 February 2025 04:08 PM

එතකොට උන් හින්ද පැත්තක ඉන්න මිනිස්සුන්ට තියෙන වින්නැහිය? ඒකත් කර්ම ඵලද?

:       12       20

MDWednesday, 26 February 2025 05:03 PM

ඔබ කර්මඵල විශ්වාස කරනවා නම් කියන්න තියෙන්නේ පැත්තක අද හිටියට ඵ් අය සසරේ ඵක් අවස්ථාවක පොඩි හරි සපෝට් ඵකක් ළඟ ඉඳලා දෙන්න ඇති. අර මිද්දෙණිය දරුවන් දෙන්නා උදාහරණයක්. අඩු වයසින්ම ගියානේ. වරදවා හිතන්න එපා. ඒ දරුවන් ගැන කණගාටුයි. ඔවුන් සෑම දෙනාටම සසරින් එතෙර වන්නට භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය වහ වහා අවබෝධ වේවා...! කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි..!

:       4       24

ජයනාත් Wednesday, 26 February 2025 04:07 PM

මේක ෂුවර් එකටම දිගට ඇදෙනවා . දෙපැත්තම එක වගේ. ඉතාමත් සැලසුම් සහගතව ආරක්ෂක අංශවල අවධානය යොමු කරන්න.

:       3       25

Upul Attanayake Wednesday, 26 February 2025 04:08 PM

පිටිගල මිලාන්ගෙන් ඇහුවා නම් දන්නවා ඇති. ඌ නොදන්න බොහත් මල්ලක් නෑ.

:       2       22

Kumar Wednesday, 26 February 2025 04:33 PM

ඇයි භද්‍රානි.

:       2       17

මක්ස් Wednesday, 26 February 2025 05:28 PM

සෙනෙවිරත්න, අරවින්ද මොනරවිල, ගමේ එකාලා වැනි නම්වලින් පෙනී සිටිමින් ඩෝබි වැඩේ කරන උන්දැලාට නම් මෙවන් අකර තැබ්බයක් සසර පුරා නොවේවා..!

:       7       12

වත්සි Wednesday, 26 February 2025 05:32 PM

ජාතික ආරක්ෂාව තහවුරුයි වැනි කයිවාරුත්, එය උගෙන ගැනීමට බැංකු අරන් එන්න වැනි පුහු කතා කළ පුස්සනුත්, මෙවැනි සිදුවීම් හීන්සීරුවේ පරණ ආණ්ඩු පිට පැටවීමට යත්න දරන ජනපති ප්‍රමුඛ මාලිමා කාරයිනුත් නිරුත්තර කළ තවත් අපරාධයක්...!

:       11       16

රුවන් Wednesday, 26 February 2025 06:35 PM

කාටද මතක සොත්ති උපාලි අහක යන වලස්සු කුලප්පුව කරා.. අමරසිංහ පරම්පරාවේ අයව දඩයම් කරන්න ගිහින්. මට මතකයි 70 දශකයේ ඉඳන්ම ආරම්භ වුණු පාතාලය තවම තියෙනවා. හැබැයි ඒ දවස්වල මේ වගේ හැංගි හොරා වෙඩි තිබ්බේ නෑ. මූණට මූණම තමයි සටන් කරේ. ඒ කාලේ පාතාලය කිව්වාම දැන් වගේ චූටි ළාමකයෝ නෙමෙයි හිටියේ...!

:       0       3

බද්රානි Wednesday, 26 February 2025 08:25 PM

ඉතාලියේ ඉන්න ලංකාවේ මී ගවයින් ගැන නෙමේ, ලෝකේ තව ගොඩක් රටවල ඉන්න ලංකාවේ අම්බරුවන් ගැනත් මම හොඳට දන්නවා. අතීතයේ යමක් හරි හම්බකරගෙන එන්න පිටරටකට ගිය වැදගත් මිනිස්සු වෙනුවට, පසු කාලයේ ලංකාවේ දේශපාලකයින් ඔවුන්ගේ හෙන්චයියන්ව පිටරටවලට පැටෙව්වා. පාතාලයින් මෙන්ම පූජකයිනුත් ඒ හෙන්චයියන්ගේම කොටසක්.. තානාපති කාර්යාලත් එසේමයි. පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ව කොටවා දේශපාලකයින්ට ආවඩන ලාංකික රැලක් ඔවුන් නිර්මාණය කළා. ඉතාලිය, කොරියාව වැනි ලාංකික නූගතුන්ගෙන් පිරුණු රටවල් ගැන මම ආයේ අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ. දැන් ඔය ඉතාලියේ සිට මේ මිනීමැරුම මෙහෙය වූ පුද්ගලයා එරට වෙසෙන පිටිගල මිලානෝ වැනි ලාංකිකයින්ට වීරයෙක් වෙන්න ඇති... ඩුබායි කියන සුන්දර රටත් ලංකාවේ පාදඩයින් විනාශ කරමින් සිටිනවා. ඒ පාදඩයින් කාගේ වහල් හෙන්චයියන්ද කියලා හැමෝම දන්නවා ඇතිනේ... මොවුන් ගිය තැන විනාශයි..!!!

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමෙන් අයෙක් මරුට අඹුසැමි යුවලට බරපතල තුවාල
2025 පෙබරවාරි මස 26 145 0

ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය ක


මෝදි එක්ක දෙසුමකට රනිල් හෙට ඉන්දියාවට
2025 පෙබරවාරි මස 26 249 6

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි.


නැගෙනහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ නිවාඩු
2025 පෙබරවාරි මස 26 140 0

නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම


සංජීව මරන්න දින දෙකකට කලින් වෙඩික්කරු සහ ඉෂාරා විනෝදෙන් ඉඳලා
2025 පෙබරවාරි මස 26 1193 1

පාතාල ලෝකය දෙදරුම් කෑමට සමත් වූ ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැ


ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 26 428 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගත්තේ ය.


තරුණයාට පහරදුන් තුනක් අල්ලයි
2025 පෙබරවාරි මස 26 423 0

සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් ති


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 303 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 459 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 187 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site