(මනෝප්රිය ගුණසේකර)
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ඉන්දියානු සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු මෙම සිද්ධියට අදාළව එම මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයිද වාර්තාවේ.
සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් දිනයන් සහ වේලාවන් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් පදිංචි ස්ථානයන්ට ගොස් එම මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයිද වාර්තාවේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ රටට අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව සඳහන් කර නොතිබියදී එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන්නේ කුමන පදනමක් යටතේදැයි එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමක් පිළිගනිමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට දුන් අවසරයකට අනුව එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ කැබිනට් අමාත්‍යවරුන් රහස් පොලිසියට කැඳවා තිබිණී.
ඒ අනුව රහස් පොලිසිය හමුවේ පෙනී සිටි කැබිනට් අමාත්‍යවරුන්ගෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ, රටට අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව හෝ සඳහන් කර නොතිබියදී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද? යන්න පිළිබඳව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රිකාවට අවසර දුන්නේ කෙසේද? යන්න පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අමාත්‍යවරුන් 18 දෙනාගෙන් කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ඩග්ලස් දේවාවන්ද, හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, පුශ්පකුමාර, නසීර් අහමඩ් සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් රහස් පොලිසිය විසින් මීට පෙර අවස්ථා වලදී ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණී.
ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ වීමෙන් ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්
ජාත්‍යන්තර ’’FACETS Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආ
කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන
ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මා
මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කෙහෙලියගේ බෙහෙත් සීට්ටුවට අනුමැතිය දුන් හිටපු ජනපති, අගමැතිගෙන් ප්‍රකාශ
රටවැසියා Thursday, 02 January 2025 04:26 AM
ඒකනේ විරුද්ධ පක්ෂය නිතරම කියන්නෙ පලපුරුදු මන්ත්‍රීවරු නැතුව පාර්ලිමේන්තුවට පැමිණි විට රට අනතුරේ කියලා.
Supun chamara Thursday, 02 January 2025 06:30 AM
යකඩො පලපුරුදු සෙට් එක නේද. සාමාන්‍යයෙන් මෙයාලට වැරදි වෙන්නෙ නෑනෙ
පම්පෝරි ජනක Thursday, 02 January 2025 07:12 AM
හරි ශෝක් නේද ? මහත්හොරුන්ගේන් පුළුවන් දිනයක් ඉල්ලාගෙන ගෙදරටම ගිහින් ප්‍රකාශ සටහන් කරගන්න්වලු .
pj Thursday, 02 January 2025 07:27 AM
වැරැද්දට පන්ති භේදයකින් තොරව අදාළ අයට දඩුවම් දිය යුතුය.. කෝවිඩ් නොමැති කාලයකදී රටේ සහල් අතිරික්තයක් තිබිය දී ඒ ගැන විධිමත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවී ගුල්ලන් සහිත පරිභෝජනයට නුසුදුසු සහල් මෙරටට ආනයනයක් සිදුවීම සම්බන්ධයෙන් වර්තමාන කැබිනට් මණ්ඩලය ද දඩුවම් විදිය යුතුමය...
sam Thursday, 02 January 2025 08:20 AM
මුන් දෙන්නාත් ගානක් ගහගන්න ඇති
Perera Thursday, 02 January 2025 08:42 AM
මේ දෙන්නා ගාවට ගිහින් ප්‍රකාශ ගන්න මුන් අලි ලොකු සීන් එකේ.... මුන්ට වාහන ආරක්ෂකයෝ මහජන මුදලින් දීලා තියෙන්නේ ඔක්කොම
දීපාල් Thursday, 02 January 2025 08:51 AM
ඇයි ගෙදරට ගිහින් ප්‍රකාශ ගන්නෙ. අනිත් මිනිස්සුන්ගෙන් ප්‍රකාශ සටහන්කරගන්නෙත් ගෙදරට ගිහින්ද?.
Bunny Preena Thursday, 02 January 2025 09:13 AM
සාමූහික වගකීමට මොනවා වෙයිද?
අනුර සෙනෙවිරත්න Thursday, 02 January 2025 09:50 AM
ඔන්න කරන පළමු වැරැද්ද , ඇමරිකාවේ වත් හොරු රාජ්‍යය නිලධාරීන් ලගට ගෙන්වා ගන්නවා විනා. හොරු ලගට ගියේ නැත. මෙතන තමා අපිට අනුර ජනාධ්පති තුමාගේ නියෝජනයේ පොඩි වරදක්.මෙහෙම ගියොත් මහත්තයෝ මේකට සාධාරණය වන්නේ නැත .
Kazi Shajahan Thursday, 02 January 2025 10:45 AM
දැන් NPP ආණ්ඩුවත් ලොක්කෝ ළඟටම යනවාද කියලා ප්‍රකාශයක් දෙන්න. අද ඔහොම කලාම කොහොමද ස්ටේජ් වල කියපු කතා?
de silva Thursday, 02 January 2025 10:52 AM
මේ ගොල්ල දැන් සාමාන්‍ය මිනිස්සු කට උත්තර ගන්න CID එක ගෙදරට යන්න අවශ්‍ය නැහැ , අනුර ජනාධිපති තුමා මෙතන අවුලක් තිබෙනවා , "ඔක්කොම යාලුවෝ ,ඔක්කොම බොරු කාරයෝ මල්ලි " කියල හිතෙන්නේ මට විතරද ?
සෙනෙවිරත්න Thursday, 02 January 2025 11:12 AM
සහල් අතිරික්තයක් තිබෙනව නම් සහල් තියෙන්න එපායැ, තියාගෙන මොනව කරන්නද? අනෙක ගුල්ලො ගහපු හාල් ගෙන්වපු පළමුවන වතාවද? ඒක දැනගත්තම ආපහු යැව්වනේද? මතකද ලංකාවෙ තේ වළ කැරපොත්තෙක් හිටිය. තමුන්ල තමයි මේ වෙනසට එරෙහිව ගොන් කතා ගොතන්නෙ.
සෙනෙවිරත්න Thursday, 02 January 2025 11:14 AM
මුන් සී අයිඩියට එන්න තරම් නිහතමානි නොවන්නෙ සොරකමට අනුබල දුන් බැවින් සහ තියෙන මහන්තත්වයට නොගැලපෙන නිසාය. වහාම කුදලගෙන අත්අඩංගුවට ගන්න.සාමාන්‍ය අයට කරනව වගේ
fairoos Thursday, 02 January 2025 11:38 AM
මාසයක් දෙකක් ඇතුලත දාලා ගත්තොත් හොඳයි නේද
චින්තක Thursday, 02 January 2025 11:53 AM
"නිතිය කාටත් එකයි ", මේ ජනදිපතිගේ කටින් පිටවුනු වචනයි , එහෙනම් ගෙවල් වලට ගිහින් ප්‍රකාශ ලබාගන්න මේ මහල්ලන් දෙන්නට දෙපා අහිමිද
අරවින්ද මොනරවිල Thursday, 02 January 2025 12:21 PM
සී.අයි.ඩී එකේ මහත්වරුන් මීට පස්සෙ ගමේ හරමානිස් අයියාගේ ගෙදරටත් යා යුතුයි, කට උත්තරයක් ගන්න උනොත් එහෙම.
අරුන Thursday, 02 January 2025 01:56 PM
මීට වඩා බරපතළයි අගමැතිනිය, කතානායක ඇතුළු පිරිස සමස්ත ජාතියක් ව්‍යාජ උපාධීන් වලින් රවටමින් බලයට පැමිනීම.
randil dunuwille Thursday, 02 January 2025 03:47 PM
මිනිස්සු මැරුණාට මොකද නේද ඊට වඩා උපාධිය ගැන හොයන එක වටිනවා නේද?
vernon Thursday, 02 January 2025 03:48 PM
ඕනෑම රෝහලක අනිවාර්යයෙන් තිබිය යුතු බෙහෙත් ලැයිස්තුවක් තියෙන්න ඕන, ඒවා නැත්නම් බෙහෙත් හිඟයි තමයි. ඒක උග්‍ර හිඟයක්. රටේ ඒ කාලේ බේත් කොහොමද තිබ්බේ කියලා මිනිස්සු දන්නවා. අපරාදේ කවුරු හරි ලොක්කො ටිකක් පත් කරලා මාස ගාණක ලොකු අධ්‍යයනයක් කරලා බේත් හිඟයක් තියෙනවා කියලා සනාථ කර ගන්න තිබ්බේ.
Sharm Thursday, 02 January 2025 05:42 PM
එතකොට හොර බෙහෙත් වලින් මිනිස්සු මැරුණා ඇස් අන්ධ වුණා.. ඒවා ඔයාට සාමාන්‍ය දේවල්ද? පුන්නක්කු කෑවාට කමක් නෑ. ප්‍රසිද්ධියේ උම්බෑ ගාන්න එපා.
Marikkar Thursday, 02 January 2025 05:54 PM
අන් කිසිවකට පෙර, මේ දෙදෙනා අධිකරණ නියෝග ප්‍රසිද්ධියේ කඩකළ නිසා අධිකරණ තීන්දුවලට අනුව දඬුවම් ලැබිය යුතුයි...
විජිත් Thursday, 02 January 2025 07:13 PM
ආරක්ෂක ඇමැතිතුමනි, පොලිසිය බාර ඇමැතිතුමනි, මොන මගුලකටද මේ හොරු දෙන්නා ගාවට නිලධාරින් යවලා ප්‍රකාශ සටහන් කරගන්නේ? ඇයි මොවුන් තවමත් හිතාගෙන ඉන්නවද ඔවුන් නීතියටත් වඩා උඩින් ඉන්නේ කියලා? ගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි !!!
විජිත් Thursday, 02 January 2025 07:52 PM
ගරු ජනාධිපතිතුමනි, මේ පට්ට හොරු දෙන්නා "දෙවිවරුද" ? ඔවුන් ගාවට පොලිසියේ නිලධාරින් යවන්නේ කටඋත්තරයක් සටහන් කරගන්න... ඇයි ඔවුන්ගේ කකුල් කැඩිලාද? පොලිසියයි දිනයක් නියම කළ යුත්තේ !!! නැතුව ඔවුන්ට ඕන ඕන දවස්වලට නොවෙයි. එහෙම නැතිනම් රටේ සියලුම ජනතාවට ගැලපෙන ආකාරයට මෙය නීතියක් කරන්න. එතකොට පැමිණිලි සටහන් කරන්නේ චූදිතයාගේ ගෙදර? පොලිසියේ තවමත් රාජපක්ෂලාට වන්දනාමාන කරපු හොරු ඉන්නවද? යහපාලන කාලේ ශිරන්තිගෙන් ප්‍රකාශයක් ගන්න පොලිස් නිලධාරීන් ගෙදරට යවපු සිද්ධිය අපි තදින්ම විවේචනයකලා මට මතකයි. මේ රටේ ජනතාව විමසිල්ලෙන් ..