(රෝෂන් තුෂාර)
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම් තැබීමේ සිද්ධියට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කුරුඳු වත්ත පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රූපවාහිනි මාධ්‍ය ආයතන වලට අද (21) නියෝග කළේය.
හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
සිද්ධිය කැඳවූ අවස්ථාවේදී සැකකාර චමල් මහතා අධිකරණයේ පෙනී සිටි අතර කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් රූපවාහිනී ආයතන කීපයක් ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරය කළ දර්ශන ලබාදී ඇතත් සංස්කරණය නොකළ දර්ශන ලබාදී නොමැති බැවින් අදාළ දර්ශන ලබා දෙන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන නීතිපතිවරයා වෙත යොමු කර නීති උපදෙස් ලබා ගත යුතු බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සැකකරු වෙනුවෙන් නීතිඥ මර්වින් සිල්වා මහතා පෙනී සිටි අතර මෙම නඩුව දේශපාලන කාරණා පදනම් කරගෙන පවරා ඇති එබැවින් අදාළ වීඩියෝ දර්ශන නරඹා සිය සේවා දායකයා මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවන්නේ නම් සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව සඳහන් කළේය.
නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් හා අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත .
ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා නියෝග නිකුත් කරමින් නීතිපතිවරයාගේ උපදෙස් සහ වැඩිදුර විමර්ශන වාර්තා පෙබරවාරි 10 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අම
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයී
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි
මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්
මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෙහෙළියගේ මල්වඩම් සිද්ධියේ අමු දර්ශන උසාවිය ඉල්ලයි