(රෝෂන් තුෂාර)
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළාය.
සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළාය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මතසිටින සැකකරු අධිකරණයේ පෙනී සිටි අතර කුරුඳු වත්ත පොලිසිය සඳහන් කරසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බවය.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ මර්වින් සිල්වා මහතා කරුණු දක්වමින් , හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසිය සතුව ඇති බැවින් නීතිපතිවරයාගේ උපදෙසක් ලබා ගැනීම අවශ්‍යතාවයක් නොවන බවය .මෙම විමර්ශනය දේශපාලන කාරණා මත පදනම්ව සිදු කරන බවත් සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව කඩිනම් පියවර ගන්නා ලෙසට පොලිසියට නියෝග කළාය.
නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් හා අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත .
ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාගේ උපදෙස් සහ වැඩිදුර විමර්ශන වාර්තා මාර්තු 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට නීතිපති උපපදෙස් පතයි